ඇත්තටම චිත්‍රපටවලට උපසිරැසි හදනවට වඩා නම්, කතා මාලාවලට උපසිරැසි හදන එක ලේසියි. ඒත් හදන්නේ එකක් විතරක්යැ. අනික ඔක්කොම හදලා ඉවර වෙනකම් හිතට නිදහසක් නෑ වගේ. ඔයාලත් ඊළඟ කොටස එනකම් බලාගෙන ඉන්නවා කියලා අපි දන්නවනේ. ඉතින් ඔන්න පැය හතරක් – පහක් විතර ටයිප් කරලා, නවවෙනි කොටසත් හදලා ඉවරයි. ඉතින් ඉක්මනටම කතාව…

ඇත්තටම චිත්‍රපටවලට උපසිරැසි හදනවට වඩා නම්, කතා මාලාවලට උපසිරැසි හදන එක ලේසියි. ඒත් හදන්නේ එකක් විතරක්යැ. අනික ඔක්කොම හදලා ඉවර වෙනකම් හිතට නිදහසක් නෑ වගේ. ඔයාලත් ඊළඟ කොටස එනකම් බලාගෙන ඉන්නවා කියලා අපි දන්නවනේ. ඉතින් ඔන්න පැය හතරක් – පහක් විතර ටයිප් කරලා, නවවෙනි කොටසත් හදලා ඉවරයි. ඉතින් ඉක්මනටම කතාව පැත්තට හැරෙමුකෝ.
පසුගිය කොටසින්
රිචඩ් රජතුමා ශුද්ධ වූ දේශයේදි මැරුනයි කියලා කියන, රජතුමාගේ ඔටුන්න භාරකාරයා වන ෂෙරිඩන්, නොටින්හැම්වලට රජතුමාගේ මිනිය ගේනවා. අග රදගුරු තුමාත් මිනිය ඇත්ත බවට තහවුරු කරගන්න අතරේ, රොබින්ලාත් ඒක සහතික කරගන්න එනවා. එයාලා හොයාගන්නේ, මේ මිනිය ඉටිවලින් හදපු පිළිමයක් බවයි. කොහොමහරි ජෝන් කුමාරයා මිනියත් ගිනි තියලා සාක්ෂි විනාශ කරලා, රාජාභිෂේකයත් තියන්නයි හදන්නේ. අවසානයේදි රොබින්ලා රැවටීමක් කරලා, මිනිය බොරුවක් බව ෂෙරිඩන්ගේ කටින්ම හැමෝම ඉදිරියේ කියවනවා. ඒකෙන් රාජාභිෂේකයත් නවතින අතරේ, ගිස්බන් එතනට ඇවිත් ජෝන් කුමාරයාව මරන්න යනකොට සෙබලුන්ට අහුවෙනවා. රොබින්ලා කුමාරයාගෙන් ඔටුන්න පැහැරගෙන, ආයෙත් අග රදගුරුතුමාට දෙනවා. ජෝන් කුමාරයා ඉසබෙලාව නොටින්හැම් හි ෂෙරිෆ් විදියට පත්කරලා, නොටින්හැම්වලින් යනවා.
මෙවර කොටසින්
ගිස්බන්ට දැන් මරණ දඬුවම දෙන්නයි සූදානම. සමහර කතාවල, දුෂ්ටයා මැරෙන්න ළංවෙනකොට අපිට කණගාටුවක් දැනෙනවනේ. (Lost in Space එකේ ගෑනි ගැන නම් මම එහෙම කියන්නේ නෑ.) ඒත් ගිස්බන් මැරෙන එක නම් අපරාදේ වගේ දැන්. කොහොම වුනත් මේ කොටසෙදි ඉසබෙලා, වැරදිකාරයෙක් වුනු ගෑනු ළමයෙක්ට නිදහස දෙනවා. ඊට පස්සේ එයාගේ හිතවත් කෙනෙක් විදියට මාලිගාවෙම තියාගන්නවා. ඔය අතරෙයි, ඉසබෙලාගේ සැමියා, තෝන්ටන් එයාව හොයාගෙන එන්නේ. මිනිහට ඕනි බලහත්කාරෙන් නොටින්හැම්වල ෂෙරිෆ්කම ගන්න වගේම, ඉසබෙලාගෙන් පළිගන්නත්. මිනිහා ඉසබෙලාට කරදර කරනවා දැක්කම අර කෙල්ල, ශාපයට ලක්වුණු නිධානයක් තියෙන තැනක් ගැන තෝන්ටන්ට කියනවා. තෝන්ටන් ඒ නිධානය ගන්න ගිහිල්ලා මොනවද වෙන්නේ, රොබින්හුඩ් කල්ලිය මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද, ගිස්බන්ට මොකද වෙන්නේ කියලා මේ කොටසින් බලන්න. ඊළඟ කොටසින් ඉක්මනටම හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,383 downloadsDownload BBC.Robin_.Hood_.S03.E09.Baiscopelk.com_.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බොබී ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
බොබී
Subtitles
13 comments
sachintha
Chanaka
Thanx saho oyagea mahansiyata
ak
Sub ekata godak thanks.Jaya wewa!
zeal
--------thanks boby-------
Lasantharathnasirirox
බොබී එළ.....ස්තුතියි බොක්ක....
Kulanjana Maduranga
subata thanks
Mahesh Lakshan
Thanks sub ekata..jaya wewa..
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravidu ishan
tnx mchn sub ekata ...!!
Lakshan MLS
thanks machan
kumara 123
ela
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය