ඉතින් ඔන්න යාළුවනේ කිව්වා වගේම Penny Dreadful කතා මාලාවේ තුන්වෙනි කතා සමය ඔයාලට අරගෙන ආවා. ඊට කළින් කියන්න ඕනි මට මේ උපසිරසිය ඉක්මන්ට ඔයාලට අරගෙන එන්න ඉසුරු සහෝ ගොඩාක් උදව් කරා, ඉතින් අපි දෙන්නගෙම වැඩ රාජකාරි අස්සේ මේ වැඩේ ඉක්මන්ට ඉවර කරන්න ලබා දුන්න දායකත්වයට ඉසුරු සහෝට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.…

ඉතින් ඔන්න යාළුවනේ කිව්වා වගේම Penny Dreadful කතා මාලාවේ තුන්වෙනි කතා සමය ඔයාලට අරගෙන ආවා. ඊට කළින් කියන්න ඕනි මට මේ උපසිරසිය ඉක්මන්ට ඔයාලට අරගෙන එන්න ඉසුරු සහෝ ගොඩාක් උදව් කරා, ඉතින් අපි දෙන්නගෙම වැඩ රාජකාරි අස්සේ මේ වැඩේ ඉක්මන්ට ඉවර කරන්න ලබා දුන්න දායකත්වයට ඉසුරු සහෝට මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඉතින් Precious Cargo ෆිල්ම් එකේ උපසිරසියෙන් පස්සේ කරන මුල්ම වැඩේ මේක. ඒ වගේම කියන්න ඕනි ඒකෙදි කීපදෙනෙක් හරි අදහසක් දාල ගිය නොගිය හැමෝටම මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.
හරි, Penny Dreadful තුන්වෙනි කතා සමය පටන් ගත්තේ 2016 මැයි මාසේ පළවෙනිදා. අද කතාවේ තේමාව වෙන්නේ The Day Tennyson Died, “කවියාගේ වියෝව”. ඉතින් වෙනදා වගේම Eva Green, Josh Hartnett, Timothy Dalton රංගනයෙන් දායක වෙනවා වගේම අද කතාවෙන් ඔයාලට අලුත් චරිත ටිකක් බලාගන්න පුලුවන්.
හරි එහෙනම් පහුගිය කතාංගය පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට යමු. ඊතන්ගේ පහර දීමෙන් සෙම්බින් මැරෙනවා. වික්ටර්ට සහ සර් මැල්කම්ට ඔවුන්ගේ මනස තුළ රැඳී ඉන්න ආත්මයන්ගේ බලපෑමට යටත් වෙනවා. වැනේසාගේ ජීවිතය තුළ ඇති බලාපොරොත්තු වගේම අයිවන් පෝල් කියන මායාකරිය විනාශ වෙනවා මතකයිනේ? ඒවගේම ලිලී, ඩෝරියන් ග්‍රේ සමඟ ඉන්නවා. ඊතන් තමන් කරපු වැරදි ඉන්ස්පෙක්ටර් රස්ක් හමුවේ පාපෝච්චාරණය කරනවා සහ ඊතන් ඇමරිකාවට පිටුවහල් කරලා යවනවා. මිස්ටර් ක්ලෙයාර් මිනිස් වාසයෙන් තොර නවාතැනක් හොයාගෙන යනවා. ඒවගේම සර් මැල්කම් සෙම්බින් ගේ මිනිය අරගෙන අප්‍රිකාව බලා පිටත් වෙනවා.
අද කතාව පැත්තට යමු. ඉන්ස්පෙක්ටර් රස්ක්ට පුලුවන් වෙයිද ඊතන්ව ඇමරිකාවට ගෙනියන්න? යන අතරමගදී සිදුවෙන සිදුවීම් පිටුපස කවුද ඉන්නේ? සර් මැල්කම් අප්‍රිකාවෙදි මොනවද කරන්නේ සහ කවුද ඔහුට මුණගැහෙන නාඳුනන තැනැත්තා? ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින් හොයාගෙන එන තැනැත්තා කවුද? වැනේසා උදව් බලාපොරොත්තුවෙන් සොයා යන්නේ කවුද? මිස්ටර් ක්ලෙයාර්ට තම අරමුණ ඉටු කරගන්න හැකිවේවිද? අවසානයේ කතාවට එක්කවන චරිතයේ අරමුණ මොකද්ද? මේ හැම එකකටම උත්තර අද කතාවෙන් බලාගන්න පුලුවන් වෙයි. අද කතාවේ විශේෂත්වක් තියනවා මම උඩින් කිව්වා වගේම ප්‍රධාන චරිත එක්ක තව උප චරිත කීපයක්ම බලාගන්න පුලුවන් වෙනවා.
එහෙනම්, අද කතාව ඔයාලා හැමෝටම නරඹන්න කියලා මම ආරාධනා කරනවා. ඒවගේම ලබනසතියේ කතාව පුලුවන් හැකි ඉක්මනින් දෙන්න බලන්නම්. අමතක නොකර මොනාහරි පහළින් ලියලා යනවා නම් ගොඩාක් අගේ කරනවා. එහෙනම් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම ජයෙන් ජය ම වේවා!
219 MB (x265)කොපිය මෙතනින් බාගන්න
6157183D9C8B5F22F5F4FE2564507448F333F2F9287 MB (x265)කොපිය මෙතනින් බාගන්න
9F5AD37C2BF7B42F92F66F04302374EF2D739CD5 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
906 downloadsDownload Penny.Dreadful.S03E01.baiscopelk.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ප්‍රදීප් මධුසංඛ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රදීප් මධුසංඛ
Subtitles
12 comments
ඉසුරු දිල්ශාන්
prabath
thx macho
roshan
ජයෙන් ජය ම වේවා!
Shehan Randika
thanks broo.......denakan balagena hitiye
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Charith
Thank you very much!!!!!!
Rajitha
Thanls machan.......jayawewa.......!
නලීන්
බ්‍රෝ තැන්කිව්!
kusal
Thank machan!
Kulanjana Maduranga
niayamai…thanks PRADEEP saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Pradeep Somasiri
උපසිරැසට බොහොම ස්තූතියි සහෝ.............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට!!
එහෙනම් සීසන් 3ත් දිගටම අදිමු ඈ!!
ජය!!!!!!