රානා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ගැටළු විසඳන්නෙක්. ඕනෑම බැරෑරුම් අවස්ථාවකදී වුණත් මෙයා වැඩක් කරන්න ලැහැස්තියි. රානාගෙන් පොරොන්දුවක් ගත්තා කියන්නේ ඒ වැඩේ සිද්ද වුණා කියන එකයි. සායද් මිර්සා නම් ක්‍රිකට් ක්‍රීඩකයා කෙල්ලෙක්ව කාමරයකට ගෙන්වා ගන්නවා. මේ ප්‍රසිද්ධ තරුවලට කෙල්ලන්ව සපයන්නා කූට සැලැස්මක නිරත වුණ.…

රානා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ගැටළු විසඳන්නෙක්. ඕනෑම බැරෑරුම් අවස්ථාවකදී වුණත් මෙයා වැඩක් කරන්න ලැහැස්තියි. රානාගෙන් පොරොන්දුවක් ගත්තා කියන්නේ ඒ වැඩේ සිද්ද වුණා කියන එකයි. සායද් මිර්සා නම් ක්‍රිකට් ක්‍රීඩකයා කෙල්ලෙක්ව කාමරයකට ගෙන්වා ගන්නවා. මේ ප්‍රසිද්ධ තරුවලට කෙල්ලන්ව සපයන්නා කූට සැලැස්මක නිරත වුණ. මොහු ශුක්‍රාණු සාම්පල ලබාගෙන ඉන් කෘතීම සිංචනය කර දරුවන් බිහි කරනවා. මේක බ්ලැක්මේල් කරන ක්‍රමයක්. සායද් මිර්සාට වෙන්න යන අනතුර ගැන රානාට එයාගේ ලොක්කගෙන් කෝල් එකක් ලැබෙනවා. රානා එද්දි එම පුද්ගලයා ශුක්‍රාණු සාම්පලය ලබාගෙන හෝටලයෙන් පිටත්වෙමින් සිටියා. වැඩේ අත් නොහැරිය රානා එම පුද්ගලයාගේ කාර් එක පස්සෙන් හඹා ගොසින් කොටුකර ගන්නවා. මිර්සාව සිද්ද වෙන්න ගිය අවමානයෙන් බේරා ගත්තත්, රානා කරන්නෙත් බ්ලැක් මේල් කරනවා වගේ දෙයක් තමයි. මේ බේරගන්න පුද්ගලයින්ගෙන් මුදල් හා දේශපාලන වෙනත් ක්‍රම වලින් උදවු උපකාර ලබ ගන්නවා. රානාට බිරිඳක්, දුවෙක්, පුතෙක් එක්ක ලස්සන පවුලක් තිබුණා. එයාලා එකිනෙකාට ආදරෙයෙන් කාලය ගත කරා. ඒත් රානාට ගෙදර ඉන්න ලැබෙන වෙලාව තමයි තියෙන ගැටළුව. ප්‍රසිද්ධ කෙනෙකුට කරදරයක් නම් රානාට ඉක්මනින්ම ගෙදරින් පිටත්වෙලා යන්න වෙනවා. ගෙදරින් පිට ප්‍රශ්න ඉතාමත් ලෙහෙසියෙන් විසඳන රානාට ගෙදර ඇතුලේ ප්‍රශ්න විසඳන එක ඉතාමත් අසීරු දෙයක් වෙනවා. රානාට තේජ් හා ජෆ්ෆා නමින් සහෝදරයෝ දෙදෙනෙක් ඉන්නවා. මෙයාලගේ තාත්තා නාගා අවුරුදු 20කට සිරගත වෙලා හිටියා. කොහොම වුණත් එයාට අවුරුදු 15න්ම(වර්ථමානයේ) නිදහස් වෙන්න පුළුවන් වෙනවා. නිදහස් වෙලා ඇවිත් තේජ්, ජෆ්ෆාව හමුවෙනවා. මේ සහෝදරයෝ දෙන්නා තාත්තා එක්ක ඒ තරම් හිත් මනාපයක් තිබුණෙ නැහැ. කොහොම වුණත් නාගා කරපු දේවල් වලට රානා සමාවක් දෙන්නෙ නැහැ. අවුරුදු 15ක කලින් සිද්ද වුණ දේවල් නිසා ජෆ්ෆා මානසික රෝගයකින් පෙලෙනවා. තේජ් ස්නායූ දුර්වලතා රෝගයකින් පෙලෙනවා. නාගාගේ නැවත පැමිණීම මේ සහෝදරයින්ට මොන විදියට බලපාවිද?
