Watch Trailer

Peacemaker (2022-) [S01 : E01-E02 & E03] Sinhala Subtitles | ප්‍රචණ්ඩකාරී සාමයේ සලකුණ [සිංහල උපසිරසි] [18+]

මේ වසරේදී නිකුත් වෙන මුල්ම කොමික් කතාමාලාව අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ. ඒකත් DC එකක්. නිකන්ම නිකන් DC එකක් නෙවෙයි ජනප්‍රිය නළුවෙක් නිරූපණය කරපු චරිතයක් යොදා ගනිමින් නිර්මාණය වුන මුල්ම DCEU කතාමාලාව. Suicide Squad චිත්‍රපටයෙ සොෆ්ට්-රීබූට් එකක් විදිහට තමයි The Suicide Squad චිත්‍රපටය නිර්මාණය වුනේ. මේක…

මේ වසරේදී නිකුත් වෙන මුල්ම කොමික් කතාමාලාව අරගෙන තමයි මේ මුණගැහෙන්නෙ. ඒකත් DC එකක්. නිකන්ම නිකන් DC එකක් නෙවෙයි ජනප්‍රිය නළුවෙක් නිරූපණය කරපු චරිතයක් යොදා ගනිමින් නිර්මාණය වුන මුල්ම DCEU කතාමාලාව.

Suicide Squad චිත්‍රපටයෙ සොෆ්ට්-රීබූට් එකක් විදිහට තමයි The Suicide Squad චිත්‍රපටය නිර්මාණය වුනේ. මේකට අලුත් චරිත රැසක්ම ප්‍රධාන පෙලේ නළු/නිලියන් එකතු කරගෙන ගොඩනැගුනා. එයින් එක් චරිතයක් තමයි ජෝන් සීනා නිරූපණය කරපු පීස්මේකර් කියන්නෙ. මෙකදී ඇමැන්ඩා පීස්මේකර් පාවිච්චි කරලා Task Force X කණ්ඩායම ගොඩ නැගුවත් මුල් Suicide Squad චිත්‍රපටයෙ තරම්වත් පුංචි මතක් කිරීමකින්වත් පීස්මේකර්ගෙ චරිතය ඇතුළු කිසිම චරිතයකට ලැබුනෙ නැහැ. අන්න ඒ අඩුව පුරවන්න දරපු උත්සහයක් විදිහට තමයි Peacemaker කතාමාලාව DCEU එකෙහි පළමු කතාමාලාව විදිහට මේ විදිහට අලුත් අවුරුද්දකම පටන් ගන්නෙ.

Peacemaker | කොමික් පසුබිම

1966 වසරේදී නිකුත් වූ Fightin’ 5 කොමික් කලාපයේ 40’වැනි මුද්‍රණය හරහා මුල්ම වරට මේ පීස්මේකර්ගෙ චරිතය නිරූපණය වෙන්නෙ. හැබැයි ඒ DC කොමික් නිර්මාණයක් විදිහට නම් නෙවෙයි, Charlton Comics යටතේ නිර්මාණය වූවක් විදිහට. මේ කොමික් මුද්‍රණයෙ රචනය ‘Joe Gill’ යටතේ සිදු වෙද්දී ‘Pat Boyette’ විසින් මෙහි සිතුවමට නැගීමේ කටයුතු සිදු කරලා තියෙනවා.

මේ කාලේ කියන්නෙ DC/Marvel අතරේ ලොකු තරගකාරිත්වයක් තිබුණු කාලයක්. ඉන් පස්සෙ 1967 වසරේ මාර්තු මාසයේදී නිකුත් වන Peacemaker පළමු මුද්‍රණය හරහා තමයි පීස්මේකර්ගෙ චරිතය මුල්ම වතාවට වෙනමම කොමික් නිර්මාණයක් හරහා දැකගන්න ලැබෙන්නෙ. ඔහොම කොමික් නිර්මාණය කරගෙන යද්දී Charlton Comics බංකොලොත් බාවයට පත් වෙද්දී DC Comics වලින් මේ අයට උදව් කරලා පස්සෙ කාලෙක චාල්ටන් කොමික් යටතේ තිබුණු චරිත සියල්ලක්ම වගෙ DC Comics යටතට යනවා.

ප්‍රධාන වශයෙන් මේ පීස්මේකර් චරිතයේ මුහුනුවරල් තුනකින් දැකගන්න ලැබෙනවා.

Christopher Smith

සුපිරි වීර බලය පාවිච්චි කරලා සාමය සුරකින්න ඕනම දෙයක් කරන සාමවාදී රාජදුතයෙක් කියලා ක‍්‍රිස්ටෝෆර් ස්මිත්ව හදුන්වන්න පුලුවන්. Checkmate, Suicide Squad වැනි කණ්ඩායම් ඒකක එකතු වෙලා ඔහු කටයුතු කරලා තියෙනවා. DCEU එකෙහි මුල්ම වතාවට දකින්න ලැබුණු පීස්මේකර් නොහොත් ක‍්‍රිස්ටෝෆර් ස්මිත්ගෙ චරිතය තමයි ජෝන් සීනා නිරූපණය කරන්නෙ.

