Watch Trailer

Panchayat [S03 : E08] Sinhala Subtitles | ෆුලේරාවේ අභිමානය [සිංහල උපසිරසි]

Panchayat S03 Sinhala Subtitles ඉතින් කොහොමද හැමෝටම? ලොවක් උමතු කරපු ඒ ඉන්දියන් කතාමාලාව Panchayat තෙවන කතාසමයේ අවසාන කතාංගය නරඹන දවස තමයි මේ ඇවිත් තියෙන්නේ. ඒ දවස එනකම් ගොඩක් අය බලන් හිටියා වගේම අදින් පස්සෙත් ආරම්භ වෙන්නේ ගොඩාක් දිග…. බලා සිටිමේ කාල පරිච්ඡේදයක් කියලත් අමතක කරන්න එපා. ඒ හතරවන කතා ස…

Panchayat S03 Sinhala Subtitles

ඉතින් කොහොමද හැමෝටම? ලොවක් උමතු කරපු ඒ ඉන්දියන් කතාමාලාව Panchayat තෙවන කතාසමයේ අවසාන කතාංගය නරඹන දවස තමයි මේ ඇවිත් තියෙන්නේ. ඒ දවස එනකම් ගොඩක් අය බලන් හිටියා වගේම අදින් පස්සෙත් ආරම්භ වෙන්නේ ගොඩාක් දිග…. බලා සිටිමේ කාල පරිච්ඡේදයක් කියලත් අමතක කරන්න එපා. ඒ හතරවන කතා සමය වෙනුවෙන්. බොහෝවිට ඒ හමුවීම සිද්ධ වෙන්නට ආසන්න වශයෙන් තවත් වසර 2ක් පමණ ගත වේවි. එතකල් මේ මතකයන් එක්ක ෆුලේරාවේ සැරිසරමින් ඉම්මු. හරි, අපි දැන් අවසන් කොටසටත් ආවා කිව්වනේ. කලින් කොටසේ මොකද වුණේ කියලා ටිකක් මතක් කරගෙන ඉමු බලන්න.

තවමත් ඇදිලා යන්නේ පරවියාගේ කතා වස්තුව තමයි. බම් බහදුර්ට තර්ජනය කරලා තමන්ගෙන් සමාව ගන්න තැනට වැඩ සිද්ධ කරගන්න විධායක් කරපු හැම උත්සහයක්ම මේ වෙද්දි වතුරේ ගිහින් තිබ්බා. ඉතින් වියරු වැටිලා හිටිය මේ මනුස්සයා හිතාගත්තා බම් බහදුර්ට හොඳ වැඩක් දෙන්න. ඒකට පිටගම්කාරයෝ ජෝඩුවකුත් අල්ලගෙනයි හිටියේ. ඔය අතරේ අනිත් පැත්තෙන් බම් බහදුර් හිතාගෙන හිටියේ තමන්ට වෙන්න තිබ්බ අන්තරාවල් අයින් වෙලාය කියලා. ඒ නිසා ඉස්සරහට බයෙන් ඉන්න ඕනත් නෑ කියලා මිනිහා සැනසුනා. ඒත් එක්කම කට්ටියට මතක ඇති කලින් කොටසෙදි පරණ යාලුවෙකුත් මුණගැහෙන්න හම්බ වුණා. ඒ තමා ලේකම්තුමා ෆුලේරා ආපු මුල්ම කාලෙදි ගමේ සිද්ධ වෙච්ච විවාහ මංගල්‍යයේ පුටුවකට ප්‍රශ්නයක් ඇති කරගත්තු මනමාල මහත්‍තයා. පරණ කෝන්තර තාම මනුස්සයගෙ හිතේ තියෙනවද නැද්ද කියලා බලපු අය දැනගන්න ඇති. මනුස්සයා මොකටද හදිසියේ ගමට පාත් වුණේ වගේම කතාව ඉස්සරහට යන්න යන්න එයාගෙන් තියෙන දායකත්වයත් මොන වගේද කියලා බලපු අයට මේ වෙද්දිත් තේරිලා ඇති. ඉතින් කලින් කොටසෙම දිගුවක් වෙන අද කොටසත් එක හුස්මට බලලා ඉමු.

විශේෂයෙන් ලිපිය ලියලා දුන්න මයුර මල්ලිව මේ වෙලාවේ ස්තූති පූර්වකව මතක් කරනවා. තවත් උපසිරසියකින් හමුවෙමු. සුභ දවසක් වේවා.

Panchayat S03 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,708 downloadsDownload Panchayat-S03-E08-Sinhala-Subtitles.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB MAKER RATING BY ADMINS

Previous BT1

All BT1Next BT1

Panchayat S03 Sinhala Subtitles

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

1,708 downloadsDownload Subtitles22 KB

15 comments

  1. lakmal

    thanks mekta sub dunna hamotama

  2. Anonymous

    හැමෝටම ස්තුතියි ❤❤

  3. Naara

    Thank you very much dawasa gaane mekata sub dunna hamotama❤️

  4. Anonymous

    බොහෝම ස්තුතියි සහෝදරි..
    ඊළඟ එකක් ආවම ඒකත් මේ වගේම දෙන්න.
    සබ් දුන්න හැමෝටම පට්ට ❤

  5. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. Anonymous

    thanks mcn

  7. rehan

    thanks mcn

  8. Anonymous

    බොහොම ස්තූතියි සහොදරී ... Jitendra Kumar ඉන්න Kota Factory series එකටත් සබ් දෙන්න පුළුවන්නම්

  9. isuru

    thanks okkomma episode walata ikmanin sub dunnata

  10. Sahan Gayantha

    thanks a lot sis sub ekata

  11. Anonymous

    කතාමාලාවට ඉක්මනින්ම සබ් දීපු සෙට් එකමට බොහොම ස්තූතියි.. ජය..

  12. mahesh

    පින් සිද්ධ වේවා සබ් දුන්න හැමෝටම

  13. Yk

    Sub ටිකට thanks ඔක්කොටම, Kota Factory series එකත් පුළුවන්නම් ඕනේ එකත් සුපිරිම tv series එකක්

  14. Anonymous

    series eka download krgnna puluwn kohenda guys?

    1. Nirmal Vimukthi

      අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ගන්න පුළුවන් සහෝ...