ඉතිං යාළුවනේ ඔන්න පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වන කතා සමයේ දෙවෙනි කොටසටත් සිංහල උපසිරැසි ගන්වලා අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් සිදු උන සිදුවීම් ගැන. තෝමස් ෂෙල්බි ගෙ බාල සොහොයුරා ෆින් චීන ටවුමේ මෙහෙයුමකට සම්බන්ධ වෙලා වෙඩි කනවා. හැබැයි මැරෙන්නෙ නෑ. ඒ වගේම ටොමී ගෙ සහෝදරිය ඒඩා ආයෙත් ගැබ්…

ඉතිං යාළුවනේ ඔන්න පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වන කතා සමයේ දෙවෙනි කොටසටත් සිංහල උපසිරැසි ගන්වලා අරගෙන ආවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් සිදු උන සිදුවීම් ගැන. තෝමස් ෂෙල්බි ගෙ බාල සොහොයුරා ෆින් චීන ටවුමේ මෙහෙයුමකට සම්බන්ධ වෙලා වෙඩි කනවා. හැබැයි මැරෙන්නෙ නෑ. ඒ වගේම ටොමී ගෙ සහෝදරිය ඒඩා ආයෙත් ගැබ් ගෙන. හැබැයි කසාද බැඳලා නෑ. ඒ ලැබෙන්න ඉන්න දරුවගෙ පියා ගැන දන්නේ පොලී ග්‍රේ විතරයි. ඒ වගේම ටොමී එක්ක සම්මුඛ සාකච්ඡාවක් තියන්න මාධ්‍යවේදියෙක් එනවා. හැබැයි මේ මාධ්‍යවේදියා ටොමීගෙන් අහන්නෙ ටොමී උත්තර දෙන්න කැමති ජාතියේ ප්‍රශ්න නෙවෙයි. අන්තිමේදි ඒ මාධ්‍යවේදියාට වෙන්නේ සෝපානයක් ඇතුළේ වෙඩි කාලා මැරෙන්න. ඒ වගේම තෝමස් ෂෙල්බි පාර්ලිමේන්තුවේ දී කරන කතාව නිසා තෝමස් ෂෙල්බිව විශේෂ පුද්ගලයෙකුගේ අවධානයට ලක් වෙනවා. ඔහු නමින් ඔස්වල්ඩ් මෝස්ලි. මේ මෝස්ලි ලේසි පාසු පුද්ගලයෙක් වෙන්න බෑ කියලා පළවෙනි කොටසින්ම තේරෙනවා.
මේ කොටසෙදි ටොමී ගෙ වත්තේ කවුරුහරි කෙනෙක් බිම් බෝම්බ වගයක් වල දාලා තියෙනවා. ටොමීට ඒවා ඉවත් කරන්න වෙන්නේ මැෂින් තුවක්කුවකින්. ඒ අතරේ අර මාධ්‍යවේදියාගේ මරණය ගැන අහන්න තෝමස්ව හමුවෙන්න පොලිසියෙන් එනවා. ඒකට හේතුව තමයි ඒ මාධ්‍යවේදියා කලින් දවසේ තෝමස් ෂෙල්බි එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවේ සටහන් ඔහුගෙ සටහන් පොතේ ලියා තිබීම. පොලිසියට මේ සම්බන්ධයෙන් තෝමස් ෂෙල්බිව සැකයි උනත් කරන්න දෙයක් නෑ වගේ තමයි පේන්නේ. ඒ අතරේ මයිකල් ග්‍රේ ආපහු බර්මින්හැම් වලට එනවා. නමුත් ඒ එන අතරතුර ඔහුව යම් පිරිසක් විසින් අල්ලගන්නවා. ඒ සිදුවීම් එහෙම වෙනකොට කැලයක් මැද්දේ කඳවුරක් බැඳගෙන ජීවත් වෙන ඇබරාමා ගෝල්ඩ් ට හා ඔහුගේ පුතාට අළුත් කට්ටියක් මුණ ගැහෙනවා. ඔවුන් නමින් බිලී බෝයිස් කියලා තමන්ව හඳුන්වා දෙනවා.
ඉතිං යාළුවනේ කවුද මේ මයිකල් ග්‍රේ ව අල්ලගන්න පිරිස? ඇයි ඔවුන් ඔහුව එහෙම අල්ලගන්නේ? කවුද මේ බිලී බෝයිස් කියන්නේ? මොකක්ද මේ කළු බළල් හීනය? ඒ හීනෙන් කියවෙන්නේ මොකක්ද? ඒඩා ට ලැබෙන්න ඉන්න දරුවගෙ පියා කවුද? කියලා කතාව බලලම දැනගන්න. ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray/WEBRip සහ HDTV පිටපත් සඳහා අදාළ වේ.
27,337 downloadsDownload Peaky.Blinders.S05E02.Baiscopelk.com_.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
15 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
විමා
සබට තුති බන්.
Anonymous
Sub Ekakata Thanks Bro..
Nilush Angana
Sub ekata thanx
Ishan Madusha
බොහොම ස්තූතියි
Ravfdo 06
thank you
Anonymous
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ediya
Thanks ❤️
Mano
Godak sthuthi..Jaya wewa!
Dewadithya
Thanks for Sub!
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks