Watch Trailer

Peaky Blinders [S05 : E03] Sinhala Subtitles | උපාය [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 03 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් තෝමස් ෂෙල්බිට දැනගන්න ලැබෙනවා මයිකල් ග්‍රේ කියන්නෙ ද්‍රෝහියෙක් කියලා. හැබැයි මයිකල් ඒක පිළිගන්න කැමති නෑ. නමුත් තෝමස් ෂෙල්බි මයිකල් ගැන දැඩි අවධානයකින් තමයි ඉන්නේ…

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 03 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසින් තෝමස් ෂෙල්බිට දැනගන්න ලැබෙනවා මයිකල් ග්‍රේ කියන්නෙ ද්‍රෝහියෙක් කියලා. හැබැයි මයිකල් ඒක පිළිගන්න කැමති නෑ. නමුත් තෝමස් ෂෙල්බි මයිකල් ගැන දැඩි අවධානයකින් තමයි ඉන්නේ. ඒ වගේම බිලී බෝයිස් කියන කල්ලිය විසින් ඇබෙරාමා ගෝල්ඩ් ගෙ පුතාව ඝාතනය කරලා කුරුසියක එල්ලනවා. එහෙම කරන්නේ තෝමස් ෂෙල්බි ගෙ හොඳම කෙනා උනත් බිලී බෝයිස් කණ්ඩායම පරද්දවන්න මදි කියලා තෝමස් ෂෙල්බි ට තේරුම් කරවන්නයි.

ඉතිං මෙවර කොටස පටන් ගන්නේ තෝමස් ෂෙල්බි සහ පොලී ග්‍රේ විසින් ෂෙල්බි අරමුදලෙන් ළමා නිවාසයක් පවත්වාගෙන යන කන්‍යාරාමෙකට ගිහින් එතන ප්‍රශ්ණයක් විසඳන එකෙන්. කොච්චර මැර වැඩ, තහනම් ව්‍යාපාර සිදු කරත් තෝමස් ෂෙල්බි කැමති නෑ තමන්ගෙ කලින් බිරිඳගේ නමින් පවත්වාගෙන යන අරමුදලකින් නඩත්තු වෙන ලමා නිවාසෙක මොන විදිහක හරි අකටයුතුකමක් වෙනවට. ඊටපස්සෙ තෝමස් ෂෙල්බි තමන්ගෙ සහෝදරයා වන ආතර් ෂෙල්බිව සහ මයිකල් ග්‍රේ ව ලන්ඩනයට ගෙන්වගන්නවා. එහෙම ගෙන්වගන්නේ සුවිශේෂී පුද්ගලයෙක්ව මුණගස්වන්න.  ඒ අතරේ තුවාල ලබලා රෝහල් ගත කරලා ඉන්න ඇබෙරාමා ගෝල්ඩ් ව බලන්න තෝමස් ෂෙල්බි යවන්නේ පොලී ග්‍රේව. මේ අතරේ බිලී බෝයිස්ලා තෝමස් ෂෙල්බිටත් වැඩක් දෙන්න ක්‍රමයක් හොය හොයා ඉන්නේ.

ඉතිං යාළුවනේ, මොකක්ද මේ කන්‍යාරාමයේ ප්‍රශ්ණය? ආතර්ට හා මයිකල්ට තෝමස් ෂෙල්බි හඳුන්වා දෙන පුද්ගලයා කවුද? ඇයි තෝමස් විසින් තුවාල වෙලා ඉන්න ඇබෙරාමා ව බලන්න පොලී ව යවන්නේ? ඇබෙරාමා ගෝල්ඩ් තමන්ගෙ පුතා මරපු එක වෙනුවෙන් මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීවිද? තෝමස් ෂෙල්බි තමන්ගෙ හොඳම බොක්සින් ශූරයාව ඝාතනය කරපු එකට මොකක් කරාවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

27,969 downloadsDownload Peaky.Blinders.S05E03.Baiscopelk.com_.zip74 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

27,969 downloadsDownload Subtitles74 KB

15 comments

  1. Anonymous

    බොහොම ස්තූති උපසිරසට

  2. Anonymous

    thanks

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. Nilush Angana

    Sub ekata thanx

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Ishan Madusha

    ස්තූතියි සහෝ

  7. Ravfdo 06

    thank you

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Anonymous

    Sthuthi

  10. Mano

    Godak sthuthi..Jaya wewa!

  11. Anonymous

    subtitles nam melo rahak na .hariyata krrn ekekta diyan bn

  12. Dewadithya

    Thanks for Sub!

  13. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  14. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  15. chinthaka.max4

    thanks machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.