Mitchell Black

මිචෙල් බ්ලැක්කියන්නෙ ශල්‍ය වෛද්‍යවරයෙක්. Pax ආයතනය හා ඇමරිකානු රජයේ අරමුදල් සැපයීමක් හරහා පිහිටවපු “Project Peacemaker” මිචෙල් බ්ලැක් කටයුතු කරලා තියෙනවා දකින්න ලැබෙන්නෙ The L.A.W. කියන මිනි-කොමික් කලාපය තුල. චාල්ටන් කොමික් වලින් පසු කාලීනව අයිතිය පැවරුණු නිසා මිචෙල් බ්ලැක් තවත් කණ්ඩායමක් සමග එකතු කරලා යුධ හමුදා ගොඩනැගිලි ඉලක්ක කරන බලගතු ජීවින් ගැන විමර්ශණය කරලා තියෙනවා.

නමුත් පසුකාලීනව Infinite Crisis හත්වැනි කොමික් මුද්‍රණය තුලදී ප්‍රොමිතියස්ගෙ අතින් මිචෙල් බ්ලැක් මිය ගිහිල්ලා තියෙනවා.

Unnamed Felon

ස්මිත්ගෙ නමත්, පීස්මේකර්ගෙ අනන්‍යතාවයටත් හිමිකම් කියූ වරදකරුවෙක් වී හිටිය හරියටම නමක් සදහන් නොවූ තවත් මුහුණුවරකින් ෆ්ලෑෂ්පොයින්ට් එකට පෙර සිදුවීම් තුලදී හා බලු බීට්ල් කොමික් තුළදීත් ඇතුලත් වෙලා තියෙනවා. මෙයත් ඕනම දෙයක් කරන්න ඝාතණය කරන්න සූදානම් කෙනෙක් වුනත් ක‍්‍රිස්ටෝෆර් ස්මිත්වගෙ හෙල්මට් එකක් දාපු කෙනෙක් නෙවෙයි.

Douchey Captain America

පරෙවියා කියන්නෙ සමහර කුරුල්ලන් වගෙ තරහින් ඉන්න, ප්‍රචණ්ඩකාරී කුරුළු විශේෂයෙක් නෙවෙයි. හරිම සාමාකාමීයි. මේ නිසාම පරෙවියාව සාමයෙ සලකුණ විදිහට හදුන්වනවා. පීස්මේකර් ගත්තොත් එයාගෙ යුනිෆෝම් එකෙත් වගේම පලිහ තුලත් පරෙවියෙක් දකින්න ලැබෙනවා. නිකන්ම නිකන් පරෙවියෙක් නෙවෙයි ඉහල ඉදන් කඩාගෙන වැටෙන, ලේ බිංදු ඉහිරුණු පරවියෙක්. මෙතනින් අදහස් කරන්නෙ සාමය කියන දේ හැල්ලුවට ලක් වෙලා තියෙද්දී සාමය උදා කරවන්න නරක විදිහෙන් හරි ඒ දේ කරනවා කියන අදහස.

ඒවගේම තමයි පීස්මේකර් කියන්නෙ මානසිකව අස්ථාවර, PTSD, මානසික උමතුව තියෙන චරිතයක්. මේකට හොදම උදාහරණය තමයි එයා නිතරම පලදින හෙල්මට් එක. සාමය සුරකින්න බාධාවක් වෙන පිරිමි, ගැහැණු ඕනෙම කෙනෙක්ව මරලා දාන චරිතයක් තමයි පීස්මේකර් කියන්නෙ. එයා විශ්වාස කරන විදිහට එයා මෙතෙක් මරලා දාපු අයගෙ ආත්මයන් එයා පලදින හෙල්මට් එකෙන් එකතු කරනවා වගේම තමන්ට උදව් ඕන වුන වෙලාවක හො අනතුරට ලක් වුන වෙලාවක ඒ ආත්මයන් තමන්ට මග පෙන්වනවා කියලයි විශ්වාස කරන්නෙ.

ජෝන් සීනා වුනත් පීස්මේකර්ව හදුන්වන්නෙ කැප්ටන් ඇමරිකාගෙ නරක මුහුණුවරක් ඒ කිව්වේ ‘Douchey Captain America’ විදිහට.

