Watch Trailer

Paatal Lok (2020-) [S01: E01] Sinhala Subtitles | ලේ හොල්ලන සෙල්ලමක ඇරඹුම [සිංහල උපසිරසි සමඟ] [18+]

“මේ ලෝකය තියෙනවනේ, ලෝකය බන්… මේක එකක් නෙමේ ලෝක තුනක්. ඔක්කොටම උඩින් තියෙනවා, “ස්වර්ග ලෝකය” දෙවියෝ ඉන්නේ අන්න එහෙ. මැද තියෙනවා, ‘භූමී ලෝකය’ අපි, මිනිස්සු ඉන්නේ එහෙ. එතකොට ඔක්කොටම යටින්, “පාතාල ලෝකය” පණුවෝ ඉන්න තැන. ඔන්න ඔය පණුවෝ කියන ජාතිය, ඉඳහිට භූමි ලෝකෙට ඇවිල්ලා, එහෙ ඉන්න මිනිස්සුන්ව හප කරලා දානව…

“මේ ලෝකය තියෙනවනේ,
ලෝකය බන්…
මේක එකක් නෙමේ ලෝක තුනක්.
ඔක්කොටම උඩින් තියෙනවා, “ස්වර්ග ලෝකය”
දෙවියෝ ඉන්නේ අන්න එහෙ.
මැද තියෙනවා, ‘භූමී ලෝකය’
අපි, මිනිස්සු ඉන්නේ එහෙ.
එතකොට ඔක්කොටම යටින්, “පාතාල ලෝකය”
පණුවෝ ඉන්න තැන.
ඔන්න ඔය පණුවෝ කියන ජාතිය, ඉඳහිට භූමි ලෝකෙට ඇවිල්ලා,
එහෙ ඉන්න මිනිස්සුන්ව හප කරලා දානවා.
ඔය හින්දා භූමිලෝකේ ප්‍රශ්න ඇතිවෙනවා
පොලිස්කාරයන්ගේ වැඩ ටික තියෙන්නේ,
ඊට පස්සේ!!!

ජමුනා පාලම..
රේස් එකට වගේ ඇදෙන වාහන දෙකක්..
එකකට එකක් පසු කර යන්න හදනවා වගේ.
ලෑල්ලට දාලා පාගපන්…
පාගපන් යකෝ..
ඉස්සරහ වාහනේ ඉන්නේ තරුණියක්,
තව තරුණයෝ තුන්දෙනෙක් එක්ක..
මොකක්ද මේ වෙන්නේ?
පස්සේ වාහනේ ඉන්නේ,
තුවක්කු අමෝරා ගත්තු මිනිස්සු කිහිපදෙනෙක්
හරියටම ජමුනා පාලම උඩදි එක වාහනයක් අනික හරස් කරනවා
එකෙක් එලියට පැනලා දුවනවා
එකෙක් ගල් ගිල්ලා වගේ
අනිකා අඬනවා..
පාලම උඩ එකම කලබගෑනියක්
ජබෝහ්!!!
ජමුනා ගඟට මොකක්දෝ වැටෙනවා ඇහෙනවා…

ගිය අවුරුද්දේ ආපු The Family Man අමතක නෑනේ? එතකොට සදා මතකයේ රැඳුනු Inside Edge, Breathe ඒ වගේම Mirzapur.. එතකොට තව…ආ The Forgotten Army. මේ හැම එකේම පොදු සාධකය මොකක්ද? ඒ තමයි Amazon Original එකක් වීම. ඉතින් ඔය කතාමාලා අරන් ආපු ඇමසන්ම තමයි Paatal Lok කතාමාලාවත් අපි හමුවට අරන් එන්නේ. ඉතින් ඊට එහා හිතන්න දෙයක් නෑනේ. මං කලිනුත් කියලා තියෙනවා වගේ Hindi Web Series සම්බන්ධයෙන් ඇමසන් මාවනම් Dissappont කරලම නෑ. මේ වතාවෙත් ඒකෙ කිසි වෙනසක් වුණේ නම් නැහැ. අතිශයෝක්තියක් නම් නෙමේ, බලපු අයම ඒ ගැන සාක්ෂි දරයි.

“මගේ, සිනමා නිර්මාණකරුවෙකුගේ හදවත ප්‍රීතියෙන් ඉපිලෙනවා.
මේ දැන් පාතාල් ලෝක් බලලා ඉවර වුණා විතරයි.
බොහෝ කාලෙකින් අපේ රටින් දැකපු හොඳම අපරාධමය කතාව මේක.
සමහරවිට ඒ හැමදාටම වෙන්නත් පුළුවන්
මේ තවත් එක උසස් ත්‍රාසජනක කතාවක් විතරක් නෙමේ.
මේ තමා හැබෑම ඉන්දියාව තේරුම්ගැනීම.
අනිවාර්යෙන්ම වෙනසක් කරන නිර්මාණයක්.’

