කස්ටිය මට හොදටම බැන බැන ඇති නේද? මෙදා කොටහ නම් ඉතිං සෑහෙන්න පරක්කු වුණා. සමාවෙන්න ඕනේ. සෑහෙන කාර්යය බහුල සතියක් වුණා. ඉතිං CW ක්‍රොස් ඕවර් එක නිසා කස්ටියට මේක ගැන වැඩි මතකයක් තියෙන්න නැතිව ඇති කියල හිතනව.(සිත නිවන කතා ). ඉතිං පරක්කු වෙලා තියන එකේ වැඩි කතා ඕනෙ නැහැ. පොඩියට අද කොටස ගැන කියල දාන්නම්.…

කස්ටිය මට හොදටම බැන බැන ඇති නේද? මෙදා කොටහ නම් ඉතිං සෑහෙන්න පරක්කු වුණා. සමාවෙන්න ඕනේ. සෑහෙන කාර්යය බහුල සතියක් වුණා. ඉතිං CW ක්‍රොස් ඕවර් එක නිසා කස්ටියට මේක ගැන වැඩි මතකයක් තියෙන්න නැතිව ඇති කියල හිතනව.(සිත නිවන කතා ![]()
).
ඉතිං පරක්කු වෙලා තියන එකේ වැඩි කතා ඕනෙ නැහැ. පොඩියට අද කොටස ගැන කියල දාන්නම්. ඉතිං වර්තමාන කතාව ගැන කියනව නම් ගිය සතියේ දී හැරී, සෙබස්තියන් සහ ලියෝ පැමිණ ඇලෙක්සව සහ ඩයානාව බේරගන්නව. අද හතර දෙනාම ඩයානාවත් රැගෙන බංකරය වෙතට යනව. එහිදී ඇලෙක්ස් ෂෙල්බි සමග දුරකථනයකින් සම්බන්ධවෙනවා. ඒ වගේම එහි මුලු නගරයම විනාශ කිරීමට හැකි ජෛව අවිය තිබෙන ස්ථානය ගැන ෂෙල්බි ඇයට පවසනවා. ඉතිං කස්ටියම එම ජෛව අවිය සොයාගෙන යන්න තමයි සූදානම් වෙන්නෙ. ඒ වගේම U.S. උතුරු අණදෙන ප්‍රධානියා FBI මූලස්තානයට පැමිණනවා. ඒවගේම ඇය සූදානම් වෙනවා ත්‍රස්තවාදීන් සහ ප්‍රාණ ඇපකරුවන් සමගම එම ගොඩනැගිල්ල ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් විනාශ කර දැමීමට. ෂෙල්බි ඇයට ඇලෙක්ස් ගැන පවසනවා සහ ඇය ෂෙල්බිහට විනාඩි 48 ලබාදෙනවා.
ඒ වගේම අතීත කතාවේ අද දින ඔවුන්ට ප්‍රශංසා කිරීම වෙනුවෙන් ගෙදර යාමට නිමාඩුවක් හම්බෙනවා. නමුත් එයත් නිකන්ම යාමට හම්බෙන්නෙ නැහැ. ඒ අද දිනයේත් ඔවුන්ට පරික්ෂණයකින් සමත් වීමට සිදු වෙනවා. ඒ තමයි ඉතිං ඔවුන්ගේ ආවරණය ආරක්ෂා කරගැනීම සදහා හැමදෙනාම පිළිගත යුතු බොරුවක් කීමට සිදුවෙනවා. ඒ වගේම රයන් AIC යට තෝරාගත් බව ගිය සතියේ පවසනවා. ඉතිං ඔහුගේ විශ්වාසය පරීක්ෂා කිරීමට ඔවුන් අද ඔහුට පරීක්ෂණයක් ලබාදෙනවා. එලෙසම ඇලෙක්ස් ෂෙල්බි සහ නීමා ගේ රහස ගැන සොයාගන්නවා. ඒ වගේම ඇලෙක්ස් ව මෙහෙයුමෙන් ඉවත් කරන බව ඔවුන් පවසනවා. ඒ වගේම ඇලෙක්ස් සහ රයන් විවාහ ගිවසගැනීමත් සිදුකරනවා. කණ්ඩායමෙන් රයන්ට අමතරව AIC ට තෝරාගත් අනෙක් අය ගැනත් අද දැනගැනීමට ලැබෙනවා.
අවසානයේදී ඇලෙක්ස් දැනගන්නවා රයන්ද ත්‍රස්තවාදීන්ට සම්බන්ධයි කියල. එහෙනම් ඉතිං අද කස්ටියට ජෛව අවිය සොයාගෙන එය අක්‍රීය කිරීමට හැකිවේවිද? අතීත කතාවේදී ඔවුන්ට පරීක්ෂණය සමත් වීමට හැකිවේවිද? AIC ට තෝරාගත් අය කවුද? මේ සියල්ලම දැනගැනීමට කතාව නරඹන්න කියල ඉල්ලනව.
ඉතිං අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ කොටස තමයි මේ වසර සදහා විකාශය වෙන අවසන් කොටස. නැවත 9 වැනි කොටස විකාශය වීමට නියමිත ජනවාරි මාසේ 23 වැනිද කියල තමයි දැනට ආරංචිය. ඉතිං කියන්න ඕනේ සමහර විට ඊළග කොටසේ සිට වෙනත් අයෙක් මේකට උපසිරැසි ලබාදෙන්න ඉඩ තියනව. මොකද ඊළග කොටසේ ඉදන් මේ කතාව විකාශය වෙන්නේ සදුදා දිනයේ කියල තමයි දැනට ආරංචිය. ඉතිං සදුදා විකාශය වෙනව කියන්නෙ ඉංග්‍රීසි සබ් එකක් එන්නෙ අගහරුවාදා රෑ වෙලා. ඒ වගේම මම උපසිරැසි ලබාදෙන අනෙක් කථාමාලාව වන Chicago PD කථාමාලාව බදාදා දිනයේ විකාශය වෙනවා. මගේ රැකියාවේ කාර්යය බහුලත්වයත් එක්ක එක ළග උපසිරැසි දෙකක් කරගන්න අමාරු වෙනව ඉතිං
එහෙනම් නැවත හමුවෙන තුරු හැමදෙනාටම සුබ දවසක්….!!!!
Due to copyright issues, we do not provide any torrent links.
quantico.208.hdtv-lol
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
780 downloadsDownload quantico.208.Baiscopelk.com_.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
7 comments
රයන් ද සිල්වා
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rajitha
Thanks bro......jayawewa......!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
pdrox
බොහොම ස්තුති සහෝ :D
Dhammika
Thanks for all……jayawewa……!
Adithya
බොහොම ස්තුති සහෝ...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අවුලක් නෑ සහෝ ටිකක් පරක්කු උනාට
ඕයාම සබ් එක දෙන්නේ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