Panchayat S04 Sinhala Subtitles ආයුබෝවන්, ඔන්න අද එහෙනම් බොහෝ දෙනෙක් ආසාවෙන් බලා ගෙන හිටිය පංචායට් කතා මාලාවෙ හතර වෙනි කතා මාලාව පසුගිය දා එලි දැක්වූවා. ඉතිං මේක ගැන අමුතුවෙන් විස්තර කියන්න ඕනෙ නෑ. 2020 අප්‍රේල් තමයි මේකෙ මුල් කතා මාලාව එළියට ආවෙ. ඉන් පස්සෙ 2022 සහ 2024 වසර වල දෙවන හා තුන් වෙනි කතා…

ආයුබෝවන්, ඔන්න අද එහෙනම් බොහෝ දෙනෙක් ආසාවෙන් බලා ගෙන හිටිය පංචායට් කතා මාලාවෙ හතර වෙනි කතා මාලාව පසුගිය දා එලි දැක්වූවා. ඉතිං මේක ගැන අමුතුවෙන් විස්තර කියන්න ඕනෙ නෑ. 2020 අප්‍රේල් තමයි මේකෙ මුල් කතා මාලාව එළියට ආවෙ. ඉන් පස්සෙ 2022 සහ 2024 වසර වල දෙවන හා තුන් වෙනි කතා මාලා නිකුත් උනා. කතා මාලා තුනක්ම බලල පුලේරා ග්‍රාමයේ අස්සක් මුල්ලක් නෑර, ඒ වගේම එහෙ මිනිස්සු ගැන අපේ රසිකයො දැන් හොඳට දන්නවා. මුල ඉඳල බලනව නම් අවුකල් නෑ මේ කතා මාලා තුනටම බයිස්කෝප් එක උප සිරැසි සපයල තියෙනවා. ඉන්දියාවෙ ප්‍රමූඛතම රූපවාහිණී කතා මාලා නිශ්පාදකයින් වන TVF විසින් නිපදවන ලද වඩාත්ම ජනප්‍රිය රූපවාහිණී කතා මාලාව තමයි පංචායට්. මේ කතා මාලාවෙන් පස්සෙ මේ ආකාරයේම තවත් කතා මාලා රාශියක් බිහි වෙන්න ගත්තත් මේ සඳහා තිබුන ප්‍රසාදය අඩු උනේ නෑ මිනිස්සු ආශාවෙන් බලා ගෙන හිටියෙ හතර එන කල්. IMDB අගය දැක්කම හිතා ගන්න පුලුවන් මේ කතා මාලාව ගැන.

වැඩිය විස්තර කියන එක පැත්තකට දාල මේ කතාවෙ අග මුල සාරාංශය ටිකක් කියන්නම්. අභිශේක් නම් තරුණ ඉංජිනේරු උපාධිධාරියෙක් නගරයේ සිට පුලේරා නම් කුඩා දුෂ්කර ගමට එන්නෙ ඒකෙ පංචායට් (ගම් සභාව) එකේ ලේකම් හැටියට රැකියාව අරඹන්න.මේ තරුණයාගෙ අපේක්ෂාව එහෙ ඉන්න ගමන් පරිපාලන සේවා විභාග සම්පූර්ණ කරල ඉහල පෙළේ රැකියාවක් ලබා ගන්න. ඉතිං මේ නාඳුනන පුංචි ගමේ කාත් කවුරුත් නැතුව ජීවිතය ආරම්භ කරන ඔහුට විවිධාකාරයේ පුද්ගලයින් මුණ ගැහෙනවා. අපූරු සිද්ධි වලට මූණ දෙන්න සිදු වෙනවා. කොහොම උනත් ඔහුට හෘදයාංගම මිතුරන් කිහිප දෙනෙක් සිය රාජකාරිය තුල හමු වෙනවා. ඉතිං ඔහුට ගම දාල යන්න හිතෙයිද?
තුන් වෙනි කතා මාලාව මතක් කර ගත්තොත් අභිශේක් ඇතුළු ගමේ සභාපතිගෙ කණ්ඩායම මන්ත්‍රී සහ භූෂාන් හෙවත් බන්රාකස් අතුළු කණ්ඩායම සමග අතර විරසකය උග්‍ර වෙනවා. අවසානයේ සභාපතිට වෙඩි වදිනවා/ ඊට පස්සෙ ඇතිවන ගැටුමක් නිසා දෙපිරිසටම පොලිස් කූඩුවේ ලගින්න සිදු වෙනවා. දැන් දාගත්තු ලෙඩේ නිසා අභිශේක් රැකියාව අහිමෙ වෙයිද? ඔහුගෙ අනාගතයට ප්‍රශ්ණයක් වෙයිද? ඒ කුකුසත් සමග තමයි සිව් වෙනි කතා මාලාව ගලා ගෙන යන්නෙ.

ඉතිං මේ කතා මාලාවෙ විස්තර ඉදිරියෙදි කතා කරමු. අපි දිනපතා මේකෙ කොටස් අටේ උප සිරැසි ඔබට නිකුත් කරනවා. චන්දන් කුමාර් විසින් රචනා කොට දීපක් කුමාර් මිශ්‍රා විසින් අධ්‍යක්ශණය කරන ලද මේ කතා මාලාවෙ පහත ශිල්පීන් රඟපානවා.
එහෙනම් දෙවන කොටසින් හමු වෙමු
Panchayat S04 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,092 downloadsDownload Panchayat-S04E01.zip20 KB
ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
Panchayat S04 Sinhala Subtitles

Subtitles
8 comments
Chamath
lakmal
thanks saho sub denkan balan hitiye
indika 75
thanks..
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anonymous
බොහොම ස්තුතියි සහෝ. එනකං ආසාවෙන් හිටියෙ මේක. ජය වේවා...
Visal Ashintha
Thnx for the sub
Sahan Gayantha
Thanks a lot saho sub ekata
Vinusha R
Thank you very much for subtitle
Advertisement



Thank you brother ❤️