මෙහෙම කියන්නේ වෙන කවුරුත් නෙමේ, Sacred Games කතා මාලාවේ අධ්‍යක්ෂකවරෙයෙක් වෙන අනුරාග් කාශ්‍යප් මහත්තයා. ඉතින් එයාම මේ ගැන මෙහෙම කියනවා නම් මේ කතාව කොහොම ඇතිද කියලා අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ මයේ හිතේ. ඊට අමතරව පාතාල් ලෝක් වෙනුවෙන් බොලිවුඩයෙන් ලැබෙන ප්‍රශංසා වල නම් නිමක් නැහැ. කතා මාලාව නිකුත් වෙලා තවම සතියක් වුනත් IMDb දර්ශකයේ ඡන්ද 21,000 ඉක්මවමින් 7.5ක අගයක මේ වෙද්දී රැඳී සිටිනවා. හැබැයි කතාවට එල්ලවෙන විරෝධයන්ගෙනුත් නිමාවක් නැහැ. කතාව බලනවා තියා හිතන්නවත් එපා කියලා twitter එක පුරාම එක එක රැලි දියත් වෙනවා. ඕවා ඉතින් ඉන්දියාවේ සුලබ දේවල් නේද?

කතාව නිෂ්පාදනය කරන්නේ කවුරුත් දන්නා සුපිරි නිලි අනුෂ්කා ශර්මා. රංගනයෙන් එකතු වෙන්නේ ජයදීප් අහල්වාත්, නීරජ් කාබී, අභිෂේක් බැනර්ජී, ගුල් පනාග් වගේ අය. නම් අහද්දී නුහුරු වුණාට බලද්දී තේරෙයි මේ අපි නිතර නිතර දකින ඈයෝ නොවැ කියලා. ඒ වගේම කතාවේ බොහොමයක් දර්ශන නිසා 18+ කතාවක් විදිහට මේක වර්ග කරලයි තියෙන්නේ. සමහර දර්ශන තියෙනවා බලන්න බැරි තරමේ මට්ටමේ ඒවා. ලේ මස් අනංමනං දර්ශන බලන්න බැරි අය පොඩ්ඩක් සලකලා බලන්න මේ ගැන. මොකද මේක Pure Original!!!

එහෙනම් මේ ආරාධනාව දින 9ක් පුරා අපිත් එක්ක එකතු වෙන්න කියලා. පාතාල ලෝකයත් එක්ක එකතු වෙන්න කියලා. කොටසින් කොටස කතාවට තියෙන ආසාව වැඩිවෙනවා මිසක් වෙන කිසිම බලපෑමක් වෙන්නේ නෑ. අන්තිම කොටසෙදි දකින දේවල් වලින්, මීටත් වඩා කතාවකින් දෙන්න පුළුවන් දෙයක් තියේද කියලා හිතෙයි. ඒ හින්දම මේ කතාවට අනිත් කතා වලට වඩා විශේෂ තැනක් මගේ හිතේ තියෙනවා, අනිවාර්යෙන්ම ඔබේ හිතෙත් ඒ ඉඩ වෙන්වෙයි. මේක බයිස්කෝප් අපේ කණ්ඩායම් වැඩක්. ඊළඟ කොටස අරන් එයි අපේ කවිෂල් මලයා. ගිහින් එන්නම්. එබෙන්න එහෙනම් පාතාල ලෝකයට.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,202 downloadsDownload Paatal-Lok-S01-E01.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

PHOENIX

Subtitles

6,202 downloadsDownload Subtitles22 KB

20 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Prabodha20

    STHUTHI OBATA

  3. Suranjan

    Thanks jayawewa....!

  4. Helili Hemamali

    අම්මො පාතාලෙ කතාව දීලා.

  5. Sohan Jayasooriya

    හම්මේ ඇති යන්තම්.. ස්තූතියි අයියේ සබ් එකට

  6. කවිශල් රසින්ත (කවී)

    හම්මේ දෙන්න පටන් අරගෙන...බලාගෙන හිටිය කාලය ඉවරයි එහෙනම්.. ලැබු ජය සාමකාමීව සමරන්න ඒනම්... සබ් එකට බොහොම ස්තූතියි මයුර අයියේ... ජය වේව..!!

  7. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    මේකට උපසිරැසි දෙනකල් බලා හිටියේ .! බොහොම ස්තුතියි මල්ලි .!

  8. Chandima Prasad

    thanks sub ekata..supiri web series ekak kiyala hithenawa lipiyenma..jayawewa..digatama sub tika denna.

  9. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  10. Achintha udayanga

    නෙට්ෆ්ලික්ස් වගේ වුණා නම් දෙපාරක් නොහිතා ආපහු හැරිලා යනවා
    ඇමසෝන් නිසාමයි බාන්නේ ඔන්න
    ලිපියයි බෝ වයි විශ්වාස කොරනව මේ වතාවටත්
    සබට තුති බන් !!

  11. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  12. Pasindu Madumal

    දෙන්න පටන් අරන්❤️
    සබට තුති මයූර අයියා..!

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...ඇම්සන් එකේ වැඩක්නම් මිස් කරගන්නෙම නෑ. අඩුම තරමේ ඩවුන්ලෝඩ් කරගෙන හරි තියාගන්නවා පස්සේ බලන්න...ජය වේවා..බුදුසරණයි...!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Dewadithya

    Thanks for sub!

  16. Kavinu

    ඔන්න අපිත් බලන්න පටන් ගත්තා!
    සබට තුති,
    ජය වේවා!

  17. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  18. lakshan

    thanks ...................

  19. H.M.Sasanka Virajith Herath

    Thanks Bro!

  20. vimukthi

    බොහොම ස්තූති සබට ! ජය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.