Watch Trailer

Peaky Blinders [S04 : E02] Sinhala Subtitles | බොක්සින් තරගය [සිංහල උපසිරසි] [18+]

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 250,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.8ට කරකවපු, ලොව පුරා ගූගල් පරිශිලකයන් 96%ක් කැමත්ත දක්වපු, සම්මාන 34කට නිර්දේශ වෙලා ඒවගෙන් 15ක්ම තමන්ගේ සන්තකයට ගන්න සමත් උන සුපිරිම කතාමාලාවක් තමයි Peaky Blinders කියන්නේ. ඔන්න එහෙනම්…

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 250,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.8ට කරකවපු, ලොව පුරා ගූගල් පරිශිලකයන් 96%ක් කැමත්ත දක්වපු, සම්මාන 34කට නිර්දේශ වෙලා ඒවගෙන් 15ක්ම තමන්ගේ සන්තකයට ගන්න සමත් උන සුපිරිම කතාමාලාවක් තමයි Peaky Blinders කියන්නේ. ඔන්න එහෙනම් 03 වෙනි කතාමාලාවත් බලලා කුල්මත් වෙලා ඉන්න හැමෝම අද ඉදලා එක දිගට මාත් එක්ක 04 වෙනි කතාමාලාව බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. විශේශයෙන්ම 04 වෙනි කතාමාලාව උපසිරැසි ගන්වන්න මට භාරදුන්න අපේ විමා සහෝට බොහෝම ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. එහෙනම් අපි පසුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

පසුගිය කොටසින් . . .

ටොමීගේ සැලසුම් නිසා හිරේට යන්න සිද්ධ උන ආතර්, මයිකල්, ජෝන් සහ පොලීට අන්තිමට පෝරකේටම යන්න වැඩ සිද්ධ උනා, ඒත් අන්තිමට ඔන්න මෙන්න තියෙද්දි ටොමී, රජතුමාගේ පෞද්ගලික ලියුමක් ළඟ තියාගෙන ඉහල නිළදාරින් එක්ක ඇති කරගත්ත ගිවිසුමකින් එල්ලුම් ගස් ගිය අය බේරුනා විතරක් නෙමෙයි ටොමීට OBE (Officer of the British Empire) කියලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ඉතා ඉහල නිළයකුත් ලැබුනා. දැන් ටොමීගේ පවුලේ අයට ටොමීව වහකදුරු වගේ කවුරුවත් එයාට ආස නෑ. අවුරුද්දක් පහුවෙද්දි මයිකල් විතරයි ටොමී එක්ක ඉන්නෙ. ටොමීගේ කම්හල් වලත් හරි හරියට සේවක ප්‍රශ්න ඔවුන් වෘත්තීය සමිති පවා හදාගෙන. ඒ අතරතුර ඇඩා ඇමරිකාවේ ඉඳන් නත්තලට පවුලේ අයව බලන්න එනවා, ඒ අස්සේ ෂෙල්බි පවුලේ හැමෝටම කළු හස්තයක නත්තල් සුභ පැතුම් පතක් ලැබෙනවා, ඒක සුබ පැතීමක් නෙමෙයි මරණ තර්ජනයක් බවත් මේක එව්වේ ටොමීලා ඝාතනය කරපු චැන්ග්‍රෙටාගේ පුතා, ලුකා චැන්ග්‍රෙටා කියලා හැමෝම දැනගන්නවා. ඒ විතරක් නෙමෙයි ලුකා එක්ක ඉන්නේ ඉතාලි මාෆියා සංවිධානය කියලා දැනගත්තම තමයි කට්ටියගෙම දෙලෝ රත්වෙන්නේ. අමනාපකම් පැත්තකට දාලා ටොමී පවුලේ රැස්වීමක් කැඳවන්න හැමෝටම කතා කරත් අවාසනාවට එයාට ජෝන්ව සම්බන්ධකරගන්න බැරිවෙනවා. ඒ නිසා ටොමී, ජෝන්ව එක්කන් එන කියලා මයිකල්ව පිටත් කරලා යවනවා. මයිකල් ජෝන්වයි, පවුලේ අයවයි එක්කන් එන්න හැදුවට එස්මේ ඒකට විරුද්ධ වෙනවා. එයා කියන්නේ ඒයාලට ටොමීගේ උදව් නැතුව තනියම ඉන්න පුළුවන් කියලයි.  ඒත් ඒ එක්කම එතනට කඩාවදින ඉතාලි මාෆියා සාමාජිකයෝ ජෝන්ටයි, මයිකල්ටයි වෙඩි වරුසාවක් එල්ල කරනවා.

අද කොටසින් . . .

වෙඩි වැදිලා ජෝන් එතනම මැරිලා. මයිකල්ව රෝහල් ගත කරන කරලා, ෂෙල්බි පවුල එකම අවුල්ජාලයක් වෙලා. රැස්වීමක් පවත්වන ටොමී පවුලේ අයගෙන් ඉල්ලන්නේ මේ ප්‍රශ්න ඉවරයක් වෙනකම් හැමෝම සමාදාන වෙමු කියලයි. හැමෝම ඒකට කැමති උනත් දෙන්නෙක් අකැමති වෙනවා. ඒ වගේම හැමෝගෙම විරෝධය මැද්දේ භයානක පුද්ගලයෙක්ගෙන් උදව් ඉල්ලන්න ටොමී තීරණය කරනවා. ඒ වගේම අපූරූ බොක්සිං තරගයකුත් අද බලාගන්න පුළුවන්. ඉතිං ටොමී මාෆියා සංවිධානයත් එක්ක කොහොම හැප්පෙයිද ? කවුද එයාලට උදව් කරන්නේ ? කම්හල්වල සේවක ප්‍රශ්නය කොහොම විසදෙයිද ? ඉක්මන්ටම බාගෙන ඒ ටික දැනගන්නකෝ එහෙනම්. ඊළග කොටසින් ඉක්මනට හම්බෙමු ගිහින් එන්නම්. මම දනුවා.

අද කොටස නරඹන ඔයාලට “වෙන්ඩෙටා” (Vendetta) කියලා වචනයක් අහන්න ලැබෙයි. මේක ඉතාලි භාෂාවේ භාවිතා වෙන වචනයක්, මේකේ තේරුම වෙන්නේ “ලේ ගැටුම” එහෙමත් නැත්තම් “බද්ධ වෛරය” වගේ අදහසක් තමයි. යම් පවුල් දෙකක් අතර ආරවුලක් ඇතු වෙලා ජීවිත හානි කරගන්න තත්වයටම ඒ ගැටුම දික් උනාම ඔවුන් ඒක Vendetta කියලා හදුන්වනවා. සමහර පවුල් තවමත් පරම්පරා ගාණනක් තිස්සේ මෙහෙම වෛරයෙන් ඉන්නවා ඔයාලා අහලා දැකලා ඇති, මේ “වෙන්ඩෙටා” අවස්ථාවෙදි ඔවුන් ගැටුම් ඇති කරන්න කලින් යම් ගිවිසුමකට එකඟ වෙනවා. කුඩා ළමුන්ට, ගැහැනු අයට සහ පවුලෙන් පිට අයට කිසිම කරදරයක් නොකරන බවට තමයි ගොඩක් වෙලාවට එහෙම ගිවිසුමක් ඇති කරගන්නේ. ඒ නිසා මමත් ඒ වචනෙම උපසිරැසිවලටත් භාවිතා කරලා තියෙනවා ඒක ඔයාලාට අපහසු වක් නොවෙන්න තමයි මෙහෙම පොඩි විසතරයක් දැම්මේ.

අද කතාංගයේ නම – Heathens
කතා රචනය – Steven Knight
අධ්‍යක්ෂනය – David Caffrey
විකාශය වූ දිනය – නොවැම්බර් 22, 2017
IMDb අගය – 9.3
මීළඟ කතාංගය – Blackbird

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

32,761 downloadsDownload Peaky.Blinders.S04E02.Baiscopelk.com_.zip27 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

32,761 downloadsDownload Subtitles27 KB

15 comments

  1. Anonymous

    Supirima series ekak
    Hbai kalin bluwa sub ekkama
    Dn baiscope eke wada poddak slow wage,anith site okkoma sub dunnain passe tmai baiscope sub denne

  2. lakshan

    ado thanks bn

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ Tag-Alone තුන්වෙනි ෆිල්ම් එකටත් සබ් දෙන්න

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Bimbisha Adithya

    Thank u♥️

  6. Anonymous

    thanks.nice job bro

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. Nilush Angana

    Sub ekata thanx

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Sanjeeva

    great

  11. Mano

    Godak sthuthi.. Jaya wewa!

  12. Dewadithya

    Thanks for Sub!

  13. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  14. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  15. chinthaka.max4

    thanks machan