One Punch Man [ S 02: E 01 & 02 ] Sinhala Subtitles බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා! ගොඩක් අය උපසිරසි එනකම් බලාගෙන හිටපු One Punch Man Season 2 සඳහා මේ විදිහට උපසිරසි ලබාදීම ආරම්භ කරනවා එහෙනම්. මුලින්ම මං හැමෝගෙන්ම සිදු වූ ප්‍රමාදය වෙනුවෙන් සමාව ඉල්ලනවා. ඇත්තටම මේ උපසිරසි ද…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා! ගොඩක් අය උපසිරසි එනකම් බලාගෙන හිටපු
One Punch Man Season 2 සඳහා මේ විදිහට උපසිරසි ලබාදීම ආරම්භ කරනවා එහෙනම්.
මුලින්ම මං හැමෝගෙන්ම සිදු වූ ප්‍රමාදය වෙනුවෙන් සමාව ඉල්ලනවා.
ඇත්තටම මේ උපසිරසි දැන් සෑහෙන්න ප්‍රමාද වෙලා තියෙන්නෙ.
තිබ්බ වැඩ එක්ක මේක කරගන්න මට වෙලාවක් ලැබුණෙ නෑ.
මාස කීපයක් මං උපසිරසිකරණයෙන් ඉවත්වෙලා හිටියෙ.
නමුත් මේක අතාරින්න අදහසක් නම් ඇත්තෙම නෑ.
ඒ තරම්ම උපසිරසිකරණයට ඇබ්බැහිවෙලා ඉන්නෙ.
අනික One Punch Man සඳහා සිංහල උපසිරසි දෙනකොට
මේ තියෙනවා වගෙ ප්‍රතිචාරයක් නම් මං කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ.
ඉතින් ඔයාලට ස්තූතිය… ❤️
වැල්වටාරම් ඇති. වැඩේට බහිමු එහෙනම්.
One Punch Man කියන්නෙ මේ වෙනකොට ලොවපුරා අතිශය ජනප්‍රිය වෙලා තියෙන ඇනිමේ කතා මාලාවක්.
දැන් මේකෙ Season 3ත් නුදුරු අනාගතයේදී අපිට බලාගන්න හැකියාව ලැබෙනවා.
ලොවපුරාම ඉන්න OPM රසිකයින් මේ වෙනකොට ඇඟිලි ගනිමින් ඉන්නෙ Season 3 නරඹන්න.
ඉතින් මීට කලිනුත් මං කිව්වා වගේ One Punch Man කියන්නෙ
මේ නමින්ම තියෙන මන්ගා එක මූලාශ්‍ර කරගෙන නිර්මාණය උන ඇනිමේ සීරීස් එකක්.
මන්ගා එක නිර්මාණය කරන්නෙ “One” සහ “යුසුකෙ මුරාතා” දෙපල විසින්.
One විසින් One Punch Man කතාව නිර්මාණය කරනකොට ඒක සිතුවමට නඟන්නෙ යුසුකෙ මුරාතා සෙන්සෙ විසින්.

One Punch Man නිර්මාපකයින් ” One සහ යුසුකෙ මුරාතා සෙන්සෙ “
One Punch Man මන්ගා එකේ ආසන්න වශයෙන් Volume 7ට එනකම් කතාව Season 1 තුළින් ආවරණය කරනවා.
ඒ විදිහට Season 1 නිර්මාණය කරන්නෙ ජනප්‍රිය ඇනිමේ ස්ටුඩියෝවක් වෙන MAD HOUSE ඇනිමේ ස්ටුඩියෝව විසින්.
නමුත් Season 2 නම් නිර්මාණය කරන්නෙ J.C. Staff කියන ස්ටුඩියෝව විසින්.
ස්ටුඩියො මාරුවුණා කියල කතාවෙ ගුණාත්මක බවට නම් හානියක් වෙලා නෑ හොඳේ.
Season 2 පළවෙනි එකටත් වඩා ගැම්මකින් බලන්න පුලුවන් කියල ඔන්න මං කියනවා.
මොකද Season 2 තුළ ලේ වැගිරීම් එක්ක සුපිරිම සටන් ටිකක් තියෙන නිසා.
ආයෙ ආතල්වලිනුත් අඩුවක් නෑ ඔන්න…

