Watch Trailer

Penny Dreadful [S02 : E06] | ශ්‍රේෂ්ඨ සංත්‍රාසය… (+18) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. දන්නෙම නැතුව “Penny Dreadful” දෙවනි කතා මාලාවේ අවසානයටම ඇවිල්ලා. අද හයවෙනි කතාංගයත් එක්ක තව කතාංගයන් හතරක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ දෙවනි කතා මාලාව අවසාන වෙන්න. මේ කොටස් හතරේ උපසිරසිත් වැඩිය කාලයක් ගන්නේ නැතුව ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා.…

Penny Dreadful 3

කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. දන්නෙම නැතුව “Penny Dreadful” දෙවනි කතා මාලාවේ අවසානයටම ඇවිල්ලා. අද හයවෙනි කතාංගයත් එක්ක තව කතාංගයන් හතරක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ දෙවනි කතා මාලාව අවසාන වෙන්න. මේ කොටස් හතරේ උපසිරසිත් වැඩිය කාලයක් ගන්නේ නැතුව ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. හරි, එහෙනම් ගියසතියේ කතාව බලන්න ඇති කියලා හිතනවා. අපි පොඩ්ඩක් ඒ ගැන මතක් කරගෙනම අද කතාවට යමුකෝ.

වැනෙස්සාව ඩැහැගන්න මාන බලාගෙන ඉන්න මිසීස් පෝල් ටිකෙන් ටික ඇයගේ අරමුණ කරා ළඟා වෙන සේයාවක් අපිට දැන් පේන්න තියනවා. ඇයගේ මාර්ගය අහුරන්න බලාගෙන ඉන්න ඕනෑම පුද්ගලයෙක් ක්ෂණයෙන් අයින් කරලා දාන්න තරම් ඇය නිර්ලෝභී වෙලා තියනවා. ඒ ගොඩට එකතුවෙන අළුත්ම කෙනා වෙන්නේ සර් මැල්කම්ගේ කළින් බිරිඳ. කොහොම හරි මිසීස් පෝල් එයාගේ දුවලගේ උදව් එක්ක මේ වැඩේ කරනවා. ඔයාලා දකින්න ඇති “මිසීස් ග්ලැඩිස්” ට අවසානයේ මූහුණදෙන්න සිද්ධ වුන අවාසනාවන්ත සිදුවීම. මිසීස් පෝල්ගේ අරමුණ වෙන්නේ යක්ෂයාට සේවය කිරීමටයි. ඒ සඳහා ඇය ඔහුගෙන් නිතරම ත්‍යාගයන් බලාපොරොත්තු වෙන බවක් පේනවා.

මේ අතර, රාත්‍රියේ සර් මැල්කම්ගේ මන්දිරයේ සිදුවූ සිදුවීමේන් සියලු දෙනාම ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වලට කාලය යොදවනවා. තම යාච්ඤාවන් අතරතුරේ නැවතත් වැනෙස්සාගේ හිත නොසන්සුන්තාවයකට පත් වෙනවා ඔයාලා දකින්න ඇති.

ඒවගේම, මිස්ටර් ක්ලෙයර් සහ ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින් අතර විරසකය නැවතත් ඇතිවෙනවා පේනවා. ලිලී, මිස්ටර් ක්ලෙයාර් හා සම්බන්ධ වීමට උත්සහ කිරීමේදී ඒ සඳහා ඩොක්ටර්ගේ ඇති දැඩි අකමැත්ත මේකට ප්‍රධාන හේතුව විදියට දකින්න පුලුවන්. ඒත් කොහොමහරි මිස්ටර් ක්ලෙයාර්ට ලිලී සමඟ කතා බහ කරන්න අවස්ථාව ලැබෙනවා. කොහොම වුනත් ගියසතියේ කතාවේ ප්‍රධාන මාතෘකා තුනෙන් එකක් තමයි මේ ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින් සහ ලිලී අතර ඇතිවුන සම්බන්ධය. ඒ ගැන තව පොඩ්ඩකින් කතා කරමුකෝ.

ඒවගේම, ගියසතියේ වුන තවත් වැදගත්ම සිදුවීමක් තමයි ඊතන්ට, ඉන්ස්පෙක්ටර්ව මුණගැහෙන එක. ඇත්තටම එහෙම සිදුවීමක් මම බලාපොරොත්තු වුනේ නෑ. කොහොමින් කොහොමහරි ඉන්ස්පෙක්ටර් රස්ක් සමඟ ලන්ඩන් වල සිද්ධ වෙන වාස දේස ගැන කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඊතන් දක්ෂ වෙඩික්කාරයෙක් හේතුවෙන් ඔහුට රස්ක්ගේ වැඩි අවධානය යෙදෙනවා ඔයාලා දකින්න ඇති. අද කතාව අවසානයේ ඔයාලට ඊතන් ගැන ඉන්ස්පෙක්ටර් රස්ක්ගේ තීරණය දැනගන්න පුලුවන් වෙනවා.

