චෙන්නායී නගරය කියන්නේ මත් කුඩු වලින් පිරිච්ච නගරයක්, ඒ මත්කුඩු නිසා ජීවිතය කණපිට පෙරලෙන මිනිස්සු පිරිච්ච නගරයක්, අවනීතිය රජ කරන නගරයක්, මත්ද්‍රව්‍ය නිසා මුළු නගරයම දූෂණය වෙච්ච නගරයක්, බලන බලන තැන මත්කුඩු, අස්සක් මුල්ලක් නෑර තියෙන්නේ මත්කුඩු කොකේන් තමා ඒ අතරින් වැඩිම. දේවා ඒ මත්ද්‍රව්‍ය ජාවාරමේ ලොක්…

චෙන්නායී නගරය කියන්නේ මත් කුඩු වලින් පිරිච්ච නගරයක්, ඒ මත්කුඩු නිසා ජීවිතය කණපිට පෙරලෙන මිනිස්සු පිරිච්ච නගරයක්, අවනීතිය රජ කරන නගරයක්, මත්ද්‍රව්‍ය නිසා මුළු නගරයම දූෂණය වෙච්ච නගරයක්, බලන බලන තැන මත්කුඩු, අස්සක් මුල්ලක් නෑර තියෙන්නේ මත්කුඩු කොකේන් තමා ඒ අතරින් වැඩිම. දේවා ඒ මත්ද්‍රව්‍ය ජාවාරමේ ලොක්කා වෙන්න හීන දකින මිනිහෙක්, තෙරේසා මත්ද්‍රව්‍ය නගරයෙන් තුරන් කරලා දාලා නගරය සුද්ද කරන්න හදන පරීක්ෂකාවක්, නගරයේ ලොකුම කෝකෙන් තොගය ළග තියෙන කෙනා ලොක්කා වෙනවා කියලා කිව්වත්, ඒයාට තියෙන අනතුරු හුගක් වැඩියි. හැම කල්ලියක්ම බලන්නේ කොකේන් වල අග රජු වෙන්න, කල්ලි කල්ලි එකිනෙකා ගැටෙන්නේ සම්පූර්න කොකේන් තොගය තමන් සතු කරගන්න නම් මොකද වෙන්නේ. තෙරේසා පරීක්ෂිකාව නගරය සුද්ද කරයිද? දේවාට නගරයේ මත්ද්‍රව්‍ය මහ ලොක්කා වෙන්න පුළුවන් වෙයිද? මේ කුඩු බිස්නස් නිසා හුගක් ජීවිත වල දෛවය වෙනස් වෙන්න යන්නේ. අසරණ ජීවිත, දුප්පත් ජීවිත, මුකුත් නොදන්නා ළදරුවෝ පවා. මොනාද වෙන්නේ, මොනාද වෙන්නේ නැත්තේ, මොකද්ද වුනේ, මොකද්ද වුනේ නැත්තේ, මොනාද වෙන්න බැරි මේ වගේ නගරෙක. 🤔
මේ මොකද්ද මේ තවත් ඉන්දියාවේ උඩ පාවෙන සුපර් හිට් දෙන කොල්ලෙක් ඉන්න චිත්‍රපටියක්ද ඒම නැත්තම් තවත් මත්කුඩු ජීවිකාව කරගෙන අවසානේ හොද කොල්ලෙක් වෙන කොල්ලෙක් ඉන්න චිත්‍රපටියක්ද. අපෝ නෑ මේ දෙකෙන් එකක්වත් නෙමෙයි, මේක ඇවිල්ලා කට්ටිය Amazon Prime එකේ Mirzapur බලලා උණුහුම යන්නත් කලින්ම ආව තවත් Amozon prime එකේම සුපිරි ඉන්දියන් සිරීස් එකක්. 🙂
අපෝ ඉන්දියන් සිරීස් එකක්ද, ඒනම් වැඩක් නෑ, ඇති නිකන් මොනාද ඒවා වගේ. ඒම කියනවා නම් කට්ටිය මුලින්ම ගිහිල්ලා මීට කලින් ආපු Mirzapur, Ghoul, Sacred Games, Breathe, Inside Edge ඉන්දියන් සිරීස් වගේ ඒවා ටික බලලා එන්නකෝ, ඒම නැත්තම් මෙතනින් එහාට මේක කියවන එකත් තේරුමක් නෑ. ඒ සිරීස් ටික බලපු අය නම් දන්නව ඒවා සුද්දන්ගේ ලොකු ලොකු සිරීස්වලට මරු පහරක් දෙන්න පුළුවන් විදිහේ සුපිරිම සිරීස් කියලා. ත්‍රාසය, භීතිය, කුතුහලය, ක්‍රියාදාම හැම දේකින්ම සමන්විත මේ කතාමාලා වගේම ඒවට නොදෙවනි සිරීස් එකක් තමයි මේ අරන් ආවේ. කලින් සිරීස් වලින් එකක් හරි ඔයලා බලලා තියේ නම් මේ වෙනකොටත් නිසැකවම ඔබ ඩවුන්ලෝඩ් බට්න් එක ඔබලා ඇති, ඒක තමයි මේ ඉන්දියන් සිරීස් වල තියෙන ගැම්ම. ඒක වෙනම ආතල් එකක්.😜
ඔව් කලින් කිව්වා වගේම මේක Amazon Prime ආයතනයේ කලින් නිකුත් වුන Mirazapur කතාමාලාව බලලා හොල්මන් වෙලා ඉද්දි එළියට දාපු තවත් වෙබ් සිරීස් එකක්. Vella Raja ඔව් ඒ මේක තමයි. එක හුස්මට නැගිටින්නේ නැතුව දිගටම බලන්න පුළුවන් විදිහේ කතාමාලවක් තමයි මේකත්. 🙃
2018.12.07 වෙනිදා මේ සිරීස් එක රිලීස් කරලා මේ වෙනකොට දවස් 6ක් ගත වෙලා අවසන් වෙනකොට IMDb මීටරයේ 8.7 ක ඉතා ඉහළ අගයක් දක්වා කැරකිලා තියෙන්නේ නිකන්ම නෙමෙයි. කට්ටිය හිතනව ඇති කෝමද රේටින්ග් වලින් කතාවක් මනින්නේ කියලා, ඔව් ඒක ඇත්ත හැබයි ඔයාලා මේක බැලුවේ නෑ කියන්නේ ඒක ඔයලාගේ අවාසනාව වගේම නොලැබීම තමයි. කියන්න තියෙන්නේ ඔබ මේක බලන්න ගන්නවා නම් මේ වෙනකොටත් මේකේ ඩවුන්ලෝඩ් බට්න් එක ඔබලා නම් ඉක්මනින්ම ගෙදර තියෙන හොදම අසුන ලෑස්ති කරලා තියාගන්න. පැය 4කට ආසන්න කාලයක් එක හුස්මට බලන්න තමයි තියෙන්නේ. Bobby Simha කවුරුත් දන්න දමිළ නළුවා, Parvati nair, Gayathrie, Kaali venkat කියන නළු නිළියන්ගේ අති දක්ෂ රගපෑමෙන් හැඩ වෙනකොට මේ සිරීස් එකට තවත් අමුතුම ගැම්මක් එනව. ඒ තරමට ඔවුන් ඒ චරිත වලට සාධාරනය ඉෂ්ට කරලා තියෙනවා. මොකද්ද වෙන්නේ කියලා හිතන දේ නෙමෙයි අවසානේ වෙන්නේ කියලා හිතන්නවත් ඔබට වෙලාවක් නැති වෙයි මේක බලන්න ගත්තම, ඉවසීමේ සීමාව පනියි, බනින්න හිතෙයි, කෑ ගහන්න හිතෙයි, කමක් නැ හැබයි දිගටම බලන්න, එතකොට තේරෙයි මොකද්ද වුනේ කියලා.😧
ඒනම් අවසාන වතාවට කියන්න තියෙන්නේ ඔබ තාමත් මේක බලන්න හිත හදාගෙන නැත්තම් ඒ ඔබේ අවාසනාව, නොලැබීම. ඔබ මේක බලනවා නම් ගෙදර තියෙන හොදම අසුන වෙන් කරගෙන පොප් කෝන් ටිකකුයි, බීම එකකුයි ලගට අරන් වාඩි වෙලා පටි තද කරගන්න. මේ ඔබ පිවිසෙන්නේ මත්කුඩු රජ කරන නගරෙකට. පැය හතරක් හෙල්ලෙන්නවත් එපා. ඒම වුනොත් ඔබට වැදගත් තැන් මග ඇරෙන්න පුළුවන්. 😛
ටිවී සීරිස් එකක් පැය හතරක් කොහෙන්ද නේද? ඔව් මේ සිරිස් එක එපිසෝඩ් 10ක සිරීස් එකක්. නමුත් රිලීස් වෙලා තියෙන්නේ කොටස් දහයම එකට. එකදිගට පැය හතරක්. ෆිල්ම් එකක් දෙකක් බලනවා වගේ බැලිල්ලක් තමා තියෙන්නේ. ඉතින් මුළු සීසන් එකම එක සැරේ මෙහෙම ලබා දුන්නම ඔබටත් හුගක් සතුටු ඇති නිසැකවම. හැබයි මේක ඔබ වෙත අරන් එන්න සිසිල අයියගේ මග පෙන්වීම යටතේ අපි හතර දෙනෙක් එක් රොක් වුනා. මම (කවිශල් රසින්ත), චානක ඉදුනිල් අයියා, ඕෂධ ධනංජය අයියා වගේම මලිත් වීරමුණි අයියා කියන අපි හතර දෙනා තමයි මේකට කර ගැහුවේ. සිසිල අයියා අපිට මේක භාරදීලා දවස් දෙකක් යන්නත් කලින් සම්පූර්ණයෙන්ම ඉවරකරගන්න ලැබුනේ ඒ නිසා. ඉතින් තව දෙයක් එකදිගටම කොටස් දහයම යන නිසා නම් ගම්, වචන වල වෙනස් කම් ඇති මොකද අපි හතරදෙනෙක් මේක කරපු නිසා. අපි හිතනවා ඒ ගැන හුගක් හිතන එකක් නෑ කියල, ඒ වගේම ඒක රසවින්දනයට බාධාවක් වෙන්නේ නැති වෙයි කියලත් හිතනවා. ඒනම් අවසාන වශයෙන් නැවතත් සිසිල අයියව මතක් කරනවා. මේක අවසන් කරලා සයිට් එකේ පල කරනකන්ම පිටිපස්සෙන් ඉදලා යෝධ ශක්තියක් වුනාට. ඒනම් මෙන්න කතාව ඔබට භාරයි. ඒනම් අපි සමුගන්නවා. අදහසක් දක්වන්නත් අමතක කරන්න එපා. ජය වේවා…..👌🚩🚩
……….Destiny is All………
……..දෛවය තමා සියල්ලම……
ප.ලි. – මේ සිරීස් එක සම්පූර්ණයෙන්ම එකට තියෙන නිසා වෙන වෙනම කොටස් තියෙන තැනකින් එපි වෙන වෙනම අරගෙන පස්සේ අපිට මුකුත් කියන්න එන්න එපා. ඔන්න මුලින්ම කිව්වා. මේකට අදාල කොපිය Baiscopedownload වෙබ් අඩ්වියෙන් අරගන්න.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත් සඳහා අදාළ වේ.
5,956 downloadsDownload Vella-Raja-2018-Complete-Season-1.zip99 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ඉඳුනිල්” සොහොයුරාට“කවිෂල් රසින්ත” සොහොයුරාට “ධනංජය රත්නායක” සොහොයුරාට “මලිත් වීරමුණි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributors Rank

BRONZE MEMBERS
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
58 comments
Dilshan
widuranga
elamaaaaa thanx broooooola okkotama
losaka
pattai... brooola set akatama Thank u!!
Prabodha Madhusankha Hettiarachchi
Wow. Supirima tv series ekk wagee brooo thanks subta..
wasanthamax
niyamai !! Thanks okkotama.......
dsdkavishka
Thenks ... niyama wedak
geeganagamage
බොහොම ස්තුතියි අනිත් ඒවත් බැලුවා මේකත් අනිවාර්යයෙන්ම බලනවා .
Ruk96
Godak shuthi machanla
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!sadun sisila
aiyo film eka ganne kohomada
කවිශල් රසින්ත (කවී)
Basicopedownload එකේ තියෙනවා සහෝ...
susanthathilakarathna
thanz bro digatama mehema awa oni macho
ranga11112
ahema akatama dena akanam niyamai..patta
Gayashan Nishantha
supiri ekak wenna athi aniwa balanna oni.....sub ekata thanx
thilina shiwantha
thnqqqq
lahirulg
අම්මෝ..... කට්ටියටම බොහොම ස්තූතියි ආ.... ජය වේවා.....
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි ඔබ සියලු දෙනාටම .......
ජයවේවා .......Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
niyamai..bamak thama ithin...sub walata thanks sahola....keep it up....
Pradeepkumara
බොහොම ස්තූතී සබ් එකට.......
Sajiya99
Thanks sahola sub ekata
Kanchaka
Thank u all bros
Ayesh Prashan
Thank You
gihan perera
පට්ට යි...ස්තුතියි ස්තුතියි සහෝ....ජය වෙිවා....
priyan99
පට්ට machn.බොහොම ස්තුතියි sub එකට සහෝදරවරුනි
Nuwan-milinda
Thanks saho
Suranjan
Thanks okkotama.....jayawewa.....!
Su
Thanks sub hadapu hemotama
jayadari
thank you
supun priyanath
okkkkkkk
thank youIshara125
Thanks
Sanjeewa2010
Thnxxxxxxxxxxxx
Avindu Umesh Gunasinghe
Tnx okkotama!!
Aac3
Sub eka wenuwen mahansi una hamotama thanks...
sumithj
thanks
N_R
Thanks.
NipunSachinda
බොහොම ස්තුතියි අපි වෙනුවෙන් මෙහෙම මහන්සි වෙලා sub හදනවට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Stranger
thanks
ushan
tnx godaak ..
rangika Kariyawasam
බෝම ස්තුතියි සියළුම සහෘදයින් වෙත..ජයෙන් ජයම වේවා
ushan
4 denatama tnq supiri kathawa
chathurangi93
venasma experience1k wei. Gdak Thankz Ela wadak !
dusmantha
thanks
blackLion007
Thanks for the sub..................
Pathum Aroshana
බොහොම ස්තූතියි මචන්ලා
Alagaratnam Manoj
Thanks bro
chanakaaa
super aaaaaa
Ranjith54321
thanks
gayanmagee
thanks
Lisha
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Vella Raja (2018) Complete Season One Sinhala Subtitles | මත්කුඩු වලින් වෙලාගත් නගරෙකට චාරිකාවක් යමුද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/vella-raja-season-1-2018.jpg)

Breathe බැලුවා... ඒ වගේ කියන්නේ එහෙනම් මේකත් සුපිරි ඇති....