One Punch Man Manga
Season 01 තුළ මොකද උනේ කියල මං ආයෙ කියන්න ඕනෙ නෑනෙ. කට්ටියම දැන් බලලා ඇතිනෙ.
තාමත් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඔහොම්ම ගිහින් Season 01 බලාගෙන එන්න මාව විස්වාස කරලා.
මේක ආයෙ සුපිරිම ඇනිමේ සීරීස් එකක්. තමන්ගෙ ආතල් එක වෙනුවෙන් වීරයෙක් උනු “සයිතමා” මිනිස්සු වෙනුවෙන්
සටන් කරන විදිහ බලපු හැමෝම දන්නවනෙ. සයිතමාට තියෙන බලය කොච්චරද කියනවනම්
ඕනෙම විදිහක සතුරෙක් ඉවර කරන්න One Punch එකක් විතරයි ඕනෙ කරන්නෙ.ඒ නිසයි One Punch Man වෙන්නෙ.
හැබැයි ගොඩක් වෙලාවට මිනිස්සුන්ගෙන් පැසසුම් ලබන්න ඕනෙ සයිතමා ගැරහුම්වලට තමා ලක්වෙන්නෙ.
දුක තමා…
පෘථිවිය විනාස කරන්න ආපු “බොරෝස්,” සයිතමා අතින් පරාද වෙනවා.
ඒ දැවැන්ත සටනට පසුව තමයි Season 2 ආරම්භ වෙන්නෙ.
අමතක කරන්න එපා මහා අනාවැකි කියන්නිය වෙන “මදමේ ශිභාබවා” කරල තියෙන අනතුරු ඇඟවීම ගැන.
ඊළඟ මාස 6 ඇතුළත පෘථිවිය ගොඩක් බිහිසුණු තර්ජනයකට මුහුණ දෙනවා කියල ඇය ප්‍රකාශකරලා තියෙනවා.
ඒ වගේම Season 2 ගලාගෙන යන්නෙ “ගාරෝ” කියන චරිතය මූලික කරගෙන.
ගාරෝ
ඉතින් මේ ගාරෝ කියන්නෙ Class S හීරෝ කෙනෙක් වෙන සිල්වර්ෆෑන්ගෙ කලින් හිටපු ගෝලයෙක්.
ගාරෝ ටිකක් නොහොබිනා විදිහට හැසිරුණු නිසා සිල්වර්ෆෑන්
මෙයාව තමන්ගෙ ඩෝජෝ (සටන් පාසල) එකෙන් එලවලා දානවා.
අනික ගාරෝ තමයි සිල්වර්ෆෑන්ගෙ හොඳම ගෝලයා උනෙත්.
ඒ නිසා මේ ගාරෝ කිOයන්නෙ එසේමෙසේ චරිතයක් නෙමෙයි.
කොහොමත් මේ ගාරෝ ඉදිරියට සෑහෙන කලබැගෑනියක් කරන චරිතයක්. ඒ දේවල් ගැන අපි ඉදිරියට බලමු.
ඉතින් Season 2 තුළින් ගාරෝ කොහොමද කරළියට එන්නෙ කියල අපිට බලාගන්න පුලුවන්.
එහෙනම් මේ කොටස් දෙක බලලා ඉන්න.
3 සහ 4 කොටස් තුළින් හමුවෙමු.
“I became a hero for fun.”
One Punch Man,One Punch Man [ S 02: E 01 & 02 ] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,365 downloadsDownload One-Punch-Man-S02-E01-E02-Sinhala-Subtitles.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #one punch man season 2
- #one punch man season 2 sinhala sub
- #one punch man sinhala sub
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
kasun
Pavith Wijesooriya
සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
sameera de silva
thanks. vinland saga ekatath one bro
Pavith Wijesooriya
Vinland Saga එකට ඉදිරියේදි උපසිරසි දෙනවා සහෝ...
Tharindu
සුභ අලුත් අවුරුද්දක් වේවා!
Mekata sub denakan godak kal idan balan hitiyeBimsara Yashan(ඔලිව)
සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ!
ඒ වගේම සිංහල උපසිරැසියටත් බොහොම ස්තූතියි. ජයවේවා!Pavith Wijesooriya
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියෙ!!!
Akila Dilhara
Thanks for Sub...
Sadew
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ! මෙක එනකන් බලන් හිටියේ. ඉතුරු ටිකත් ඉක්මනින් අරන් එන්න.
MaaLiK
අඩෝ බං පට්ටම තෑන්ක්ස් ආ සීසං 1 එකේ සබ් දීලා තිබ්බට සීසං 2 කේ සබ් තිබ්බෙ නෑනේ.. ඒ හින්දා එපිය බාගෙන තිබ්බටඑච්චර කල් බැලුවෙ නෑ. උබට පිං පවිත් ඈ..
ආ ඔය වගේම තමා තාම Ricky Stanicky 2024 එකටත් සබ දාපං රිලීස් වෙලා තියෙන්නෙ ඒක දැං ;)
rushi
vinland saga ekatath sub genna barida
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![One Punch Man AKA Wanpanman [S02: E01 & E02] Sinhala Subtitles | අහිමිව ගිය ගරුත්වය… [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/One-Punch-Man-S01.jpg)



සුභ අලුත් අවුරුද්දක් වේවා ... thanks mchn