මේ අතර, ආරාධනාව පිළිගත් මිස් අයිව්ස් ඩොක්ටර්ගේ, නෑනන්ඩිය දැන අඳුනා ගැනීම සඳහා පැමිණෙනවා. ඒ සඳහා ඩොක්ටර්ගේ තිබුණ වුවමනාව ඔයාලට පේන්න ඇති. ඒ වෙලාවේ ලිලීගේ කෘතිම හැසිරීම් අවසානයේ වැනෙස්සා ඒ දිහා බලාගෙන ඉන්න ආකාරයෙන් අපිට හිතාගන්න පුලුවන්. සර් මැල්කම්ගේ සමාජ සත්කාරක වැඩ යෙදෙන තැනදී නැවතත් මිස් අයිව්ස්ට, මිස්ටර් ක්ලෙයාර්ව මුණගැහෙනවා. මෙහිදී මිස්ටර් ක්ලෙයාර්ගේ කවි සිතුවිලි වලට අඩු වැඩිය සම්පූර්ණ කරන මිස් අයිව්ස්ගේ සැබෑ ස්වරූපය ඔයාලට දැනෙන්න ඇති. සංවාදය අවසාන වුනේ වැනෙස්සාගේන් මිස්ටර් ක්ලෙයාර්ට නැටුමකට ආරාධනයෙන් පසුවයි. මේ අතර මැරීනර්ගේ තානායමේ සිදුවූ සිදුවිමෙන් සුවය ලැබූ පුද්ගලයා ඊතන් පසුපස යනවා. යක්ෂයාගේ භාෂාව ගැන වැඩි විස්තර හොයාගන්න ලයිල් උනන්දු වෙනව පේනවා. ඒත් ලයිල්ගේ සැබෑ ස්වරූපය, චේතනාව ගැන ඔයාලා දැන් හැමෝම දන්නවා.

ඒ වගේම ඇන්ජලික් ඩෝරියන් ග්‍රේ සමඟ සිටින විට කළින් සේවාදායකයෙකුගේ බලපෑමෙන් දැඩි ලෙස අපහසුතාවයට පත් වෙනවා මතක ඇති. සර් මැල්කම්ගේ සහ මිසීස් පෝල්ගේ සම්බන්ධය තව දුරටත් දළුලන ආකාරයක් අපිට දැකගන්න පුලුවන් වුනා. නමුත් කතාව අවසාන වෙන්නේ තුන්කොන් ප්‍රේම වෘතාන්තයක වෙන ආදරබර සිදුවීම් තුනකින් අනතුරුවයි. මම කළින් කිව්වා වගේම ගියසතියේ කතාවේ මේ සම්බන්ධව ගොඩාක් දේවල් එකතු වෙලා තියනවා. මෙතෙක් කාලයක් තම වශින් හමුවේ සර් මැල්කම් මිසීස් පෝල් හමුවේත්, ඩෝරියන් ග්‍රේ තම ඇන්ජලීක් නැමැති අභිසාරිකාව හමුවේත් ඒවගේම ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින් ලිලී හමුවේත් මෙකී ආදරබර සිදුවීම් ගලාගෙන යනවා.

ඔන්න ඔහොමයි ගියසතියේ කතාව මේ වෙනකන් ගලාගෙන ආවේ. ඉක්මන්ටම යමු අද කතාවට. සර් මැල්කම්ගේ මන්දිරයට ඊතන්ව හොයාගෙන එන්නේ කවුද? වැනෙස්සාට සහ ඩොක්ටර්ට ඩෝරියන්ගෙන් ලැබෙන ආරාධනාව මොකද්ද? ඉන්ස්පෙක්ටර් රස්ක්ගේ තීරණය කෙබඳු එකක්ද? මිසීස් පෝල් මෙතරම් කාලයක් බලාසිටි අවස්ථාව මොකද්ද? ඩොක්ටර් සහ ලිලීගේ සම්බන්ධයට කුමක් සිදුවෙයිද? කතාව අවසානයේ වැනෙස්සාට සිදුවෙන සිදුවීම කුමක්ද? සෙම්බීන්, ඊතන්ගේ සැබෑ ස්වරූපය දැනගනීද? හරි, දිග ලියුමක් එක්ක ඔන්න අද කතාවත් බලන්න අවසරයි එහෙනම්. ලබන සතියේ කතාවත් එක්ක මුණගැහෙනකන් ගිහින් එන්නම්. මේ ගැන කමෙන්ට් එකක් එහෙම දානවනම් අමනාපයක් නෑ…ජයෙන් ජයම වේවා!

“මාව තාමත් ගනං ගන්නෙවත්, දන්නෙවත් නෑ…
මගේ යාළුවෝ මාව අතහරිනවා, මතකය නැති වුනා වගේ…
මං මගේම දුක අහනවා, හරියට ආදරයේ හෙවනැල්ලක් වගේ…
වියරු වේදනාවක් මැඩ පවත්වනවා වගේ, ඒත් තවමත් මම මමමයි…
මාගේ මැවුම්කරුවා සමඟ බලාපොරොත්තුවෙන් සිටින්න, දෙවියනි…
මම මුසාවන් කියපු තැන නිස්කලංකව…”

Penny Dreadful (2014– ) on IMDb

 

 

315 MB කොපිය මෙතනින් බාගන්න

fda2abce3dce76fd63ef602097dd3926d9989cf2 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

943 downloadsDownload Penny-Dreadful-S02E06.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                   All Episodes                        Next Episode >>

Subtitles

943 downloadsDownload Subtitles29 KB

12 comments

    1. Kasun

      Thanks මචන්.

  1. SHEHAN

    thanks bro... meka ada davii kiyala hithuna vitharai .... msg aka avaa,.

  2. Dimuth

    elaz

  3. isuru

    තෑන්ක්ස්!

  4. Kulanjana Maduranga

    niayamai…thanks ISURU &amp; PRADEEP sahola..sub ekata..digatama sub demu.jaya wewa......

  5. rajitha

    Thanks Brother............

  6. kanushka

    ස්තුතියි

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. kanushka

    Thank you

  9. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra