කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 250,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.8ට කරකවපු, ලොව පුරා ගූගල් පරිශිලකයන් 96%ක් කැමත්ත දක්වපු, සම්මාන 34කට නිර්දේශ වෙලා ඒවගෙන් 15ක්ම තමන්ගේ සන්තකයට ගන්න සමත් උන සුපිරිම කතාමාලාවක් තමයි Peaky Blinders කියන්නේ. ඔන්න එහෙනම්…

කොහොමද බයිස්කෝප්වාසී යාළුවනේ. ලංකාවේ වගේම ලොවපුරා අතිශය ජනප්‍රිය උන, මනාප 250,000කට අධික ප්‍රමාණයකින් IMDb මීටරය 8.8ට කරකවපු, ලොව පුරා ගූගල් පරිශිලකයන් 96%ක් කැමත්ත දක්වපු, සම්මාන 34කට නිර්දේශ වෙලා ඒවගෙන් 15ක්ම තමන්ගේ සන්තකයට ගන්න සමත් උන සුපිරිම කතාමාලාවක් තමයි Peaky Blinders කියන්නේ. ඔන්න එහෙනම් 03 වෙනි කතාමාලාවත් බලලා කුල්මත් වෙලා ඉන්න හැමෝම අද ඉදලා එක දිගට මාත් එක්ක 04 වෙනි කතාමාලාව බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මේ හතරවෙනි කතාමාලාව ලොව පුරා මිලියන 4කට වැඩි සංඛ්‍යාවක් රූපවාහීනියෙන් නරඹලා තියෙනවා. විශේශයෙන්ම 04 වෙනි කතාමාලාව උපසිරැසි ගන්වන්න මට භාරදුන්න අපේ විමා සහෝට බොහෝම ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. එහෙනම් අපි පසුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
පසුගිය කොටසින් . . .
ෂෙල්බි පවුලට නොසිතූ විදියට ඉතාලි මාෆියාවෙන් එල්ල උන ප්‍රහාරයෙන් ජෝන් මිය යනවා වගේම මයිකල්ට බරපතල තුවාල වෙනවා. ජෝන්ගේ මරණය නිසා අසරණ උන එස්මේ, ටොමීටයි ෂෙල්බි පවුලටයි සාප කරල ළමයින්වත් අරන් පවුලෙන් ඈත් වෙලා යනවා. ඒ අතරතුර පවුලේ රැස්වීමක් තියෙන ටොමී මේ කරදර නිසා පවුලේ අය ආපහු සමාදාන වෙමු කියලා යෝජනා කරනවා, හැමෝම ඒකට කැමති උනත් පොලීනම් ඒකට කැමති වෙන්නේ නෑ. ඒ වගේම ආතර් පොරොන්දු වෙනවා පවුලේ වැඩිමලා හැටියට උණ්ඩයේ නීතිය මගින් ලුකාව මරලා තමන් ජෝන්ගේ මරණයේ පලිය ගන්නවා කියලා. ජෝන්ගේ අන්තිම කැමත්ත පරිදිම එළිමහනේ එයාව ආදාහනය කරනන ටොමී තීරණය කරනවා, ජෝන්ගෙ අවමංගල්‍යය වෙලාවේ එතනට එන ඉතාලිකාරයෝ දෙන්නෙක් ෂෙල්බි පවුල ඝාතන කරන්න හැදුවත් ඇබරාමා ගෝල්ඩ් සහ එයාගේ පුතා බොනී, ඉතාලිකාරයෝ දෙන්නට වැඩේ දෙනවා. පස්සේ දැනගන්න විදියට ජෝන්ගේ අවමංගල්‍යයත් ඇමක් විදියට තමයි ටොමී පාවිච්චි කරලා තියෙන්නේ. මේකට තවත් උරණ වෙන පොලී, ටොමීට නොසෑහෙන්න දොස් කියනවා. මේ කරදර වලින් ආරක්ෂා වෙන්න ඕන නිසා ෂෙල්බි පවුල චාලිගේ අංගනයට යන්නත් තීරණය කරනවා. රෝහලේ ඉන්න මයිකල්ගේ ඉල්ලීම නිසා පොලී, ටොමී එක්ක තාවකාලිකව සමාදාන වෙන්න එකඟ වෙනවා වගේම පොලී, ටොමීට උපදෙස් දෙනවා ඇබරාමා ගෝල්ඩ් වගේ මිනිහෙක් නිකන්ම එයාලට උදව් කරන්නේ නෑ ඒ නිසා එයාට ඇත්තටම අවශ්‍ය දේ දැන ගන්න කියලා, ඉතිං ටොමී, ඇබරාමාගෙන් ඒ ගැන ඇහුවම අපූරූ උත්තරයක් තමයි එයා දෙන්නේ. ඇබරාමගේ ඉල්ලීමට අනුව කෙට්ටුවට ඉන්න බොනී කොල්ලා බොක්සිං තරගයකින් හෙවිවේට් ශූරයෙක්වත් පරද්දලා කොහොමහරි පීකී බ්ලයින්ඩර්ස්ලට එකතු උනා, ඒ ගැන වෙනම සැලස්මක් ඇතුව තමයි ටොමී ඒ තීරණයත් ගන්නේ. මේ අතර වෘත්තීය සමිති නායිකාව වෙන ඊඩන් මෙනවිය, ටොමී කම්කරුවන්ගේ ඉල්ලීම් ඉටු නොකල නිසා සේවක වැඩ වර්ජනයකුත් ඇති කරනවා. අන්තිමට අපි දැක්කේ ටොමීගෙ කාර්යාලයට බය නැතුව එන ලුකා චැන්ග්‍රෙටා, තමන්ගේ බලපුළුවන්කාරකම් පෙන්නලා ටොමීට තර්ජනය කරනවා වගේම මේ වෙන්ඩෙටාව නීතීරීතී යටතේ විසඳ ගන්නත් දෙන්නම පොරොන්දු වෙනවා.
අද කොටසින් . . .
රෝහලේ ඉන්න මයිකල්ව බලන්න එයාගේ ළගම නෑයෙක් එනවා, පොලී සහ ටොමී එකතු වෙලා චැන්ග්‍රෙටා ගැන තොරතුරු හොයාගෙන රැස්වීමක් තියලා ඒවා අනිත් අයත් එක්ක බෙදාගන්නවා. අද ෂෙල්බි පවුලේ කෙනෙක් මැරෙන්න ගිහින් අනූනවයෙන් බේරෙනවා. ඒ අස්සේ ලූකා මේ ප්‍රශ්න විසඳ ගන්න තවත් උපක්‍රම භාවිතා කරනවා. ෂෙල්බි පවුලේ ලූකාට උදව් කරන කෙනෙකුත් මේ අතර ඉන්නවා. කවුද ලුකාට උදව් කරන්නේ ? කම්හල්වල සේවක ප්‍රශ්නය කොහොම විසදෙයිද ? ඉක්මන්ටම බාගෙන ඒ ටික දැනගන්නකෝ එහෙනම්. ඊළග කොටසින් ඉක්මනට හම්බෙමු ගිහින් එන්නම්. මම දනුවා.
අද කතාංගයේ නම – “Blackbird”
කතා රචනය – Steven Knight
අධ්‍යක්ෂනය – David Caffrey
විකාශය වූ දිනය – නොවැම්බර් 29, 2017
IMDb අගය – 8.7
මීළඟ කතාංගය – “Dangerous”

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
30,169 downloadsDownload Peaky.Blinders.S04E03.Baiscopelk.com_.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
15 comments
sachintha
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්……
Anonymous
nice job. thanks for the subtitle
Anonymous
Sub Ekatra Thanks Bro..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Nilush Angana
Sub ekata thanx
Ravfdo 06
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mano
Godak sthuthi.. Jaya wewa!
Dewadithya
Thanks for Sub!
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Bimbisha
thanks for sinhala sub of peaky blinders...
by the way nice explanation metioned above... thanks for that as well.chinthaka.max4
thanks machan
Sulakshana Samilka
thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි