Watch Trailer

Penny Dreadful [S02 : E03] | නයිට්කම්ර්ස්… (+18) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලට කොහොමද යාළුවනේ? මේ දවස් වල බරටම වැඩ අස්සේ මෙන්න එහෙනම් තුන්වැනි කතාංගයත් අරගෙන ආවා. කොහොමහරි වෙලාව හොයාගන්නවා මේ වැඩේ කරන්න නම්, ඒත් ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ නේ, ඒ වුණාට අනිවාර්යයෙන්ම උපසිරසිය දෙනවම තමයි ඉතින්. හැබැයි වෙලාවටම දෙන එක තමයි ගැටලුවකට තියෙන්නේ. ඒගැන ඔයාලා කවුරුවත්ම අහිතක…

Penny Dreadful 3

ඉතින් ඔයාලට කොහොමද යාළුවනේ? මේ දවස් වල බරටම වැඩ අස්සේ මෙන්න එහෙනම් තුන්වැනි කතාංගයත් අරගෙන ආවා. කොහොමහරි වෙලාව හොයාගන්නවා මේ වැඩේ කරන්න නම්, ඒත් ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑ නේ, ඒ වුණාට අනිවාර්යයෙන්ම උපසිරසිය දෙනවම තමයි ඉතින්. හැබැයි වෙලාවටම දෙන එක තමයි ගැටලුවකට තියෙන්නේ. ඒගැන ඔයාලා කවුරුවත්ම අහිතක් හිතන්නේ නෑ කියලා මම හිතනවා. ඉසුරු සහෝත් ගොඩාක් කාර්‍යබහුල වෙලා ඉන්න වෙලාවේ මේ දවස් ටිකේ මට තමයි මේක තනියම ඇදගෙන යන්න වෙලා තියෙන්නේ. කොහොමහරි ඉසුරු සහෝට පුළුවන් වෙයි ඉස්සරට මට වැඩ වැඩිවුණොත් උපසිරසිය කරන්න. හරි, එහෙනම් යමු ගියසතියේ කතාව පැත්තට.

වැනෙස්සාට, සර් මැල්කම් පොරොන්දුවක් වුණා එයාව කවදාවත්ම තනිකරලා දාලා යන්නේ නෑ කියලා. ඒවගේම සර් මැල්කම් තමන්ගේ කාලය, ධනය වගේම ශක්තිය යොදවනවා අසරණ මිනිස්සුන්ට උදව් කරන්න හිතාගෙන. සර් මැල්කම්, වැනෙස්සත් එක්ක එතනට යනවා. එහිදී වැනෙස්සට ප්‍රාණියා “ජෝන් ක්ලෙයාර්” ව මුණගැහිලා කතාබහක යෙදෙනවා. ඔයාලට මතක ඇති ඊතන්ට අවන්හලේදී වුණ සිදුවීම. ඒ සිදුවීම අවසාන වුණේ ගොඩාක් දරුණු විදියට. මේකෙදි ජීවිතය බේරගත්ත කෙනාව හොයාගන්න ඉන්ස්පෙක්ටර් රස්ක් උනන්දු වෙනවා. මේ අතර ඩොකටර් ෆ්රෑන්ක්ස්ටයින්ගේ අලුත්ම නිර්මාණය වන අමරණීය සහකාරිය “ලිලී” නමින් නැවත ජීවිතය ලබනවා. ඇය කලින් බ්‍රෝනව සිටි කාලයේ සහ ලිලී නමින් නැවතත් ජීවිතය ලද අවස්ථාවේ දී ඇයෙගේ හැසිරීම, ඉරියව් වල වෙනස්කම් ඔයාලට දැනගන්න පුළුවන්කම ලැබෙන්න ඇති. ඩෝරියන් ග්‍රේ “ඇන්ජලික්” කියලා ගැහැණියක්ව මුණගැහෙන්න යනවා. ඇන්ජලික් ගැන විස්තර කියන්න ඕනි නෑ නේ. ඇත්තටම දෙවනි කතා මාලාවේ පළවෙනි කතාංගයන් තුනේ ඩෝරියන් ග්‍රේ සම්බන්ධව එතරම්ම කතාබහට ලක්වෙන්නේ නැති තරම්. ඒ ඇයි කියලා මටත් හරියටම හිතාගන්න බැරුව ඉන්නේ. කොහොමහරි මිස්ටර් ග්‍රේ මුණගැහුණ ගැහැනිය ගැන නම් ඔයාලා සෑහීමකට පත් වෙන්න නැතුව ඇති කියලා හිතනවා. හැබැයි කතාව අවසානය වෙනකොට මිස්ටර් ග්‍රේ හා සම්බන්ධ සිදුවීම්ක් ඇති කියලා හිතන්න පුළුවන්.