රානා නායිඩු හින්දි භාෂාවෙන් නිෂ්පාදනය වූ අපරාධ, ක්‍රියාදාම, නාට්‍යමය වෙබ් කතා මාලාවක්. සුපර්න් වර්මා, කරන් අන්ෂුමන් යන අධ්‍යක්ෂකවරුන් දෙදෙනා මේ කතා මාලාව අධ්‍යක්ෂණය කරනවා. කරන් අන්ෂුමන් මීට පෙරදී Inside Edge (2018) කතා මාලා දෙක අධ්‍යක්ෂණය කලා. ඒ වගේම සුපර්න් වර්මා The Family Man (2019) කතා මාලාවේ කොටස් කිහිපයක් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. මේ කතා මාලාවට සම්මාන දිනූ Ray Donovan (2013 – 2020) ඇමරිකානු කතා මාලාව පාදක කරගෙන තියෙනවා. මේ සීරීස් එක ගැන වැඩියෙන්ම කසුකුසුවක් ඇති වුණේ රානා හා වෙන්කටේෂ් ප්‍රතිවාදි චරිතවල රඟපානවා දකින්න පුළුවන් නිසායි. සැබෑ ජීවිතයේදී බාප්පා හා පුතා මේ සීරීස් එකේදි පියා හා පුතා විදියට චරිත රඟ දක්වනවා. රානා හා වෙන්කටේෂ් කියන මේ නළුවෝ දෙන්නාට වෛර කරන පිරිස (Zero Haters) අවමයි. වෙන්කටේෂ් නැත්නම් වෙන්කි වෛරයක් ඇති නොවන එකම රටාවේ චරිත කරමින් ආව කෙනෙක්. වෙන්කටේෂ් Ganesh (1998), Nuvvu Naaku Nachavu (2001), Malliswari (2004), Lakshmi (2006), Seethamma Vakitlo Sirimalle Chettu (2013), Drushyam (2014), Guru (2017), F2 : Fun & Frustration (2019) වගේ චිත්‍රපට රාශිකයටම දායක වුණා. 1993 දී Anari (1993) චිත්‍රපටයෙන් වෙන්කටේෂ් හින්දි සිනමාවට අවතීර්ණ වෙනවා. ඒත් හින්දි සිනමාවෙන් සාර්ථකත්වයක් අත්කර ගන්න බැරි වෙනවා. වෙන්කටේෂ්, සල්මාන් ඛාන්ගේ Kisi Ka Bhai Kisi Ki Jaan චිත්‍රපටයද සම්න්ධ වෙන්වා. ඒ වගේම වෙන්කිගේ 75වන චිත්‍රපටය Saindhav මේ වනවිට නිෂ්පාදනය වෙමින් පවතිනවා. බාහුබලී චිත්‍රපටවල බල්ලාල්දේවා චරිතය තමය රානා ගැන හඳුන්වා දෙන්න ලේසිම ක්‍රමය. Arrambam (2013), Baby (2015), Bahubali : The Beginning (2015), Rudhramadevi (2015), Bahubali : The Conclusion (2017), Bheemla Nayak (2022) යනාදි චිත්‍රපටවල රඟපාලා තිබෙනවා. කොහොම වුණත් වෙන්කටේෂ් මාමාව හා චෛතන්‍යා බෑනාව එකම රාමුවකදී Venky Mama (2019) චිත්‍රපටයෙන් දකින්න පුළුවන් වුණා.
