Watch Trailer

Roswell (2000) [S03 : E01] Sinhala Subtitles | දැන් එයාලා අපරාධකාරයෝ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ. ඔන්න මම එහෙනම් ඔයාලා ගොඩාක් ආසාවෙන් බලපු, මමත් ගොඩක් කැමතිම කතා මාලාවේ තුන්වන කතා සමයත් සම්පූර්ණයෙන්ම සිංහල උපසිරැසිත් එක්ක ගේන්න මම සූදානම්. පළමු කතා සමය උපසිරැසිත් එක්ක අරන් ආවට වැඩ අධික උන නිසා දෙවන කතා සමයට උපසිරැසි කරන්න කාලය සොයාගන්න අපහසු උනා. ඒත් දැන් වැඩ අධික නොවුනට…

Roswell S2-1

ඉතින් කොහොමද යාලුවනේ. ඔන්න මම එහෙනම් ඔයාලා ගොඩාක් ආසාවෙන් බලපු, මමත් ගොඩක් කැමතිම කතා මාලාවේ තුන්වන කතා සමයත් සම්පූර්ණයෙන්ම සිංහල උපසිරැසිත් එක්ක ගේන්න මම සූදානම්. පළමු කතා සමය උපසිරැසිත් එක්ක අරන් ආවට වැඩ අධික උන නිසා දෙවන කතා සමයට උපසිරැසි කරන්න කාලය සොයාගන්න අපහසු උනා. ඒත් දැන් වැඩ අධික නොවුනට ඒ වැඩත් කරන ගමන් රොස්වෙල් තුන්වන කතා මාලාවට සිංහල උපසිරැසි කරන්න පෙළඹුනේ මේ කතාමාලාවට ඇති ලැදි කම නිසාමයි. හරි එහෙනම් මම පළමු කතා සමය පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරන්නම්.

මැක්ස්, මයිකල් සහ ඉසබෙල් යන තුන්දෙනා රොස්වෙල්වලට කඩා වැටෙනවා. ඒත් අවුරුදු ගාණකට පස්සේ ඔවුන් බීජ වලින් එළියට ඇවිත් මනුෂ්‍යයින් ලෙස ජීවත් වෙනවා. දවසක් රොස්වෙල් වල තියෙන ක්‍රෑෂ් ඩවුන් අවන්හලේදි වෙඩි තැබීමක් සිදුවෙනවා. මෙහිදී එහි සේවිකාවක් වන ලිස් පාකර්ට වෙඩි වදිනවා. නමුත් ඇයව මැක්ස්ගේ පිටසක්වල බලයන් පාවිච්චි කරල බේරගන්නවා. මේ සිද්ධිය නිසා රොස්වෙල්වල ෂෙරිෆ්ටත් සැක හිතනවා. මේ තුන්දෙනා සමග ලිස් මරීයා ඇලෙක්ස් තුන්දෙනා යාලු වෙනවා. කොහොම හරි ලිස් කලින් ආදර සම්බන්ධය අතහැරලා මැක්ස්ට ආදරය කරනවා. ඒ වගේම තමයි මෙයාලගේ උදව්වට තවත් පිටසක්වල ජීවියෙක් එනවා. එයාගේ නම ටෙස්. ඉතින් මේ කෙනාට උදව් කරන තව කෙනෙක් ඉන්නවා. ඔහුගේ නම නසේඩෝ. මේ පිටසක්වල ජීවින් ගැන FBI එකෙනුත් හොයනවා. ඉතින් ඔවුන් මැක්ස්ව අල්ලගත්තත් අර යාළුවෝ එකතු වෙලා ඔහුව බේර ගන්නවා. ෂෙරිෆ්වත් මේ තුන්දෙනා ගැන දැනගන්නවා. මොකද ෂෙරිෆ්ගේ පුතා කයිල්ට වෙඩි වැදිලා මැරෙන්න යන කොට මැක්ස් බේරගන්න නිසා.