මේ අතරේ අයිවන් පෝල් කියන මායාකාරියගේ මායමකට සර් මැල්කම් අහුවෙනවා. සර් මැල්කම්ට මේ මිසීස් පොල් ගැන කැමැත්තක් තියනවා කියලා පෙනවා. කොහොමහරි දෙන්නා එකට වෙඩි තිබ්බ නිසා එහෙම වෙන්න බැරිත් නෑ. මේ අතරේ පුරාවිද්‍යා ගවේෂක ෆර්ඩිනෑන්ඩ් ලයිල්, සර් මැල්කම්ගේ ගෙදර එනවා විශේෂ රාජකාරියක් සඳහා. ඒ තමයි පුරාණ යක්ෂයින්ගේ භාෂාවක් පිළිබඳව අදහස් දැනගැනීම සඳහා. ඒ වුණත් ලයිල්ගේ සැබෑ ස්වරූපය කතාව අවසානයේදී අපිට දැනගන්න පුළුවන් වුණා. ඒවගේම දෙවන කතාංගය අවසාන වුණේ එවුලින්ගේ දුව ඇයට ත්‍යාගයක් ලබා දීමෙන් අනතුරුවයි.

අද කතාව එතන ඉඳන් ගලාගෙන යනවා. වැනෙස්සාට පුරාණ යක්ෂයින්ගේ භාෂාව කතා කරන්න පුළුවන් වුණේ කොහොමද? මේ සඳහා ඇයට මඟපෙන්නූ කාන්තාව කවුද? වැනෙස්සාට තමා ඉදිරියේ වැටී ඇති අනතුර සහ ඇගේ පසුපස හඹායන නපුරෙන් ඇයට බේරෙන්න ඒ මඟපෙන්වීම ප්‍රමාණවත් වෙයිද? අවසානයේ වැනෙස්සාට සිදුවන්නේ මොකද්ද? මේ හැමදේම දැනගන්න අද කථාවත් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඊළඟ කතාංගයත් එක්ක ලබනසතියේ මුණගැහෙනකම් ගිහින් එන්නම්, ඔයාලා හැමොටම ජයෙන් ජයම වේවා…! මතක ඇතුවම කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

Penny Dreadful (2014– ) on IMDb

 

 

250 MB කොපිය මෙතනින් බාගන්න

ac95fe33649419ced85105db9ac8a4a9d9350904

302 MB කොපිය මෙතනින් බාගන්න

3f4fee1284f354f0ed14956f2244d629b6c71736 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,117 downloadsDownload 201505222054baiscopelk.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode >>

Subtitles

1,117 downloadsDownload Subtitles26 KB

10 comments

  1. සුපුන් බුදිධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    ටිකක් පරක්කු උනට කමක් නෑ.
    සබ් එක දෙනවනේ...
    දිගටම කරගෙන යමු...

    ජය වේවා !!!

  2. rajitha

    Thanks Macho................

  3. Kulanjana Maduranga

    niayamai…thanks ISURU &amp; PRADDEP sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  4. shehan

    Thanks bro....parakku unata awlak naaa...

  5. ඉසු ඩිපි (Isu DP)

    වැඩ අස්සේ මේක අමතක නොකරන එකට බොහොම ස්තුතියි.
    පරක්කු උනාට වුලක් නැ දිගටම දෙන්න. එච්ච්රයි ඔනේ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  6. isuru

    thanks bro!late unata awlak na.sub eka dena ekai watinne.

  7. Sanjaya

    Thanks Saho....

  8. jema

    ස්තූතියි සහෝ සබ් එකට.....

  9. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra