Watch Trailer

Outlander [S01 : E04] | සමෝධානය… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ හතරවන කොටස. පසුගිය කොටස වෙනුවෙන් අදහස් දැක් වූ සියල්ලන්ටම ස්තූතියි. මතක් කරලා ඉන්නම් පසුගිය කොටසේ දී සිදු වුනු දේවල්. ඉංග්‍රීසි ඔත්තුකාරියක් ලෙසට සැක කරන ක්ලෙයාර්ව කොලම් මැකැන්සී විසින් තවදුරටත් මාළිගයේ රඳවා තබා ගැනීමට තීරණය කරනවා. ඒ මාළිගයේ සුව කරන්නිය ලෙසට. කලි…

Outlander-3

මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ හතරවන කොටස. පසුගිය කොටස වෙනුවෙන් අදහස් දැක් වූ සියල්ලන්ටම ස්තූතියි. මතක් කරලා ඉන්නම් පසුගිය කොටසේ දී සිදු වුනු දේවල්. ඉංග්‍රීසි ඔත්තුකාරියක් ලෙසට සැක කරන ක්ලෙයාර්ව කොලම් මැකැන්සී විසින් තවදුරටත් මාළිගයේ රඳවා තබා ගැනීමට තීරණය කරනවා. ඒ මාළිගයේ සුව කරන්නිය ලෙසට. කලින් සිටි සුව කරන්නා විසින් ශල්‍යාගාරය ලෙස භාවිතා කළ කුටියම තමයි, ක්ලෙයාර්ටත් ලැබෙන්නේ. ඉතින් තමන්ට අත්විඳින්න වෙලා තියෙන අලුත්ම ක්‍රියාදාමය ක්ලෙයාර් ආරම්භ කරන්නේ, එම ශල්‍ය වෛද්‍ය කුටියේ ඇති අනවශ්‍යය සහ අවශ්‍යය බෙහෙත් කළමානාදිය වෙන් කරමින්. මේ සඳහා ඇය, තමන් ගැන ඔත්තු බැලීමට යොදවා ඇති දෙපළගේ සහයත් ලබාගන්නවා.

කොලම් මැකැන්සීගේ කුටියට පැමිණෙන ලෙසට ලැබෙන ආරාධනාව පිළි අරගෙන ඔහු හමුවට යන ක්ලෙයාර්ට යම් තාක් දුරකට කොලම් කියන්නේ මොන වගේ පුද්ගලයෙක්ද යන්න හඳුනාගන්න ලැබෙනවා. ඔහුගේ පාද වලට වැළඳී ඇති රෝගය සුව කළ නොහැකි එකක් බව ඇය වටහා ගෙන සිටියත්, කොලම්ගේ ඉල්ලීම පරිදි කරන සම්බාහන සත්කාරය හේතුවෙන් කොලම් යම්කිසි සුවයක් ලබනවා. ඒ නිසාවෙන් ඇයට ඔහු ආරාධනා කරනවා මාළිගයේ වන්දිභට්ටයාගේ වාදනයන් අසන්නට ඔහුගේ අමුත්තියක ලෙස පැමිණෙන ලෙසට. තම සහෝදරයා යම් කිසි සුවයක් ලැබූ නිසාවෙන් ඩූගල් විසින් ඒ පිළිබඳව ක්ලෙයාර්ගෙන් විමසනවා. තමන්ට සේවයක් කරන්නට හැකි වීම සම්බන්ධයෙන් සතුටු වන බව ඇය පැවසුවත්, ඩූගල් ඇයව විශ්වාස කරන්නේ නැහැ.

ඔසු උයනේදී ක්ලෙයාර්ට නැවත වාරයක් ගේලිස්ව මුණ ගැහෙනවා. ඇයගේ මාර්ගයෙන් ක්ලෙයාර්ට දැනගන්නට ලැබෙනවා ෆිට්ස් මහත්මියගේ බෑනනුවන් වන ටාමස්ට යක්ෂයෙක් ආරූඪ වී ඇති බවත්, බේන් පියතුමන් විසින් ඒ යක්ෂයා පළවා හරින්නට යාතුකර්මයක් කරන්නට උත්සහ කරන බවත්. ඒ අනුව ඔහුව බලන්නට යන ක්ලෙයාර් තමන් සතු වෛද්‍යය දැනුම යොදාගනිමින් ඔහුව පරීක්ෂා කර බලද්දී ඇය දැනගන්නවා ඔහුට විසක් කැවී ඇති බවක්. නමුත් බේන් පියතුමන් එයට එකඟ වන්නේ නැහැ. රෝගියාව බැඳ දමා යක්ෂයා පළවා හරින්නටයි ඔහු උත්සහ කළේ. නමුත් සැමගේ විරෝධය මධ්‍යයේ, ක්ලෙයාර්, ජෙමීගේද සහාය ඇතිව ඒ දරුවාට කැවී ඇති විෂ වර්ගය සොයාගෙන එම විෂ නැසීම සඳහා දරුවාට ප්‍රතිකාර කරනවා. ක්ලෙයාර්ගේ ප්‍රතිකාර නිසාවෙන් රෝගී තත්වය දරුවා තුළින් පහව ගියත් පියතුමන්ගෙන් ක්ලෙයාර්ට එල්ල වන්නේ දැඩි දෝෂාරෝපණයක්. කෙසේ වෙතත් මේ සුව කිරීම හේතු කොටගෙන ක්ලෙයාර්ට හැකි වෙනවා තවදුරටත් කොලම්ගේ හිත දිනාගන්නට. නමුත් ඇය සිතූ ලෙසට එයින් සිදු වූයේ ඇයට නැවත ඉන්වර්නර්ස් වලට යාමට අවසර ලැබීම නොව, ඒ වෙනුවට තව දුරටත් සුව කරන්නිය ලෙස මාළිගයේ රැඳී ඉන්නටයි.

