Watch Trailer

WandaVision [E02] Sinhala Subtitles | මැජික් සංදර්ශනය [සිංහල උපසිරසි]

ඔන්න මේ ඔයාලා එක්ක මුණගැහෙන්නේ WandaVision දෙවෙනි කතාංගය සමගයි. මොකද හිතන්නේ පළවෙනි කොටස ගැන. මම කලින් කිව්වා හරිද? සම්පූර්ණ වෙනස් කතා මාලාවක් ‍නේද මේක අනික් මාවල් කතා එක්ක සසඳද්දි? මම ඒක සමහර කමෙන්ට්වලින් දැක්කා‍. හොඳද ඒ වෙනස? ඇත්තටම මම නම් ගොඩක් රස වින්දා. පරණ කතාවල සිට්කොම් රසය ලස්සනට දීල තිබුණා…

ඔන්න මේ ඔයාලා එක්ක මුණගැහෙන්නේ WandaVision දෙවෙනි කතාංගය සමගයි. මොකද හිතන්නේ පළවෙනි කොටස ගැන. මම කලින් කිව්වා හරිද? සම්පූර්ණ වෙනස් කතා මාලාවක් ‍නේද මේක අනික් මාවල් කතා එක්ක සසඳද්දි? මම ඒක සමහර කමෙන්ට්වලින් දැක්කා‍. හොඳද ඒ වෙනස? ඇත්තටම මම නම් ගොඩක් රස වින්දා. පරණ කතාවල සිට්කොම් රසය ලස්සනට දීල තිබුණා ගොඩක් තැන්වල. මුහුණ ඉරියව්වලින් පවා හාස්‍යක් විදහාපාන්න ගොඩක් තැන්වල සමත් වෙලා තිබුණා. මමනම් ගොඩක් ආස කළා ස්ටාක් ආයතයේ ටෝස්ට්මේට්-2000 වෙළඳ දැන්වීමට. මේක තමයි MCU Phase 4 එකේ ආරම්භය. මේ කතාමාලාව එක්ක ඉදිරියේදි මොන විදිහට MCU එකට මොන විදිහේ බලපෑමක් වේවිද? බලන් ඉමු නෙහ්? 🙂 

හරි මුලින්ම අපි පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරමු. 

අලුත විවාහ වුණ වොන්ඩා-විෂන් වෙස්ට්වීව් කියන නගරයේ පදිංචියට යනවා. පෙනෙන විදිහට 1050 ගණන්වල මේ සිදු ‍වීම වෙන්නේ‍. ඔවුන් උත්සහ කරන්නෙ ඔවුන්ට මොන විදිහේ බල සහ හැකියා තිබුණත් නගරෙට ගැළපිලා සාමාන්‍ය අය වගේ හැඩගැහෙන්නයි. විෂන්ගේ වැඩපොළේ බොස් හාට් මහත්තයා‍ටයි එයාගේ නෝනාටයි රෑ කෑමකට ආරාධනා කරල ඒක මතක තියාගන්න, මෙච්චර හැකියාවන් තිබිලත් කම්මැලිකමට කැලැන්ඩරේ හාට් ලකුණක් විතරක් ඇඳලා ලොකු ඇබැද්දියකටයි මුහුණ දෙන්න වුණේ. හැබැයි වොන්ඩගේ අලුත් අසල්වැසි යෙහෙළිය, ඇග්නස්ගේ උදව්වෙන් සහ, වොන්ඩා-විෂන් ජෝඩුවගෙ බලයන්වල උපකාරෙන් සේරම ගොඩින් බේරගත්තා අන්තිමේදි. එයාලා සංවත්සර දිනේකුත් මගුල් මුද්දකුත් හදාගෙන බොහොම ආදරණීය විදිහට සහ හාස්‍යජනක විදිහට කතාව ගලාගෙන ගිහින් අවසන් වුණා. හැබැයි වොන්ඩා-විෂන් ජෝඩුව තමන්ගේ අතීතය ගැන කිසි දෙයක් අමතක බව කතාව පුරාවටම පෙන්නුවා. අවසන් වුණේ තවත් කුතුහලය ඇති කරන දසුනකින්. කවුරුහරි ඔවුන්ව පාලනය කරනවාවත්ද? නැත්නම් ඇත්තටම මොකක්ද මෙතන වෙන්නේ?

දෙවෙනි කො‍ටසේ තියෙන්නේ කුසලතා දැක්මක්, ඒ කිව්වේ තම තම හැකියා පෙන්වන්න පුලුවන් ටැලන්ට් ෂෝ එකක් ගැන. මේ ටැලන්ට් ෂෝ  අපේ ජෝඩුව අද මැජික් සංදර්ශනයක් කරන්නයි ලෑස්තිය. මේකත් හොඳට හිනා වෙවී බලන්න පුලුවන් වෙයි. බලමු එහෙනම් ඒ කටයුතු කොහොම වෙයිද කියලා…

ප.ලි.

මීළඟ කොටස ගේන්න ටිකක් ප්‍රමාද වෙන්න පුලුවන්. හරියට සබ් එක කරලා ආයෙ ඊළඟ සතියෙ එපිය එන්න කලින් කරනවා හැබැයි.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

12,582 downloadsDownload WandaVision-E02.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

12,582 downloadsDownload Subtitles20 KB

31 comments

  1. Anonymous

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. විමා

    සබට බෝම තුති මලේ...

  4. Dulan

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  6. Anuja Lakshitha

    ane Please Blacklist season 7 eke sub dannakoo

  7. Kasun

    Thank you XD

  8. Anonymous

    thank kollane

  9. geeganagamage

    Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .

    1. Anonymous

      Thq❤️

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. Movindu

    Chilling adventures of Sabrina season 4 dannako
    PLEASE

  12. UDARA DAMITH

    den balanne

  13. Ruchira

    Thanks for the sub!!

  14. Waruna Kamalawansha

    බොහොම ස්තූතියි

  15. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  17. Shaggy

    Thank you very much

  18. Dushan

    nice

  19. Malaka prasad

    thank you bro............

  20. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  21. Kanishka

    Future man tv serious ekatath sub dennako

  22. Ravfdo 06

    thank you

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Pramukmili

    Thanx bro..................

  25. sasanka sathyajith

    Thanks for the sub

  26. Dewadithya

    Thanks for sub!

  27. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  28. Bimbisha Adithya

    බොහොම ස්තූතියි ❤️

  29. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  30. රවින්ද්‍ර

    තෑන්ක්ස් සබ් එකට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.