කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 250,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.8ට කරකවපු, ලොව පුරා ගූගල් පරිශිලකයන් 96%ක් කැමත්ත දක්වපු, සම්මාන 34කට නිර්දේශ වෙලා ඒවගෙන් 15ක්ම තමන්ගේ සන්තකයට ගන්න සමත් උන සුපිරිම කතාමාලාවක් තමයි Peaky Blinders කියන්නේ. ඔන්න එහෙනම්…

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 250,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.8ට කරකවපු, ලොව පුරා ගූගල් පරිශිලකයන් 96%ක් කැමත්ත දක්වපු, සම්මාන 34කට නිර්දේශ වෙලා ඒවගෙන් 15ක්ම තමන්ගේ සන්තකයට ගන්න සමත් උන සුපිරිම කතාමාලාවක් තමයි Peaky Blinders කියන්නේ. ඔන්න එහෙනම් 03 වෙනි කතාමාලාවත් බලලා කුල්මත් වෙලා ඉන්න හැමෝම අද ඉදලා එක දිගට මාත් එක්ක 04 වෙනි කතාමාලාව බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. විශේශයෙන්ම 04 වෙනි කතාමාලාව උපසිරැසි ගන්වන්න මට භාරදුන්න අපේ විමා සහෝට බොහෝම ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. එහෙනම් අපි පසුගිය කතා සමය පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
03 වෙනි කතා සමයෙන් . . .
මේ පාරත් ටොමීට අකරතැබ්බ වලටමනේ මුහුණ දෙන්න උනේ, ටොමී, ග්‍රේස්ව විවාහ කරගෙන එයාලගේ දරුවා චාල්ස් එක්ක සතුටින් ඉන්නවා. ඒ අස්සේ ටොමී හම්බෙන්න එන රුසියානු වංශාධිපති පිරිසකට එයාලගේ යුද්ධ වලට අවශ්‍ය රථ වගයක් ටොමී ලව්වා හොරකම් කර ගන්න උවමනා වෙනවා. මේවා හොරකම් කරන්න ගිහින් ටොමීට පැටලෙන්න වෙන්නේ එසේ මෙසේ කට්ටියකට නෙමෙයි. ඒ අතරතුර ටොමීට තියෙන කරදර අස්සේ ජෝන් ඉතාලී කල්ලියක් එක්ක දා ගන්න ආරවුලක් නිසා අන්තිමේදී ජීවිතෙන් වන්දි ගෙවන්න උනේ ග්‍රේස්ටයි. ටොමී තමන්ගේ පලිය ගත්තත් ග්‍රේස්ගේ මරණයෙන් පස්සේ ටොමී සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම තමන්ගේ කල්ලියෙ කෙනෙක් පිටතට ඔත්තු දෙනවා කියලා ටොමීට තේරෙනවා වගේම අන්තිමට බලද්දි ඒ වැඩේ කරන්නේ හීනෙකින්වත් නොහිතපු කෙනෙක්. හැමෝටම ද්‍රෝහී වෙන හියුස් පූජක තුමා ටොමීගේ පුතාව පැහැරගෙන ටොමීව අල්ලේ නටවන්න හදනවා. කොහොමහරි මයිකල් හියුස්ව මරලා චාල්ස්ව බේරගන්නවා. අන්තිමට කොහොමින් හරි ටොමීගේ වැඩක් නිසා ජෝන්, ආතර්, මයිකල්, සහ පොලී හිරේ විලංගුවේ වැටිලා තමයි තුන්වෙනි කතාමාලාව අවසාන උනේ.
අද කොටසින් . . .
හිරේ ඉන්න අයිය මලෝ දෙපලටයි, මයිකල් සහ පොලීටයි මරණ දඩුවම නියම කෙරෙනවා. ටොමීට එයාලව බේරගන්නත සැලස්මක් තියෙන බවක් තමයි පේන්නේ. මෙයාල කරපු වැඩක් නිසා ඇමරිකාවේ හිටපු කෙනෙක් ටොමීගේ පවුලේ අය හොයාගෙන හතුරෙක් වෙලා ආපහු එනවා. ඒ එන්නෙත් ලේසි පහසු කෙනෙක් නෙමෙයි, සිසිලියානු මාෆියා සංවිධානයේ පුද්ගලයෙක්, ඒ එන්නේ ෂෙල්බි කියන නම බර්මිංහැම් වලින් අතුගාලම දාන්න බලාගෙනයි, කවුද මේ අළුත් හතුරා ? එයා ඇයි ෂෙල්බි පවුලත් එක්ක මෙච්ච්ර වෛරයකින් ඉන්නේ ? හිරේ ගිය අයට මොනවා වෙයිද ? ටොමී එයාලව බේරගන්න මොනවගේ දෙයක් කරයිද ? ටොමී, මාෆියා සංවිධානයත් එක්ක කොහොම හැප්පෙයිද ? ඉක්මන්ටම බාගෙන ඒ ටික බලන්නකෝ එහෙනම්. අද කතාවට සිසිලියානු මාෆියා සංවිධානය සම්බන්ධවෙන නිසා ඒ ගැන පොඩි විස්තරයක් දාලා තියෙනවා කැමතිනම් කියවලා බලන්න.
සිසිලියානු මාෆියාව (The Sicilian Mafia)
ඔයාලා හැමෝම “මාෆියා” කියන වචනය අහලා ඇති නේද, චිත්‍රපට, නවකතා, රූපවාහීනී කතාමාලා වගේ ගොඩක් දේවල්වලට ප්‍රබන්ධ ලෙස මේ මාෆියාව සම්බන්ධකරගෙන තියෙනවා. ඇත්තටම මේ මාෆියා කියලා කියන්නේ අතිශය බිහිසුණු අපරාධ සංවිධානයක්. සිසිලියානු මාෆියාව (The Sicilian Mafia)එහෙමත් නැතිනම් මාෆියා ලෙස මුළු ලෝකයේම අණසක පතුරවපු මෙම සංවිධානය 19 වන සියවසේ ඉතාලියේ විශාලතම දූපත වන සිසිලි දූපතෙහි ආරම්භ වූවකි. මෙම සංවිධානයේ සමාජිකයන් Cosa Nostra ලෙසත් හදුන්වලා තියෙනවා. මේ සංවිධානයේ මූලීක තේමාව වනුයේ පක්ෂපාතිත්වය, ගෞරවය සහ ධෛර්යයි. මෙම අපරාධ කල්ලියට පොදු සංවිධාන ව්‍යුහයක් හා චර්යාධර්ම පද්ධතියක් පවා තිබෙනවා. මූලීක කණ්ඩායම පවුලක්,වංශයක් හෝ කොස්කා ලෙස හඳුන්වලා තිබෙන අතර මෙහි සාමාජිකයන් අතර දැඩි එකමුතුවක් ඇති අතර ඔවුන්ව පාවා දෙන අයෙකුට අති බිහිසුණු මරණයක් උරුමකර දීමට මොවුන් පසුබට වෙන්නේ නෑ. මොවුන්ට ගොදුරු වෙන පුද්ගලයන්ව ඝාතනය කිරීමට පෙර ඔවුන්ට කළු හස්තයක මුද්‍රාවක් (Black Hand) ලබා දීම මගින් මගින් ඔහුව දැනුවත් කරනවා. මේ සංවිධානයේ ජනප්‍රියම ආයුධය වන්නේ සත්ව අඟකින් සදාගත් කෙටි පිහිතලයි. එයින් ඔවුන්ගේ සතුරගේ හදවතට ඇන ක්ෂනික මරණයක් ලබාදීමට මොවුන් සමත් කම් දක්වනවා. නමුත් අදවන විට ඉතා ප්‍රබල සංවිධානයක් බවට පත්වී තිබෙන මේ මාෆියා සංවිධානය අති නවීන අවි ආයුධ වලින් සන්නද්ධවෙනවා. මාෆියා සංවිධානයේ මූලික ක්‍රියාකාරකම් වනුයේ ආරක්ෂන ජාවාරම් කිරීම, අපරාධකරුවන් අතර ආරවුල් බේරුම් කිරීම සහ නීති විරෝධී ගිවිසුම් හා ගනුදෙනු සංවිධානය කිරීම සහ අධීක්ෂණය කිරීමයි. 20වන සියවස වන විට සිසිලියේ සිට මුළු යුරෝපය පුරාම පුළුල් ලෙස සංක්‍රමණය වීමෙන් පසුව අද වන විට මෙම සංවිධානය උතුරු හා දකුණු ඇමරිකාවේ වෙනත් රටවල ප්‍රබල ලෙස තම අණසක පැතිර වීමට සමත් වෙලා තියෙනවා.

මාෆියා සංවිධානයේ ලාංඡනය
ලිපිය දිග වැඩි කියලා බනින්නනම් එපා ඕං. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලගේ අදහසුත් පහලින් කොටාගෙන යන්න. නැවත් වතාවක් අපේ අශාන් විමුක්ති සහෝව ආදරයෙන් මතක කරනවා.මීළඟ කොටසින් නැවත් හමුවෙමු. ඔයාලා පරිස්සමින් ඉන්න.
අද කතාංගයේ නම – The Noose
කතා රචනය – Steven Knight
අධ්‍යක්ෂනය – David Caffrey
විකාශය වූ දිනය – නොවැම්බර් 15, 2017
IMDb අගය – 9.5
මීළඟ කතාංගය – Heathens

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
30,992 downloadsDownload Peaky.Blinders.S04E01.Baiscopelk.com_.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
20 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ...... ඔයා සබ් දීපු Tag-Alone ෆිල්ම් සෙට් එකේ තුන්වෙනි එකටත් සබ් දෙනවද සහෝ
Jasmitha Kaushalya
season 4 episode 1 eken passe sub nadda
Jasmitha Kaushalya
good work bro
lakshan
ado supiri ekadigta sub denwa thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Nilush Angana
Sub ekata thanx
Ravfdo 06
thank you sub ekata
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා...!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janith Dasanayaka
Thanks shoooooooo
Ediya
Thanks මචං ❤️
Mano
Godak sthuthi.. Jaya wewa!
Kaushan
ඔහොම විස්තර කරන එක වටිනවා මම මෙක කියවන්න ආවෙම මට තේරුනේ නැති තැන් තේරුම් ගන්න good job
Dewadithya
Thanks for Sub!
Tharindu Neo
Superb complement ❤
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි