Watch Trailer

Peacemaker (2022-) [S01 : E04] Sinhala Subtitles | සත්‍ය සොයා යන ගමන [සිංහල උපසිරසි] [18+]

පසුගිය කොටස් වලින් ඉතිං මේ කතාමාලාව පටන් ගත්තෙ The Suicide Squad චිත්‍රපටයෙ අවසන් වුන තැනින්. ඒ කිව්වේ රෝහල්ගත වෙලා ඉන්න ක්‍රිස්ටෝෆර් ස්මිත් නොහොත් පීස්මේකර්ගෙන්. සනීප නිසා රෝහලෙන් පිටව ගියාට ස්මිත්ගෙ තැනට ක්ලෙම්සන් මර්න්, හා(ර්)කෝට්, ජෝන් එකෝනොමස් වගේම ඇමැන්ඩා වොලර්ගෙ දුව ලියෝටා ඇඩේබායෝ එහෙම ඇවිල්…

පසුගිය කොටස් වලින්

ඉතිං මේ කතාමාලාව පටන් ගත්තෙ The Suicide Squad චිත්‍රපටයෙ අවසන් වුන තැනින්. ඒ කිව්වේ රෝහල්ගත වෙලා ඉන්න ක්‍රිස්ටෝෆර් ස්මිත් නොහොත් පීස්මේකර්ගෙන්. සනීප නිසා රෝහලෙන් පිටව ගියාට ස්මිත්ගෙ තැනට ක්ලෙම්සන් මර්න්, හා(ර්)කෝට්, ජෝන් එකෝනොමස් වගේම ඇමැන්ඩා වොලර්ගෙ දුව ලියෝටා ඇඩේබායෝ එහෙම ඇවිල්ලා. කවුරුත්වම දන්නෙ නැහැ ලියෝටා කියන්නෙ ඇමැන්ඩාගෙ දුව කියලා. දණ්ඩ නියමය සම්පුර්ණ කරන්න ආයෙ වතාවක් බෙල් රීව් යනවා වෙනුවට රහසිගත මෙහෙයුමක වැඩ කරන්න කියන එකයි මර්න්ගෙ ඉල්ලීම වුනේ.

මෙහෙයුම තමයි ‘බටර්ෆ්ලයි ව්‍යාපෘතිය.’ තුන්වැනි කොටසේ අවසානය දක්වාම පීස්මේකර් දැනන් හිටියෙ නැහැ මේ කියන්නෙ මොන විදිහේ සත්ව ජාතියක්ද කියලා. මේ නිසාමයි උපසිරැසියේදී වුනත් මං සමනල්ලු කියන වචනය නොදා කෝඩ්නේම් එකට විතරක්ම සීමා වුනේ. පීස්මේකර් නොදැනම බටර්ෆ්ලයි ව්‍යාපෘතියෙ හිටිය කෙල්ලෙක් එයාට පහර දුන්නා. ඊටපස්සෙ තමයි සෙනෙටර් රෝයිලන්ඩ් ගොෆ් මරන්න යන්න පැවරෙන්නෙ. ඒ ගොෆ් කියන්නෙත් බටර්ෆ්ලයි කියලා තිබුණු සැකය නිසාම. මේ ගමනට පීස්මේකර්ගෙ යාලුවා ඒඩ්‍රියන් චේස් නොහොත් ‘වීජලෑන්ටි’ එහෙමත් එකතු වුනා.

ඒඩ්‍රියන් චේස් කිව්වම ටිකක් හුරුපුරුදු නමක් වෙන්න ඇති. මොකද Arrow කතාමාලාව ඔස්සේද වෙනස්ම මුහුණුවරකින් වීජලෑන්ටිගෙ චරිතය හදුන්වා දුන්නා. Peacemaker කතාමාලාව ඔස්සේ හදුන්වා දුන්නෙ කොමික් ඔස්සේ හදුන්වා දුන්න නියම වීජලෑන්ටිගෙ චරිතයමයි. හරියට ඩෙඩ්පූල් වගේම විනෝදෙට බර චරිතයක්.

