කොටස් 10ක දීර්ඝ වැල කතා මාලාවක තුන්වෙනි කොටසේ සිංහල උපසිරැසිය මේ විදියට අරගෙන ආවේ. සුපර්න් වර්මා, කරන් අනුෂුමන් අධ්‍යක්ෂණයෙන් වර්ග වර්ග වලින් වැල සීරීස් එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. මූ මොකද වැල ගැන විතරක් කියන්නෙ. කතාවේ හයිලයිට් වෙලා පේන්නේ ඒක නම් වෙන මොනවා ගැන කතා කරන්නද, නේද? රානාගේ රඟපෑම තමයි මේ…

කොටස් 10ක දීර්ඝ වැල කතා මාලාවක තුන්වෙනි කොටසේ සිංහල උපසිරැසිය මේ විදියට අරගෙන ආවේ. සුපර්න් වර්මා, කරන් අනුෂුමන් අධ්‍යක්ෂණයෙන් වර්ග වර්ග වලින් වැල සීරීස් එකක් නිෂ්පාදනය කරලා තියෙනවා. මූ මොකද වැල ගැන විතරක් කියන්නෙ. කතාවේ හයිලයිට් වෙලා පේන්නේ ඒක නම් වෙන මොනවා ගැන කතා කරන්නද, නේද? රානාගේ රඟපෑම තමයි මේ සීරීස් එකම දරාගෙන ඉන්නෙ. ඇත්තටම මේක Ray Donovan සීරීස් එකේ අනවශ්‍ය රීමේක් එකක්. ඔරිජිනල් එක මොන වගේද කියලා අදහසක් ගන්න විදියක් නැහැ. මොකද මට ඉංග්‍රීසි සීරීස් එක බලන්න වුණේ නැහැ. මේ කතා මාලාව ගැන බලාපොරොත්තු තියාහත්තේ රානා සහ වෙන්කටේෂ් ප්‍රතිවාදි චරිත රඟදක්වන නිසායි. අවංකවම කිව්වොත් මේක බලාපොරොත්තු තෘප්තිමත් කරන්න අසමත් වුණා. කොහොම වුණත් අපි මේ සීරීස් එක එන්න කලින් සංවිධානය කරගෙන තිබුණේ. ඒ නිසා වැඩේ නතර කරලා දාන්න කැමැත්තක් තිබුණෙ නැහැ. හැමොම එකමුතු වෙලා සහයෝගයෙන් ඔයාලට මේ සීරීස් එක අරගෙන එනවා.
නාගාට රානා ගැන ලොකූ ආදරයක් තිබුණත්, රානාට තාත්තා ගැන ආදරයක් තිබුණෙ නැහැ. තිබුණත් පෙන්වන්නෙ නැහැ. ඊට වඩා එයාගේ හිතේ තාත්තා ගැන තදබල වෛරයක් තිබුණා. අඩුම තරමේ නාගාට ‘තාත්තේ’ කියලා වත් කතා කරන්නෙ නැහැ. කලින් කිව්වා වගේ රානා ගෙදරින් පිට අයගේ ප්‍රශන විසඳල දුන්නට ගෙදර ඇතුලේ ප්‍රශ්න ජාලාවක්. ගෙදර විතරක් නෙවෙයි පවුල ඇතුලෙ සාමාජිකයින්ට විවිධ ප්‍රශ්න තිබුණා. නාගා, රානාගේ පවුල මැද්දට ආවොතින් එයාගේ පවුල බිඳලා දානවා කියලා තරයේම කිව්වා. රානා එයාගේ නෝනා එක්ක රණ්ඩුවක් ඇති කරගත්තම දවසක් දෙකක් යනකල් ගෙදරට එන්නෙ නැහැ. මේ වගේ රානා ගෙදර නැති වෙලාවක නාගා එයාගේ ගෙදරට එනවා. රානාගේ බිරිඳ, දරුවෝ එක්ක කතාබහකදී රානාගේ මැරුණු නංගි, ඒ කියන්නේ නාගාගේ එකම දුව ගැන නාගා කියනවා. මෙච්චර කාලයක් තාත්තගේ පපුවෙ පච්චෙ තිබුණ නම එයාගේ කියලා රානාගේ දුව නිත්‍යා හිතුවා. රානා මේ රහස ඒ වෙනකල් දරුවෝ දෙන්නාගෙන් වසන් කරලා තිබුණා. ඒ වගේම රානාට තවත් මල්ලි කෙනෙක්(අර්ජුන්) ඉන්නවා කියලත් නෛනාට(රානාගේ බිරිඳ) කියනවා. නාගා හිරෙන් නිදහස් වෙලා ආවේ එයාගේ පවුල එකතු කරන්න කියලයි එයා කියන්නේ. කොහොම වුණත් ප්‍රින්ස් ලිංගිකව එකතුවෙන වීඩියෝවක් නාගා පිට කිරීම නිසා රානාගේ සුළු සහෝදරයා අර්ජුන්ට රානාගේ සහයකයා දම්මලා හොඳටම ගහනවා. නාගා මේ ගණන් රානාගේ ගිණුමට එකතු කරගෙන ඉන්නෙ.
