3 Body Problem [S01 : E06] Sinhala Subtitles එහෙනම් ඔන්න 3 Body Problem පලමු කතාමාලාවේ 6වෙනි කතාංගය අරගෙන ආවා. වඳින්න ගිය දේවාලය ඉහේ කඩන් වැටුනා වගේ කිව්වලු. අන්තිමේදි මිනිස් වර්ගයාගෙන් පලිගන්න හිතාගෙන මෙහෙට ගෙන්වපු ත්‍රෛදේහකයන්ට මිනිස්සු මොනවගේ ජාතියක්ද කියලා තේරුම් ගන්න වැඩිවෙලාවක් ගියා නැහැ. ඒ ත…

එහෙනම් ඔන්න 3 Body Problem පලමු කතාමාලාවේ 6වෙනි කතාංගය අරගෙන ආවා.
වඳින්න ගිය දේවාලය ඉහේ කඩන් වැටුනා වගේ කිව්වලු. අන්තිමේදි මිනිස් වර්ගයාගෙන් පලිගන්න හිතාගෙන
මෙහෙට ගෙන්වපු ත්‍රෛදේහකයන්ට මිනිස්සු මොනවගේ ජාතියක්ද කියලා තේරුම් ගන්න වැඩිවෙලාවක් ගියා නැහැ.
ඒ තේරුම් ගත්ත සැණින් කතාව උඩු යටිකුරු වුනා විතරක් නෙමේ, අපි හැමෝම අනාථ වුනා.
මොකද දැන් අපිට එයාලට විරුද්ධව කිසිදෙයක් කරන්න බැහැ, ඇත්තටම කරන්න පුළුවන් කළාට වැඩක් නැහැ.
මොකද මෙයාලා සෝෆෝන් වලින් ඒ හැමදෙයක්ම බලාගෙන ඉන්නේ.
දැනට කතාවේ දේවල් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.
මේ කතාවේ පිටසක්වලකට එරෙහිව මිනිස්සු කරන යුද්ධයක් පෙනුනට, ඇත්තටම මේකෙන් පෙන්වලා දෙන ගැඹුරු අර්ථය තමා,
මිනිස්සුන්ගේ චේතනා, හැසිරීම් රටා මොනවගේද කියන එක. අපි වාසිය තකා බොරු කියන ජාතියක්.
ඉතින් බොරු කියන, වංචා කරන, රවට්ටන ජාතියක් කොහෙත්ම වෙන කෙනෙකුට විශ්වාස කරන්න බැහැ.
මේක තවත් හොඳට පැහැදිලි වෙන තැනක් තමා Avengers: Age Of Ultron සිනමාපටයේ අල්ට්‍රෝන් ඉන්ටනෙට් එකේ ගතකරන සුළු වෙලාවෙන් තේරුම් ගන්නවා, මිනිස්සු කොයිතරම් විනාසකාරී, ආත්මාර්ථකාමී ජාතියක්ද කියලා.
ඒවගේ මේ San- Ti (ත්‍රෛදේහකයෝ) පෘථිවියට එවපු සෝෆෝන් ගැනත් පොඩ්ඩක් කියන්නම්.
මේවාට මේ මොහොතේ වෙන දේවල්, ඒ ක්ෂණයෙන් San- Ti ලට දැනුම් දෙන්න පුළුවන්.
මේ සෝෆෝන් කියන්නේ ඇත්තටම ප්‍රෝටෝන කියලා කිව්වනේ, ඉතින් එච්චර පොඩි ප්‍රෝටෝනයක්
මෙච්චර ලොකුවුනේ කොහොමද? මට ඔය ප්‍රශ්නය ඇතිවුනා, ඒකයි ඔයාලට පැහැදිලි කරලා දෙන්න හිතුවේ.
ඇත්තටම අපේ ත්‍රිමාණ ලෝකයේදි ප්‍රෝටෝනයක් පොඩියි තමා, මොකද ප්‍රෝටෝනයට මාන ගොඩක් තිබුනට
අපිට පේන්නේ තුනයිනේ.මේක හරියට දිග, පළල කියන මාන දෙක විතරක් පේන කෙනෙක්ට ගැඹුරු වලක
ගැඹුර පේන්නේ නැහැනේ. එයාට පෙන්නේ ඒකේ උඩ තියන රවුම් කොටස විතරයි, ඉතින් එයා හිතන්නේ
ඒ වල පොඩි දෙයක් කියලා.ඒවගේ අපි වඩා ඒ පිටසක්වල ජීවීන් දියුණුයි,
ඒනිසා එයාලට ප්‍රෝටෝනයේ සියළුම මාන පේනවා, ඉතින් ඒකේ ඇත්තම ප්‍රමාණය එයාලට පේනවා.
ඉතින් දැන් අපි දකින්නේ එයාලා අපිට පෙන්වන මායාවන් පමණයි, අපේ අනාගතය ඔවුන් ඩැහැගෙන අවසානයි.
අපි නිකන් යෝධ සපත්තුවකට යටවෙන්න යන කෘමියෙක් හා සමානයි, අපි තමා කෘමියෝ…
නමුත් මිනිස්සු කියන්නේ කවදාවත් උත්සාහය අත් නොහරින ජාතියක්, අපි මේකට මොනවා කරයිද?
පිටසක්වලයන්ට නොපෙනී දෙයක් කරන්න විදිහක් තියේවිද?
ඒ වෙනුවෙන් මිනිස්සුන්ට මොනවගේ කැපකිරීමක් කරන්නට වෙයිද?
3 Body Problem,3 Body Problem Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,417 downloadsDownload 3-Body-Problem-S01-E06.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
3 Body Problem Sinhala Subtitles
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
12 comments
Buddhika Lakmal
vilana
thanks for subtitle
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි .
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Sahan Gayantha
supiri.. thanks a lot brother sub ekata
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Ashen
Bro ithuru epi dekatath dennko
Ranga
ඉක්මනටම දෙනවා සහෝ..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයsahan malinga
Thank you-.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
chinthaka chathuranga
thanks machan
Advertisement
![3 Body Problem [S01 : E06] Sinhala Subtitles | ත්‍රෛදේහකයින් සොයා… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/05/Your-paragraph-text-4.jpg)



බොහෝම ස්තූතියි විමුක්ති සහෝ උපසිරැසියට
..............................