කොහොමහරි සෙනෙටර් රෝයිලන්ඩ් ගොෆ් මරන්න ගිය අතරේ ටීම් එකට දැනගන්න ලැබෙනවා සෙනෙටර්ගෙ මුළු පවුලම බටර්ෆ්ලයිලා කියලා. මේ නිසාම පීස්මේකර්ට අණ ලැබෙන්නෙ ළමයි දෙන්නා ඇතුළුව මුළු පවුලම ඝාතනය කරන්න කියලා. ඒත් පීස්මේකර්ට ළමයි දැක්කට පස්සෙ හිත උණු වෙන්න පටන් අරං තිබුනා. මේ හින්දා ළමයි දෙන්නයි බිරිදටයි වෙඩිතියලා ඝාතනය කලේ වීජලෑන්ටි. ඒවගේම මේ අතරේ ජූඩෝමාස්ටර් කියන චරිතයත් විනාඩි කිහිපයකින් හදුන්වලා දුන්නා. මේ චරිතෙ Stargirl දෙවැනි කතාසමයෙ කැමියො එකක් විදිහට වගේම Batman: Soul of the Dragon ඇනිමේෂන් චිත්‍රපටයෙන්ද මීට කලින් දැකගන්න ලැබිලා තියෙනවා.

අවසානෙදි පීස්මේකර්ට අවස්ථාව ලැබෙනවා සෙනෙටර්ව මරලා දාන්න. ඒවගේම එයාලට මෙච්චර කාලයක් තිස්සේ හංගන් හිටිය බටර්ෆ්ලයි ව්‍යාපෘතිය කියන්නෙ මොන වගෙ දෙයක්ද කියලා දැකගන්න ලැබෙනවා වගේම මේ අය ආව වාහනේ මොනිටර් එකකින් දැකගන්න ලැබෙනවා මුළු ලෝකය පුරාවටම බටර්ෆ්ලයිගෙ බලපෑමට ලක් වෙලා තියෙන්නෙ කියලා.

අද කොටසින්

ඉතිං මුල් කොටස් තුනේදී වෙච්ච කරදර වලින් පස්සෙ මේ අය බටර්ෆ්ලයිලා ගැන එහෙම නැත්තම් සෙනෙටර් ගොෆ්ගෙ ඔලුවෙන් මතුවෙච්ච පිටසක්වල ජීවී සමනල් විශේෂය ගැන හොයන්න පටන් ගන්නවා. මේ අතරේ පීස්මේකර්ගෙ තාත්තා නිසා නිසා එයාට ලැබෙන්නෙ වැරදි අභාෂයක් කියලා හිතලා ඇඩේබායෝ, වීජලෑන්ටි එක්ක පිස්සුම වැඩකට මුල පුරනවා.

එහෙනම් ඉතිං පස්වැනි කොටසින් ලබන සතියෙදි මුණගැහෙමු.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,051 downloadsDownload Peacemaker-S01-E04.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

10,051 downloadsDownload Subtitles31 KB

17 comments

  1. Hasiya KG

    අඩේ මං එනකොටමයි සබ් එක දැම්මේ... එල එල සහෝ... පලවෙනියටම සබ බාන්න පුලුවන් වුනා... ලිලිපියටත් ස්තූතියි... ජය වේවා...❤️❤️❤️

  2. Anonymous

    Maru

  3. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Thilinda Randeera

    ස්තුතියි මචෝ දිගටම දෙන්න.

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Amila Konara

    අඩෙ පුලුවන්නම් 3% අන්තිම සීසන් එකටත් සබ් දෙනවද

  8. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි❤️

  9. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  10. Anonymous

    Thanks jayawewa....!

  11. Lahiru

    සබ් එකට තෑන්ක්ස්

  12. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  13. Bimbisha Adithya

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  14. ravidu ishan

    සබ්එකට Tnx Mchn ,,, ✌️✌️ ජය!!

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. Dewadithya

    Thanks for Sub!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P