මේ අතරෙදි OB දේශපාලන රැස්වීමකදී අමුතු විදියට හැසිරෙන්න ගන්නවා. එකසැරේටම බියකින් වගේ විකාර කරනවා. මේ රැස්වීම මාධ්‍යවලින් ආවරණය කරපු නිසා පුවත් වලින් ප්‍රචාරණය වෙනවා. ප්‍රින්ස්ගේ වීඩියෝව පිට වුණ නිසා ප්‍රින්ස් චිත්‍රපටියේ රූගත කිරිම් මඟ හරිනවා. කොහොම හරි කරලා රානා වීඩියෝව පැතිරෙන එක වලක්වනවා. මේ අස්සෙදි නෛනා දරුවෝ දෙන්නත් එක්ක තේජ්ගේ ස්ටන්ට් පුහුණු කරන මධ්‍යස්ථානයට යනවා. නාගා, තේජ්, ජෆ්ෆා එක්ක දරුවෝ දෙන්නා සතුටින් කාලය ගත කරනවා. කොහොම වුණත් මේක දැනගත්ත රානා නෛනා, දරුවන්ව ගෙදරට පිටත් කර හරිනවා. විජයවාඩා මහරාජ්ගෙන් ජෆ්ෆාට ලැබුණ සල්ලි වලට පිස්සු වැටිලා තේජ්ගේ ගොඩනැගිල්ලෙ පහල මාලයේ සල්ලි අතුරලා උඩ තට්ටුවෙන් ඉඳන් ඒ පහලට පනිනවා.
මේක වචනයේ පරිසමාප්තියෙන්ම නියම නෙට්ලිෆ්ලික්ස් සීරීස් එකක්. අනවශ්‍ය විදියට ඇතුලත් කරපු ලිංගික දර්ශන, බාල වයස්කාරයින් මත් පැන් පානය කිරීම වගේ නුසුදුසු දර්ශන ආදිය ඇතුලත්. ඒ නිසා සයිට් එකේ අවවාද නොසළකා ආව බබාලා ටික මේවා නොබලා හිටියා නම් ඇඟට වගේම මනසටත් හොඳයි. කවුරු වුණත් මේක අනිවාර්යයෙන්ම තනිවම බලන්න. මොකද රානා එයාගේ පවුලෙ ප්‍රශ්න ටික විසඳගන්න කලින් ඔයාලගේ පවුලෙ ප්‍රශ්න විසඳගන්න වේවි.
මේ කතා මාලාවට මයුර සුරාජ්, රවිඳු හෙෂාන්, සිසිත සමරතුංග, ආසිරි ප්‍රියන්ත යන සහෝදරවරුන් මගෙත් එක්ක එකතු වෙනවා. මයුර සහෝදරයාගේ තදබල බලකිරීම නිසා මමත් මේකට සම්බන්ධ වෙන්නේ. දෙවෙනි කොටසට ෆීනික්ස් සහෝදරයා උපසිරැසිය ලබා දුන්නා. ඉතින් හතරවෙනි කොටසින් අපේ හේෂාන් සහෝදරයා හමුවේවි. ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,962 downloadsDownload Rana-Naidu-2023-S01EP-03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #Baiscopelk
- #Editor's Pick
- #Gaurav Chopra
- #MaxxA
- #Offbeat
- #Rajni Basumatary
- #Rana Daggubati
- #Rana Naidu S01E03 sinhala sub
- #Rana Naidu sinhala sub
- #Rana Naidu Sinhala Subtitles
- #Remove term: Rana Naidu S01E01 sinhala sub Rana Naidu S01E02 sinhala sub
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Suchitra Pillai
- #Surveen Chawla
- #TV
- #Venkatesh Daggubati
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
මයුර
Naveen Mbr
ස්තූතියි අයියේ! ;-)
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි නවින් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥sahangayantha
Thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Rana Naidu (2023) [S01: E03] Sinhala Subtitles | නාගා උගුලක. [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Rana-Naidu-2023-3.jpg)

සබට තුති මචෝ. අම්මෝ ලිපිය
මේක උල්ලු ඇප් එකේ දෙන්න තිබ්බ කතාවක්