Watch Trailer

Penny Dreadful [S03 : E02] with Sinhala Subtitles | මෘගයින් ළඟින් සහ දුරින්. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට? මට නම් මේ පහුගිය දවස් කීපය සෑහෙන්න අපලයි මොකද අනතුරු වෙනවා කියන දේවල් වෙන්නේ අපිට කියලා නෙමෙයිනේ, දැනට සතියකට කිට්ටු වෙන්න ඉන්නේ ඇඳ උඩට වෙලා. පේන විදියට මට ඇකැඩමික් කරගන්න වෙන්නෙ නෑ සති ගානක් යනකන්. යන්තම් අත් දෙක සනීපයි. ඉතින් ඒවා එහෙම වුණා කියලා මේවා නවත්තන්නත් බෑනේ. ඔන්න අදත්…

ඉතින් කොහොමද ඔයාලට? මට නම් මේ පහුගිය දවස් කීපය සෑහෙන්න අපලයි මොකද අනතුරු වෙනවා කියන දේවල් වෙන්නේ අපිට කියලා නෙමෙයිනේ, දැනට සතියකට කිට්ටු වෙන්න ඉන්නේ ඇඳ උඩට වෙලා. පේන විදියට මට ඇකැඩමික් කරගන්න වෙන්නෙ නෑ සති ගානක් යනකන්. යන්තම් අත් දෙක සනීපයි.  ඉතින් ඒවා එහෙම වුණා කියලා මේවා නවත්තන්නත්  බෑනේ. ඔන්න අදත් එහෙනම් Penny Dreadful කතා මාලාවේ තුන්වෙනි කතා සමයේ දෙවනි කතාංගය අරගෙන ආවා. ඉතින් ඔයාලා ගිය සතියේ කතාව රස විඳින්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඉතින් මේක බලන පිරිසගේ අඩුවකුත් පේන්න තියෙනවා. මම දන්නේ නෑ ඒකට හේතුවක් නම්. ඒත් බලන පොඩි පිරිස හරි මට ගොඩාක් වටින නිසා උපසිරසිය අරගෙන ආවා. එහෙනම් ගියසතියේ කතාවේ මොකද්ද වුණේ කියලා පොඩ්ඩක් බලලම ඉමුකෝ. ඉන්ස්පෙක්ටර් රස්ක් ඇතුළු කණ්ඩායම ඊතන්ව ඇමරිකාව බලා යද්දි අතරමගදී නොසිතූ විරූ අත්දැකීමකට මුහුණ දෙන්න වුණා. ඊතන්ව යම්කිසි කණ්ඩායමක් විසින් පැහැරගත්තා. ඒ තමංගේ පියා යටතේ වැඩ කරන පිරිස් බවට ඊතන් පසුව දැනගත්තනේ. ඒවගේම සර් මැල්කම් අප්‍රිකාවට ගිහින් සෙම්බින්ව භූමදානය කළා. ඒ ගමනෙදි සර් මැල්කම්ට නාඳුනන පුද්ගලයෙක් මුණගැහුනා. ඒ තමයි ඊතන්ගේ පියා. මට නම් තාම විස්වාස නෑ හැබැයි මේ වෙන දේවත් එක්ක. ඒවගේම ඩොක්ටර් ෆ්රෑන්ක්ස්ටයින්ව හොයාගෙන එනවා පුද්ගලයෙක්, නම තමයි ඩොක්ටර් ජේකිල්. මෙයා ඉන්දියානුවෙක්. කාලෙකට කළින් වික්ටර්ගේ යාළුවෙක්.මෙයා මෙතෙන්ට සම්බන්ධ වෙන හේතුව නම් පොඩ්ඩක් අපැහැදිලියි. ඒවගේම වැනේසා උදව් බලාපොරොත්තුවෙන් කෙනෙක්ව මුණගැහෙන්න යනවා. ඒ තමයි ඩොක්ටර් සුවර්ඩ්. මෙයා ඇවිල්ලා මානසික  වෛද්‍යවරයෙක්. වැනේසා මෙයාගෙන් වෛද්‍ය උපදෙස් ගන්න හිතාගෙන එනවා. ඒවගේම එයාට යම්කිසි හුරුපුරුදු බවක් දැනුනා එතනදි. මිස්ටර් ක්ලෙයාර් තනිවම යනවා ඔහුගේ අරමුණ ඉටු කර ගැනීම සඳහා. මේ සිදුවීම් අවසානයේ එක විශේෂ චරිතයක් කතාවට එකතු වුණා. ඒ තමයි ඩ්‍රැකියුලා. අලි මදිවට කොටි කිව්වලු නේද?  හරි, ඉක්මන්ට යමු අද කතාව පැත්තට. ලිලී සහ ඩෝරියන් එකතු වෙලා කරන්නේ මොනවද? සර් මැල්කම්ගේ ඊළඟ ගමනාන්තය මොකක් වෙයිද? ඊතන්ගේ ගමන අතර මඟ උදව් කරන තැනැත්තිය කවුද? වික්ටර් සහ ජේකිල් කරන කුමන්ත්‍රණය මොකද්ද? ඒ වගේම වැනේසා ඩොක්ටර් ස්වීට් අතර තියෙන සම්බන්ධතාවයට මොකද වෙන්නෙ? අවසානයේ ඇයව ලුහුබඳින අඳුරේ බලවේග සහ කවුද මේ ඩ්‍රැකියුලා කියලා බලාගන්න පුලුවන් අද කතාවෙන්.  එහෙනම් අද කතාංගයත් හැමෝටම නරඹන්න ආරාධනා කරනවා. ලබන සතියේ කතාවත් වෙලාව තියෙන විදියට කොහොමහරි ඉක්මන්ට දෙන්න බලන්නම්. ගියසතියේ කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි. එතකන් ගිහින් එනකම් හැමෝටම ජයෙන් ජයම වේවා…!

 

Penny Dreadful (2014– ) on IMDb

 

 

254 MB (720p x264)කොපිය මෙතනින් බාගන්න

6074D64F7668DC0ABA2C6C02E6A0E060F2FB4E38

199 MB (720p x265)කොපිය මෙතනින් බාගන්න

525245ABB9D7AEC8BFE9495CDBEC2EB0A8AB81AC   ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

646 downloadsDownload Penny.Dreadful.S03E02.Baiscopelk.com_.rar43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ප්‍රදීප් මධුසංඛ සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                   All Episodes                        Next Episode >>

Subtitles

646 downloadsDownload Subtitles43 KB

13 comments

  1. Gihan

    Thank you

  2. Kulanjana Maduranga

    niayamai…thanks PRADEEP saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Bassa

    adarei kollo.... me kathawa balana pirisa mechchara adu ai kiyala matath hitha ganna amarui...

    supernatural balana aya meka balanne na... ane manada... eth digatama dipan macho... api innawa

  4. බස්සගේ වැඩක්

    digatama dipan mcho api innawa

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. Charith

    Thanks bro!

  7. Rajitha

    Thank you machan......jayawewa.....!

  8. නලීන්

    බ්‍රෝ තැන්කිව්!

  9. kusal

    Thank machan!

  10. Nalinda

    oyada 12 monkeys serious eka karnne Ep 3 &amp; 4i mata sub tila mail karnna [email protected]

  11. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. harsha

    thanks bro..

  13. Rasitha Pradeep Somasiri

    උපසිරැසට බොහොම ස්තූතියි සහෝ.............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.