Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S01 : E11] Sinhala Subtitles | දණ්ඩන උත්සවය! [සිංහල උපසිරැසි සමග]

ඉතින් අද ගෙනාවේ මේ කතා මාලාවේ එකොළොස්වැනි කොටස. තව කොටස් දෙකයි මේ සීසන් එකෙන් එන්න තියෙන්නේ. ඉතින් බයිස්කෝප් කාර්ය මණ්ඩලයටත්, මාව දිරි ගන්වමින් කමෙන්ටු දැම්ම ඔයාලටත් ස්තූති කරන ගමන්, අපි අද කතාව පැත්තට හැරෙමු. පසුගිය කොටසින්… ගම්වල පල්ලිවලට ගිනි තියමින්, විනාස කරන අමුත්තෙක්ව ගම්මු මරන්න හදද්දි තමයි…

ඉතින් අද ගෙනාවේ මේ කතා මාලාවේ එකොළොස්වැනි කොටස. තව කොටස් දෙකයි මේ සීසන් එකෙන් එන්න තියෙන්නේ. ඉතින් බයිස්කෝප් කාර්ය මණ්ඩලයටත්, මාව දිරි ගන්වමින් කමෙන්ටු දැම්ම ඔයාලටත් ස්තූති කරන ගමන්, අපි අද කතාව පැත්තට හැරෙමු.

පසුගිය කොටසින්…

ගම්වල පල්ලිවලට ගිනි තියමින්, විනාස කරන අමුත්තෙක්ව ගම්මු මරන්න හදද්දි තමයි, රොබින් ඇවිත් එයාව බේරගන්නේ. එයාගේ සටන් කරන විදිය දකින රොබින්, එයා කුරුස යුද්ධ සෙබලෙක් බවත්, යුද්ධය නිසා මානසිකව අවුල්වුනු කෙනෙක් බවත් තේරුම්ගන්න අතර, මාච් මේ නමක් නැති සෙබලාට හැරල්ඩ් කියලා නමක් දෙනවා. කුරුස යුද්ධය වෙනුවෙන් දෙරට අතර සාම ගිවිසුමක් ඇති කරන්න ආව සැරසන් කුමාරයෙක්, ෂෙරිෆ්ගේ මාලිගාවට ඇවිත් ඉන්නවා. එයාගේ කරත්තය ෂර්වුඩ් කැලයේ තිබිලා රොබින්ලාට හමුවෙන අතර, ඒකේ තියෙන බිහිසුණු පෙනුමැති වෙස් මූණක් නිසා, අර කුමාරයා මායාකාරයෙක් කියලයි රොබින්ලා හිතාගන්නේ. නමුත් ඒක කටු චිකිත්සාවට ගන්න එකක් බව, පසුව කුමාරයා එයාලට තේරුම් කරලා දෙනවා. ඉතින් ෂෙරිෆ් මේ කුමාරයාව තියාගෙන ඉන්නේ, සැරසන්ලාගෙන් කප්පමක් ගන්න ප්‍රාණ ඇපකාරයෙක් විදියට බව කුමාරයාවත් දන්නේ නෑ. අන්තිමේදි සැරසන්ලා එවන්නේ, කුමාරයාව මරන්නත් එක්ක කාන්තා ඝාතක කණ්ඩායමක්. කුමාරයාව බේරගන්න එතනට යන රොබින්ලාත්, ෂෙරිෆ්ගේ සෙබළුත් මේ මාරක අනතුරේ වැටිලා ඉඳිද්දියි, අර හැරල්ඩ් ඇවිත්, ඝාතකයෝ ඔක්කොම මරලා දාන්නේ. අවසානයේදි කුමාරයා කටු චිකිත්සාවෙන් හැරල්ඩ්ව සුවකරන අතර, කුමාරයාව ආරක්ෂිතව ඇරලවන පොරොන්දුව පිට හැරල්ඩ් එයා එක්ක යනවා.

මෙවර කොටසින්..

ඔයාලා පහුගිය කොටසකින් දැක්කනේ, ලිට්ල් ජෝන්ට බිරිඳක් සහ පුතෙක් ඉන්න බව. එයාගේ බිරිඳව දැන් විවාහ කරගෙන තියෙන්නේ, ලූක් කියන පීප්ප හදන්නා. එයා රහසින් රොබින්හුඩ්ලාට ආයුධත් හදලා දෙනවා. ඉතින් මේ වැඩේ ගිස්බන්ගේ අතට අහුවෙනවා. ගිස්බන්, ලූක්වයි, ලිට්ල් ජෝන්ගේ පුතායි දෙන්නවම අත්අඩංගුවට ගන්නවා. ලිට්ල් ජෝන් මේක දැකලා එයාලාව බේරගන්න යනකොට, එයාවත් සෙබලු අල්ලගන්නවා. රොබින්ලා ලිට්ල් ජෝන්ව බේරගන්න නොටින්හැම් ගියාම දැනගන්නේ, ෂෙරිෆ් ඉතාම කෘෘර වැඩක්, මේ හිරකාරයන්ට කරන්න යන බව. ඒ ෂෙරිෆ්ගේ මන්දිරයේම පවත්වන දඬුවම් දීමේ උත්සවයක්. ඉතින් මුරකාරයොත් දෙගුණයක් ඉන්න මේ වෙලාවෙදි, රොබින්ලාට මේ හිරකාරයන්වත්, ලිට්ල් ජෝන්වත් බේරගන්න පුළුවන් වෙයිද කියලා ඔයාලා බලන්නකෝ. දොළොස්වෙනි කොටසින් ඉක්මනටම හමුවෙමු. ඔබට සුභ දවසක්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

2,991 downloadsDownload BBC.Robin_.Hood_.S01.E11.Baiscopelk.com_.zip23 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

බොබී

Subtitles

2,991 downloadsDownload Subtitles23 KB

16 comments

  1. Sudantha92

    ela

  2. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  3. Chanaka

    Supiri tawa dekai

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. ak

    Elaaaa! Sub ekata thanks bro.

  6. Lasantharathnasirirox

    ස්තුතියි bob...තව 2යි...එළ.

  7. tom_tho

    thank u mchn eelga season 2
    ktath demu jaya

  8. බොබී

    ඔන්න බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් එක පැත්තේ යන්න පුලුවන්. පමාවට සමාවෙත්වා.

  9. Ayesh Prashan

    Thank You

  10. zeal

    Thanks Mcn.. Season 3ma Download kala.. digatama Sub Demu... Good Luck

  11. Ishan Madusha

    ස්තූතියි සහෝ

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. ravidu ishan

    tnx mchn sub ekata ..!!

  14. Kulanjana Maduranga

    subata thanks

  15. Lakshan MLS

    thankzzzz

  16. Viraj

    Thanks