සියලු බලාපොරොත්තු සුන් වී සිටි ක්ලෙයාර් නැවත වාරයක් ජෙමී සමඟින් වන්දිභට්ටයාගේ ගායනාවන් ඇසීමට සහභාගී වෙනවා. ඒ එක් ගායනාවකින් කියවෙන්නේ තමන්ට සිදු වූ දේම සිදු වූ තවත් එක් කාන්තාවක් ගැන බව ජෙමීගේ අර්ථ දැක්වීමට ඇහුම් කන් දෙන ක්ලෙයාර්ට තේරුම් යනවා. ඒ ගායනාවට අනුව ගල් කණු වළල්ලෙන් වෙනත් දේශයකට ගමන් කරන එකී කාන්තාව සෑහෙන කාලයක් එම දේශයේ ගතකොට නැවතත් එම ගල් කණු වළල්ල හරහාම තමා කලින් සිටි දේශයට පැමිණෙනවා. එය ඇසීමෙන් සුන් වූ බලාපොරොත්තු යළි ඇය තුළ දළු ලා වැඩෙනවා. ඒ අනුව ඇය තීරණය කරනවා මාළිගයෙන් පලා ගොස් නැවත ඒ ගල් කණු වළල්ල වෙත යන්නට. ඔය විදියට තමයි ගියවර කොටස හැඩ ගැසුනේ. බලන්න එහෙනම් එකී අරමුණ ඇයට මෙවර කොටසේදී ඉටු කරගන්නට හැකි වෙයිද කියලා….

Outlander (2014– ) on IMDb

 

 

248 MB කොපිය මෙතනින් බාගන්න

b02957c9cacf7abd40a0933b0b2bd8a1293de5d8

412 MB කොපිය මෙතනින් බාගන්න

d8dc8ce2f4f280a35088f83bdc5845581c98cd30

1.27 GB කොපිය මෙතනින් බාගන්න

a055f84f3c2e20e12a13edfa4c049fc1aab46541 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,007 downloadsDownload Outlander.S01E04.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                          All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

1,007 downloadsDownload Subtitles58 KB

21 comments

  1. චන්දිම අමරසිංහ

    ELA ELA ONNA BAWA thaz subapatum.

  2. Sisira Hegoda

    Hondatoma Parakkui Neda.But Thanks

  3. හර්ෂණ

    එල එල ආව නේ. නියම කතා සෙට් එකක්

  4. Kavinda

    Thnks But harima late Dan meke 7 kotasath yanwa kotas 3k passen thami Apeta labenne Pls kawru hari Help ekata aragena hari Tv seriouse ekata samanthrwa denna aneth TV seriouse denawa wage

    1. යශෝධ

      ස්තූතියි සහෝ අදහසට. මේ සතියේ, ඒ කියන්නේ එන ඉරිදා තමයි හත් වෙනි කොටස අපිට ලැබෙන්නේ. ඊට කලින් පස්වන සහ හයවන කොටස් වලට උපසිරැසි ලබාදෙන්න උපරිම උත්සාහ කරනවා. ජය..!

    2. Kavinda

      ok . thinks reply for me ..Go ahead

  5. sajeevi

    thanks

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. sonicboy

    thx macho,,,
    ikmanata anith kotas dekatath sub denna

  8. වරුණ රංගජිත් (වරූ)

    niyamai yashoda male niyamai...
    ikmanatama mekath banna oni
    danata sub 1 gaththa
    jaya wewa...!!!

  9. නලින්

    ස්තුතියි යශෝධ සහෝ!

    ජය වේවා.

  10. Kulanjana Maduranga

    niayamai…thanks YASHODA saho..sub ekata.. digatama sub demu.jaya wewa……

  11. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශොධ අයියේ. :-P
    වැඩ පාඩු නොකරගෙන හැකි විදිහට දෙමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  12. “චූටී මල්ලි”

    මමනම් කියන්නේ සබ් ලේට් වෙන එකට
    ඔයාට ගතු කියන එක අසාදරනයි
    මොකද ඔයා අපි වෙනුවෙන් අලි කට්ටක් කනවා
    ඒක දැනෙනවා
    සබට තුති
    ඔබට ජය..........

  13. Jamson

    Thanks dude... This is turning out to be a superb TV series

  14. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. chandana

    thanks saho mama godaak aasaawen balana kathaawak mEka

  17. අබා

    ස්තුතියි යශෝද උපසිරසියට......ජයවේවා...මේක අමුතුම කතාවක්...ගොඩාක් අසාවෙන් බලනවා අපි..

  18. tpst

    Thankyou mcn season 2th diyan....patta

  19. Viraj

    Thanks