ඒ වගේම දෙවැනි කතා මාලාවෙදි නසේඩෝ අර FBI නියෝජිතයා මැරුව නිසා ඒක හෙළි වෙන එක නවත්තන්න නසේඩෝ ඔහු වගේ වෙස් ගන්නවා. ඊට පස්සේ දවසක නසේඩෝත් වෙනත් පිටසක්වල ජීවින් විසින් මරා දානවා. මේ ගැන මැක්ස්ලා දැන ගත්තට පස්සේ ඒ පිටසක්වල ජීවින්වත් මරලා දානවා. ඔය අතරෙදි මෙයාලගේ හොදම යාළුවෙක් වෙන ඇලෙක්ස් රිය අනතුරකින් මිය යනවා. ඒත් ලිස් මේක විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා ලිස් ඔහු ගැන හොයනවා. මේ අතර මැක්ස් ටෙස් එක්ක එකතු වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ටෙස් ගැබ් ගන්නවා. ඉතින් ටෙස්ව හැමෝවම හොදින් බලාගන්නවා. ඒත් මැක්ස් දැන ගන්නවා ටෙස්ගේ ඉපදෙන දරුවට මේ ලෝකේ ජීවත් වෙන්න බෑ කියලා. ඒ නිසා මැක්ස්, මයිකල්, ඉසබෙල්, ටෙස් හතර දෙනා ඔවුන්ගේ ග්‍රහලෝකයට යන්න තීරණය කරනවා. ඔය අතරෙදි කයිල්ට ඇලෙක්ස් ගැන එක එක දේවල් පේන්න ගන්නවා. ඔහුට පේනවා ඇලෙක්ස් මැරුණේ කොහොම කියලා. එතකොට ඔහු දැනගන්නවා ඇලෙක්ස්ව මැරුවේ වෙන කවුරුත් නෙමේ ටෙස් කියලා. ඉතින් මේක අනිත් අයට කියනවා. මේක දැනගත්ත ගමන් මැක්ස්, මයිකල් සහ ඉසබෙල් තුන්දෙනා නවතිනවා. ටෙස් විතරක් ඔවුන් යවනවා.

ඉතින් ඊට පස්සේ වෙන්නේ මොනාද කියලා තුන්වන කතා සමයෙන් බලන්න පුළුවන්. මේ කතා සමය ආරම්භ වෙන්නේ හොද පැත්තකින් නෙමේ. මැක්ස් ලිස් දෙන්නා හිරේට යනවා. මං කියන්න යන්නේ නෑ ඒ ඇයි කියලා. ඔයාලට මේ කොටසින් මොකක්ද වෙන්නේ කියලා බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙනතුරු ඔයාලට ජය වේවා…!!!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,254 downloadsDownload Roswell-S03E01.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ලහිරු චානක

Subtitles

1,254 downloadsDownload Subtitles27 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Sanath Indika

    ස්තූතිය සහෝ.
    මේක එනකන් තමා බලාගෙන හිටියේ :)

  3. denidu

    ස්තූතියි.මේ කොටසටත් ඊට කලින් දුන්න කොටස් වලත් උපසිරැසි වලට ගැලපෙන පිටපතේ ලින්ක් පුලුවන්නම් දෙන්න.හැම HDTV පිටපතම මේ උපසිරැසි එක්ක ගැලපෙන්නේ නෑ.

  4. geeganagamage

    බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිටිය ට්වි සීරියස් එකක් .

  5. Manoj

    e dawas wala channel eye eken marama asawen balapu ekak. but meke s03 tv eke giye nehe. mn hithanne s03 anith season 2ta wada 18+ keli wedi nisa wenna athi. :P :P gedara ayata sirase ran depaya balana eka natara karanna una mn meka balanna gattu nisa. :D patta kathawa. s03 apahu download karala sinhalen balanna one. thanks machan.

  6. බොබී

    එහෙනම් තුන්වෙනි සීසන් එකත් ගෙනාවා නේද සහෝ. මම නම් තාම මේ ටීවී සීරීස් එක බලලා නෑ. මොකද අපිට ඉස්සර ජාතික රූපවාහිනිය විතරයි අහුවුනේ. මගේ යාළුවෝ මේකට මැරෙන්න හදන නිසයි කමෙන්ටුවක් දාන්න හිතුනේ. සීසන් 3 එක ටීවී එකෙත් දැම්මේ නෑ කියලා උන් නහයෙන් අඬඅඬා හිටියේ. මේකට සබ් දෙන්න කියලා ගොඩක් අය පහුගිය දවස්වල කමෙන්ටුත් දාලා තිබුනා මම දැක්කා. මමත් දවසක මේක බලනවාමයි. ඉතින් මගේ යාළුවොත්, අනාගතයේ මමත් වෙනුවෙන් මේ උපසිරැසියට බොහොමත්ම ස්තූතියි.

  7. saliya1991712

    ela wadak bro

  8. Kulanjana Maduranga

    subata thanks...saho...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. dilum14

    අම්මෝ කියන්න වචන නැ, ෆට්ට, ස්තූති.!

  11. shameera_91

    thanks machan sub walata. roswell s1 -s3 download karaganna torrnent ekakuth dannako machan.