Panchayat S03 Sinhala Subtitles බයිස්කෝප්වාසී හැමෝටම සුබ දවසක්. සමහර අයට රස වැටුනු, සමහර අය කම්මැලි ඇති කියලා මඟ ඇරපු සුපිරි ඉන්දියානු කතා මාලාවකට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව ලැබුනා. මීට කලින් මම මේ ගැන අහලා තිබුනට උපසිරසිය කරන්න ගන්නකම් මේ කතා මාලාව නරඹලා තිබුනේ නෑ. ඒත් උපසිරසිය කරලා ඉවර උන ගමන් මම…

Panchayat S03 Sinhala Subtitles

බයිස්කෝප්වාසී හැමෝටම සුබ දවසක්. සමහර අයට රස වැටුනු, සමහර අය කම්මැලි ඇති කියලා මඟ ඇරපු සුපිරි ඉන්දියානු කතා මාලාවකට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව ලැබුනා. මීට කලින් මම මේ ගැන අහලා තිබුනට උපසිරසිය කරන්න ගන්නකම් මේ කතා මාලාව නරඹලා තිබුනේ නෑ. ඒත් උපසිරසිය කරලා ඉවර උන ගමන් මම කලේ මුල් කතා මාලා දෙකම බාපු එකයි. ඒ ඇයි කියලා මෙච්චර කල් නරඹපු අයනම් ඒ ගැන හොඳටම දන්නවා ඇති. වැඩි කතා ඕන නෑ එහෙනම් අද කතාව පැත්තට යමු.

පුලේරාවලට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ගමේ පාර. දේශපාලකයොනම් ඡන්දේ කාලේට වාසි ගන්න ඒක හිඟන්නගේ තුවාලේ කරගෙන ඉන්නේ. සභාපතිතුමා ඇත්තටම පාර හදන්න හැදුවත් ඒත් මෙයාලට රජයෙන් සල්ලි පාස් කරගන්න විදියක් නෑ. ඒ ගැන කතා කරන්න රැස්වීමක් කැඳවුවම එතනට භූෂන් කඩාගෙන වැදිලා සභාපති කලින් කරපු මෝඩ වැඩක් ඇදලා අරන් කට්ටිය ඉස්සරහා හොඳටම බනිනවා. ඒ අස්සේ සුළු සේවකයෝ පඩි වැඩි කරන්න කියලා උද්ඝෝෂණයක් කරන්න පටන් අරගෙනත් තියෙනවා. සභාපතිතුමාට එරෙහිව භූෂන් ලොකු අංචියක් අදින්න සූදානම් වෙන බවත් අපිට පේන්න අරන් තියෙන්නේ. මේ දේවල් වලට අපේ ලේකම් මහත්තයා කොහොමද මූණ දෙන්නේ කියලා අද බලාගන්නකෝ.

එහෙනම් මම ගිහින් එන්නම්. ඊළඟ කොටස අපේ සහෝ කෙනෙක් අරගෙන එයි. ඒ වගේම මාව මේ කතාමාලාවට සම්බන්ධ කරගත්තට බිම්සර සහ මයුර සහෝලට බෙහෙවින් ස්තූති වෙන්න ඕන. ආපහු වාසනාවක් තිබුනොත් මේ වගේම හින්දි නිර්මාණයකින් නැවත හමුවෙමු. ජය වේවා!!! 

කතාංගයේ නම – “Atma Manthan”

කතා රචනය – Chandan Kumar

අධ්‍යක්ෂනය – Deepak Kumar Mishra

විකාශය වූ දිනය – 2024 මැයි 28

IMDb අගය – 8.3

මීළඟ කතාංගය – “Shanti Samjhauta”

Panchayat S03 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,964 downloadsDownload Panchayat-S03-E04-Sinhala-Subtitles.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

From S02 Sinhala Subtitles

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Panchayat S03 Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

1,964 downloadsDownload Subtitles17 KB

4 comments

  1. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. Naara

    thanks you sagoo❤️

  3. Anonymous

    Ithuru sub tikath ikmanata denna.sthuthii..

  4. Sahan Gayantha

    thanks a lot Yuran saho sub ekata