Watch Trailer

Solo Leveling [S02 : E04] Sinhala Subtitles | බලවත්ම දසවැන්නා [සිංහල උපසිරසි]

Solo Leveling Season 02 Sinhala Subtitles සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 4 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. අධික කාර්යබහුලත්වය නිසා මේ කොටසේ උපසිරැසිය අරන් එන්න වෙනදාට වඩා හුඟක් ප්‍රමාද වුනා. ඒ වගේම දැන්…

Solo Leveling Season 02 Sinhala Subtitles

සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 4 වෙනි කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. අධික කාර්යබහුලත්වය නිසා මේ කොටසේ උපසිරැසිය අරන් එන්න වෙනදාට වඩා හුඟක් ප්‍රමාද වුනා. ඒ වගේම දැන් Solo Leveling උපසිරැසියත් ප්‍රවේශමෙන් පරිවර්තනය කළ යුතු උපසිරැසියක් බවට ටිකෙන් ටික පත් වෙමින් තිබෙන බවක් තමයි පේන්නෙ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම් කෙටියෙන් මතක් කර ගනිමු.

අම්මාගේ අසනීපය සුව කර ගැනීම වෙනුවෙන් ජීවයේ අමෘතය ලබා ගැනීමේ ගමන ජින්වූ ආයෙත් අරඹනවා. විශේෂ යතුරකින් යක්ෂ බලකොටුවට යන පාර විවෘත කරගන්නා ජින්වූ මැජික් මෘගයින් සිය දහස් ගානක් එක්ක හැප්පෙනවා. ඒ විදිහට මේ ගමනෙන් හතරෙන් තුනක් පමණ අවසන් කරන ජින්වූ ජීවයේ අමෘතයට අවශ්‍ය අමුද්‍රව්‍ය තුනෙන් දෙකක් ලබා ගන්නවා. ඉදිරියට යන්න තවත් ශක්තිය වගේම තවත් දේවල් අවශ්‍යයි. ඒ ගමන තාවකාලිකව නතර කරන ජින්වූ, ඒ දේවල් ලබා ගන්න ජින්වූ තමන්ගේ සැබෑ නිලය, සැබෑ ශක්තිය සඟවන එක නතර කරන්න හිතාගන්නවා. ඒ වගේම තමන් ගැන මුළු ලෝකයටම හෙළි කරන්න හිතනවා. එහෙම කළොත් මොකක් වේවිද? ජින්වූගේ ගමනට තවත් පාරක් කැපේවිද? ඉදිරියට වෙන්නෙ මොකක්ද?

එහෙනම් නරඹන්න මේ කොටස. උපසිරැසිය ගැන ඔයාගෙ අදහසත් පහළින් කියන්න අමතක කරන්න එපා. මීළඟට Solo Leveling: Arise from the Shadow හි 5 වෙනි කොටසින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : I Need to Stop Faking
Released Date : 2025.01.25
IMDB Rating : 8.2

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,940 downloadsDownload Solo-Leveling-S02-E04-Sinhala-Subtitles.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Solo Leveling Season 02 Sinhala Subtitles

 

Nxt Season BT12All BT1Nxt Season BT12

 

Subtitles

4,940 downloadsDownload Subtitles17 KB

8 comments

  1. wishva prabath

    thnks for the sub bro

  2. Anonymous

    finally its here

  3. rage

    Thanks bro sub ekata jaya wewa

  4. Ranindu

    warrior season 3 sinhala sub plz

  5. Kusal

    Thanks for the sub....

    please solo leveling season02 EP 05

  6. Kusal

    Thanks for the sub bro....

    please solo leveling season02 EP 05

  7. Nethu

    Elaga sub ekath ekmanta one, thank you sub eka dunnata

  8. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.