පීස්මේකර් කියන්නෙ මොන වගෙ චරිතයක්ද කියන එකට හොදම පිළිතුර මේ කතාව හරහා ලැබෙන නිසා මං තවත් ලොකුවට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

Peacemaker | කතාමාලාව

මෙතනින් පහල ලිපියෙ කියවෙන දේවල්වල වගේම මුල්ම කොටසේ මුල් තප්පර කිහිපය පුරාවට පීස්මේකර් චරිතයට අදාල ස්පොයිල් වෙන දේවල් තියෙන්න පුලුවන්. ඒ නිසා Peacemaker බලන්න කලින් අනිවාර්යෙන්ම The Suicide Squad චිත්‍රපටය බලලා ඉන්න.

කෙටියෙන් කිව්වොත් The Suicide Squad වලදී පීස්මේකර් මැරිලා ගියා ප්‍රධාන මෙහෙයුම සිද්දවෙන අතරේ ඇමැන්ඩා පවරපු රහසිගත මෙහෙයුමක් කරගෙන යන අතරේ මේ ගැන කණ්ඩායමේ අනික් අයට අහු වුන වෙලාවක. මතකනෙ හුගාක් සියුම් උණ්ඩයකින් වෙඩි තියලා පීස්මේකර්ව මරලා දැම්මේ බ්ලඩ්සපෝ(ර්)ට්. ඒත් චිත්‍රපටයට දීලා තිබුණු පසු දර්ශන බැලුවා නම් මේ දෙකෙන් එකක පෙන්නුවා ඒත් පීස්මේකර් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඒ වෙලාවේ පෙන්නපු කට්ටියයි, පීස්මේකර් ප්‍රධාන වශයෙන් එකතු වෙලා තමයි මේ කතාමාලාව ඇතුලෙ ගොඩනැගිලා තියෙන්නෙ.

මේ කතාමාලාවේ කොටස් අටක් රචනයෙන් වගේම අධ්‍යක්ෂණය වෙලා තියෙන්නෙත් The Suicide Squad සිනමා අධ්‍යක්ෂක James Gunn විසින්මයි. IMDb අගය 8.4/10ක් හා Rotten Tomatoes අගය 94%ක් ලබා ගන්නත් මේ වෙද්දී සමත් වෙලා තියෙනවා. ප්‍රධාන රංගනයෙන් John Cena, Steve Agee, Danielle Brooks, Robert Patrick, Jennifer Holland, Freddie Stroma, Chukwudi Iwuji සම්බන්ධ වෙද්දී සුපුරුදු HBO Max කතාමාලාවක් විදිහට මුල් කොටස් තුනම එකවර විකාශය කිරීමක් ජනවාරි 13 වැනිදා සිදු කලේ ඉතිරි කොටස් පහ පෙබරවාරි 17 වැනිදා විකාශයෙන් අවසන් කරන්නයි. The Suicide Squad චිත්‍රපටය R-rated වුනා වගේම මේ කතාමාලාවේ ඇතුලෙ භාවිතා වන වචන හා දකින්න ලැබෙන දර්ශනවල ප්‍රචණ්ඩකාරී බව, වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන ඇතුලත් වන නිසාම R-rated වර්ගීකරණයක් ලැබිලා තියෙනවා. එක් කොටසක් විනාඩි 45ක් අතර කාල පරාසයකින් ධාවනය වනවා.

එහෙම නම් ඉතිං බලන්නකො කතාවේ තත්වේ හොදයිද කියලා. හතරවැනි කොටසින් ලබන සතියෙ හැකි විදිහට මුණගැහෙන්නම්.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,702 downloadsDownload Peacemaker-S01-E01-E02-E03.zip77 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

11,702 downloadsDownload Subtitles77 KB

28 comments

  1. Anonymous

    මේක දෙනකම් බලාගෙන හිටියේ
    බොහොම ස්තූතියි සහෝ

  2. Sam

    සුපිරියි...දෙනකන් බලන් හිටියේ...

  3. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ❀

  4. Udara Damith

    ඩිස්
    එළ

  5. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. Sachintha

    thanks
    Sub denaekak naa kiyala hithuwe

  8. Anonymous

    Thanks jayawewa.....!

  9. janitha

    ❤️Thank you bro. Keep it up

  10. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  12. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  13. Anonymous

    අඩේ සබ් දෙන්නෑ කියලා හිතුවේ සහෝ... එල එල දිගටම යමු... අනික් dc tv shie ටිකටත් පුලුවන්නම් සබ් ගේමු...

  14. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  15. විමා

    සබට තුති බන්,
    පට්ට ආතල්!

  16. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  17. Anonymous

    Thanks

  18. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියි...දිගටම සබ් කරගෙන යමු... ජය...

  19. Thilanka Dissanayake

    thankss

  20. Bimbisha Adithya

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  21. Dinuja

    Bro rick and morty sinhala sub dennak

  22. lakshan

    thanks ....................

  23. viraj

    thanks......

  24. ravidu ishan

    සබ්එකට Tnx Mchn,, ✌️✌️.. ජය!!

  25. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  26. Dewadithya

    Thanks for Sub!

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Anonymous

    Video ek ganne කොහොමද ?