Watch Trailer

Rana Naidu (2023) [S01: E02] Sinhala Subtitles | පිය පුතු ගැටුමක ආරම්භය [සිංහල උපසිරැසි] [18+]

Netflix ඔස්සේ අලුතින්ම එලි දක්වපු ඉන්දියන් කතාමාලාව එක්ක තමා ඔයාලා එකතු වෙලා ඉන්නේ. කතාවේ නම ඇවිල්ලා Rana Naidu. මේ කතාමාලාව ගැන මුල ඉඳන්ම පොඩි කතාබහක් තිබ්බ නිසා, ගොඩ දෙනෙක් බලන් හිටිය නිසා ඔන්න අපි අරන් එනවා මේකත්. Rana Naidu වෙනුවෙන් 7.2ක IMDb අගයක් ලැබිලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ වෙන්කටේෂ්…

Netflix ඔස්සේ අලුතින්ම එලි දක්වපු ඉන්දියන් කතාමාලාව එක්ක තමා ඔයාලා එකතු වෙලා ඉන්නේ. කතාවේ නම ඇවිල්ලා Rana Naidu. මේ කතාමාලාව ගැන මුල ඉඳන්ම පොඩි කතාබහක් තිබ්බ නිසා, ගොඩ දෙනෙක් බලන් හිටිය නිසා ඔන්න අපි අරන් එනවා මේකත්. Rana Naidu වෙනුවෙන් 7.2ක IMDb අගයක් ලැබිලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ වෙන්කටේෂ්, රානා ඩග්ගුබාටි, සුර්වීන් චවුලා ඇතුළු දන්න කියන කට්ටිය. කොටස් 10කින් සමන්විත වෙන Rana Naidu, Ray Donovan කියන කතාමාලාව ඇසුරින් තමා හදලා තියෙන්නේ. එහෙනම් මෙන්න අරන් ආවා දෙවනි කොටස. කලින් කොටස මතක් කරගෙනම බලමු ඒකත්.

රානා කියන්නේ මොන වගේ චරිතයක්ද? මොන විදිහෙ රැකියාවක්ද එයා කරන්නේ කියලා කලින් කොටසින් අවබෝධයක් එන්න ඇති. තමන්ගෙ සුන්දර බිරිඳ, දුව සහ පුතා එක්ක රානා ලස්සන පවුල් ජීවිතයක් ගෙව්වා. රානා කළේ මහ අමුතු රස්සාවක්. දකින්න ඇතිනේ අර ක්‍රිකට් ක්‍රීඩකයාගේ ශුක්‍රාණු පලහිලව්ව. ඒ සිද්ධිය මොන තරම් දරුණුද කියලත් දකින්න ඇති. කොහොමහරි ඒ වැඩේ ඉවර වුණාම රානාට තව වැඩක් පංගනාතු වෙනවා. ඒ “ප්‍රින්ස්ගෙ” වැඩේ. ඔය අතර අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා තමන්ගෙ හිර දඬුවම විඳලා අවසානයේ නිදහස් වෙන මනුස්සයෙක්ව. අවුරුදු 15කට පස්සෙ තමා මෙයා හිරගෙදරින් එලියට එන්නේ. පස්සෙ අපිට දැනගන්න පුලුවන් වෙනවා මේ රානාගේ තාත්තා, නාගා කියලා. මේ නාගා ආපු ගමන් අමුතු අමුතු වැඩ ටිකක් කළා දකින්න ඇති. ආශ්‍රමයකට රිංගලා නටපු හරියත් දකින්න ඇති. ඒවට හේතුවත් හිතාගන්න පුලුවන් වෙන්න ඇතිනේ ඔයාලට. කලින් කොටස අවසන් වෙන්නේ නාගා එයාලගෙ පුත්‍තුන්ව මුණගැහෙන තැනින්. පුත්තු දෙන්නෙක්ව මුණගැහෙන එක සාමාන්‍ය විදිහට වුණාට රානා සහ නාගාගෙ මුණගැහිම නම් එච්චර හොඳ විදිහට නොවෙන පාටක් තමා පේන්න තිබ්බෙ නම්…

අද එතැන් සිට….!!

 

              Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,500 downloadsDownload Rana.Naidu_.S01E02.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

PHOENIX

Subtitles

4,500 downloadsDownload Subtitles23 KB

8 comments

  1. Naveen Mbr

    ජයි ෆීනික්ස්!

  2. Kushan

    Sub akta thanks

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි PHOENIX සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  5. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Anonymous

    සුපිරියක් වගේ
    ඔක්කොම දුන්නම බලනෝ
    සබ් ඔක්කොටම ස්තුතියි බයිස්කෝප්

  7. sahangayantha

    Thanks a lot saho sub ekata

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P