Watch Trailer

Robin Hood (TV Series 2006–2009) [S03 : E03] Sinhala Subtitles | දේවස්ථානයත් රොබින්ට විරුද්ධ වෙනවා නම්…! [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම! අද ගෙන එන්නේ, රොබින්හුඩ් තුන්වන කතා සමයේ තුන්වන කොටස. පසුගිය කොටස මතක් කරගෙනම අදත් වැඩ පටන් ගමුකෝ. පසුගිය කොටසින් ජෝන් කුමාරයාට නොටින්හැම්වලින් විශාල බදු මුදලක් ඕනි වෙලා තියෙන බව පෙර කතාංගයකදි කියවුනානේ. අයර්ලන්තයේ පාලකයා වෙන්න හිතාගෙන ඉන්න ෆින් මැක්මරෝ සහ එයාගේ මල්ලි ටෙරනන් දෙන්න…

සුභ දවසක් හැමෝටම! අද ගෙන එන්නේ, රොබින්හුඩ් තුන්වන කතා සමයේ තුන්වන කොටස. පසුගිය කොටස මතක් කරගෙනම අදත් වැඩ පටන් ගමුකෝ.

පසුගිය කොටසින්

ජෝන් කුමාරයාට නොටින්හැම්වලින් විශාල බදු මුදලක් ඕනි වෙලා තියෙන බව පෙර කතාංගයකදි කියවුනානේ. අයර්ලන්තයේ පාලකයා වෙන්න හිතාගෙන ඉන්න ෆින් මැක්මරෝ සහ එයාගේ මල්ලි ටෙරනන් දෙන්නා ෂෙරිෆ් හමුවෙන්න එන්නේ, ජෝන් කුමාරයාගෙන් අයර්ලන්තය නිදහස් කරගන්න ඕනි සෙබලු ඉල්ලගන්නයි. ඉතින් අර බදු මුදල් ගෙවන්න ඕනි නිසා, ෂෙරිෆ් තමන්ගේ ගම්වලින් අල්ලාගත්ත මිනිස්සුන්ව මෙයාලට විකුණනවා. මේකෙදි කේට් කියන කෙල්ලගේ මල්ලිවත් අරන් යනවා. කේට්, රොබින්ලාගේ උදව් ඇතිව මල්ලිව බේරගන්න ගියාට, එතනදි රොබින්වත් ගැමියෙක් විදියට මාලිගාවට අල්ලගෙන යන එකයි වෙන්නේ. රොබින් අනිත් ගම්මු එක්ක සංවිධානය වෙලා පැනගන්න හැදුවත්, ඒ සටනෙදි කේට්ගේ මල්ලි මැරෙන අතර, රොබින්ව ගිස්බන්ට අහුවෙනවා. ඒත් රොබින් සටන් කරන විදිය දකින ෆින් මැක්මරෝ, රොබින්ව තමන්ගේ කණ්ඩායමට බඳවාගන්න අදහසින් එයාව බේරගන්න හදනවා. ටෙරනන් ඒක ෂෙරිෆ්ට කිව්වම, ෂෙරිෆ් ෆින් මැක්මරෝවත් හිරකරලා තියනවා. අවසානයේදි ෆින් මැක්මරෝ, රොබින් එක්ක එකට පැනලා ගිහින්, තමන්ව පාවාදුන්නු මල්ලිවත් අල්ලගන්න අතර, ගම්මු හැමෝම රොබින්ගේ කණ්ඩායමට ඕනි වෙලාවක එකතුවෙන බලාපොරොත්තුවෙන් කැලේ හැංගිලා ඉන්න යනවා. බදු මුදල් හොයාගන්න බැරිවෙන එකේ වැරැද්ද ගිස්බන් පිට දාන ෂෙරිෆ්, ගිස්බන්ව ජෝන් කුමාරයාගේ පිරිසට අල්ලගෙන යන්න ඉඩදෙනවා.

මෙවර කොටසින්

මේ කොටසෙදි ෂෙරිෆ් රොබින්ව අල්ලගන්න උත්සාහ කරනවා, ජෝන් කුමාරයාගේ හොඳහිත දිනාගන්න. ඒකට එයා කර්ක්ලි දේවස්ථානයේ ඇබොට් පූජකවරයාගේ උදව් ඉල්ලනවා. උදව් ඉල්ලනවා කිව්වට, පූජකයාගේ රහසක් එළි කරනවා කියලා තර්ජනය කරලයි, මේ වැඩේට හවුල් කරගන්නේ. ඊට පස්සේ රොබින්ගේ කල්ලිය දේවස්ථානය කඩලා, බඩු හොරකම් කරලයි කියලා ආරංචියක් පතුරවනවා. මේකෙන් පස්සේ ගම්වැසියෝ රොබින්ගේ කල්ලිය මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා එයාලට අකමැති වෙනවා. කේට් පවා රොබින්ලව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ නිරපරාද චෝදනාවෙන් රොබින්ලා කොහොමද ගැළවෙන්නේ? ෂෙරිෆ් කිව්ව දේට එකඟවෙන්න තරම්, ඇබොට් පියතුමාව බය කරපු රහස මොකක්ද? කියලා මේ කොටසින් බලන්න. ඉක්මනටම හතරවැනි කොටස අරන් එනවා. ඔබට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

3,135 downloadsDownload Robin-Hood-3x03-Lost-In-Translation.zip21 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

බොබී

Subtitles

3,135 downloadsDownload Subtitles21 KB

26 comments

  1. ashan3300

    me 3x04 subtitles eka neda

  2. ak

    May deela tiyenne 4 kotase sub ekaneda?

  3. nkrtharinda95

    Episode 4 sub deela tyenne saho

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Chanaka

    Thanx saho

  6. Thilina Jayarathna

    thx macan

  7. Thilina Jayarathna

    sub eka maru vela awulak na 3 ikmnta dipan kollo

  8. Kulanjana Maduranga

    subata thanks saho

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. shakilakavinda

    bro oya dala thiyenne S3;E4 eke sub ekane

  11. imesh anjana

    Sub ekata tnq.
    Link tikath dannko plz

  12. Puuma1234

    Bro sub aka maru wela neeada

  13. ak

    Sub eka maru wela.3 kotasth tiyenne 4 weni eke sub eka.

  14. Ishan Madusha

    බොහොම ස්තූතියි

  15. diyath nelaka

    Bro ep3 ta sub eka denne nadda

  16. බොබී

    පොඩ්ඩක් ඉවසන්න සහෝ. මාත් බයිස්කෝප් අඩවියට මේල් එකක් දැම්මා. එයාලා ඉක්මනට අදාල උපසිරැසිය පළකරයි.

  17. Dfernando

    meke tyene s3 e4 sub ekane

  18. manjulawickramasinghe919

    sud eka waridila yalu...hari eka dennako..

  19. deshanchandana

    hari dan sub eka ok.bohoma sthuthi obalata

  20. Thilina Jayarathna

    hammee athi yantam

  21. Lasantharathnasirirox

    නියමයි අලංකාරයි සුපිරි.....ගැම්ම broo

  22. LahiruPriyankara

    Thank you

  23. ravidu ishan

    tnx mchn sub ekata ..!!

  24. Lakshan MLS

    thanks

  25. Viraj

    Thanks