ඇත්තටම ප්‍රධාන නළුවන් දෙදෙනාත් තවත් තෙළිඟු නළුවන් කිහිප දෙනෙකුම සම්බන්ධ වුණත්, සමහර චරිත වලට තෙළිඟු නම් පාවිච්චි කලත් මේක මුළුමනින්ම හින්දි කතා මාලාවක්. ඒ වගේම මේ කතා මාලාවේ ප්‍රධානම ඉලක්කය උතුරේ ප්‍රේක්ෂකයින්. මොකද දකුණු ඉන්දියාවේ මේ වගේ තේමාවන්# ප්‍රතික්ෂේප කර දමනවා. ඔවුන්ට මේ කතා මාලාවට හැඩ ගැහෙන්න බැහැ. වෙන්කටේෂ් හා රානා දෙදෙනාම හින්දි බසින් හඬකැවීමට දායක වී තිබෙනවා. කොහොම වුණත් වෙන්කටේෂ්ගේ හින්දි ගැන විචාරක හා සමාජමාධ්‍යයේ විවේචන එල්ල වුණා. ඒ වගේම මේකට එතරම් යහපත් ප්‍රතිචාර ලැබුණෙ නැහැ.
මේක පවුලේ සැමට එකට වාඩිවෙලා බලන්න පුළුවන් ජාතියේ සීරීස් එකක් නෙවෙයි. ඒ නිසා ශබ්දය එහෙම අඩු කරලා බලන්න කියලා අවවාද කරනවා. ලිංගික දර්ශන ආදිය බොහෝම ප්‍රමාණයක් මෙහි ඇතුලත්. සමස්ථයක් වශයෙන් මේ කතා මාලාවට Imdb අගය කිරීම 7.2/10ක් ලැබිලා තියෙනවා. NDTV – 2.5/5ක් ද, TOI – 3/5 වශයෙන්ද අගය කිරීම් ලැබිලා තියෙනවා.
රානා ඩගුබාටි, වෙන්කටේෂ් ඩගුබාටි, ශුෂාන්ත් සිං, අශිෂ් විද්‍යාර්ති, අබිෂේක් බැනර්ජී, සුර්වීන් චව්ලා, සුචිත්‍රා පිල්ලෛ, ආදිත්‍යා මෙනන්, ගෞරව් චොප්රා යන අය මේ කතා මාලවේ චරිත ඉදිරිපත් කරනවා.
මේ සීරීස් එකට මයුර සුරාජ්, රවිඳු හෙෂාන්, සිසිත සමරතුංග, ආසිරි ප්‍රියන්ත යන සහෝදරවරුන් මගෙත් එක්ක එකතු වෙනවා. මයුර සහෝදරයාගේ තදබල බලකිරීම නිසා මමත් මේකට සම්බන්ධ වෙන්නෙ. 2023 වසරේ මාර්තු මස 10 දා නෙට්ලිෆ්ලික්ස් ඔස්සේ විකාෂණ ඇරඹුණු මේ කතා මාලාවේ දෙවන සීසන් එකක් එන බවට ඉඟි මඟින් සඳහන් කරනවා.
ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,170 downloadsDownload Rana-Naidu-2023-S01EP01.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #Baiscopelk
- #Editor's Pick
- #Gaurav Chopra
- #MaxxA
- #Offbeat
- #Rajni Basumatary
- #Rana Daggubati
- #Rana Naidu S01E01 sinhala sub
- #Rana Naidu sinhala sub
- #Rana Naidu Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Suchitra Pillai
- #Surveen Chawla
- #TV
- #Venkatesh Daggubati
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
14 comments
Anonymous
Ravindra
Thanks
Anonymous
දෙනකන් බලන් උන්නු එකක්
ඉක්මනින්ම දුන්නට තැන්ක්ස් බයිස්කෝප්PCVENOM
good work
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි නවින් සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
Thanks jayawewa....!
Naveen
උපසිරසියට තුති
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
sahangayantha
Thanks a lot saho sub ekata
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥මයුර
සබට තුති මලේ.
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Anonymous
patta
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Rana Naidu (2023) [S01: E01] Sinhala Subtitles | රානාට ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් . [සිංහල උපසිරැසි] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/03/Rana-Naidu-2023-3.jpg)

සා වෑව් ❤️