Watch Trailer

Ruler: Master of the Mask (2017) [EP 35:36] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

මේ කතාවත් දැන් ටිකෙන් ටික අවසානයට ළඟා වෙනවා. නමුත් අවසානයට තව කොටස් කිහිපයක්ම තියනවා. 34 වෙනි කොටසේ අග කොටස් නැවතත් මතක් කළොත්, ගා යුන් කිරුළ හිමි කුමරු මුණ ගැසුණත් නැවතත් මාළිගාවට යනවා ඔහුට අවශ්‍ය කරන භාජනය හරිතාගාරයෙන් සොයාගැනීමට අවශ්‍ය නිසා. ඒ අතරේදී ඩේ මොක් සහ රජු (ලී සුන් ) දැනගන්නවා වස පානයට…

 

මේ කතාවත් දැන් ටිකෙන් ටික අවසානයට ළඟා වෙනවා. නමුත් අවසානයට තව කොටස් කිහිපයක්ම තියනවා. 34 වෙනි කොටසේ අග කොටස් නැවතත් මතක් කළොත්, ගා යුන් කිරුළ හිමි කුමරු මුණ ගැසුණත් නැවතත් මාළිගාවට යනවා ඔහුට අවශ්‍ය කරන භාජනය හරිතාගාරයෙන් සොයාගැනීමට අවශ්‍ය නිසා. ඒ අතරේදී ඩේ මොක් සහ රජු (ලී සුන් ) දැනගන්නවා වස පානයට දුන්නත් කිරුළ හිමි කුමරු මිය ගොස් නැති බව. මෙය දැනගත් පසු රජු ඉක්මණින් හන් ප්‍රධානීතුමාගේ නැත්නම් ගා යුන්ගේ පියාගේ හොඳ නාමය යළි ලබා දෙනවා. මේ අතර කිරුළ හිමි කුමරු නොදන්නා දෙයක් තිබෙනවා. ඒ ප්යෝන්සෝ කල්ලියේ ප්‍රධානීතුමිය මිය ගොස් ඇති බව. ගොන් ඔහු හමුවී සියල්ල පවසන අතරම ඔහුට උපකාර කිරීමට එකතු වෙනවා. ගොන් ප්යෝන්සෝ කල්ලියෙන් සාදන ලද මරණ ලැයිස්තුව කිරුළ හිමි කුමරු වෙත ලබා දෙනවා. කුමරු තීරණය කරනවා දැන් ප්යෝන්සෝ කල්ලියට විරුද්ධව පෙරටත් වඩා නැගී සිටිය යුතු බව.

හන් ගා යුන් දැනගන්නවා ඇය රැජිණිය ලෙස තෝරාගෙන ඇති බව. එය ඇය ගොස් රජතුමාගෙන් අසනවා. ඒ වගේම ඔහු පවසනවා ගා යුන්ට නැවතත් තමා දමා යාමට ඉඩ නොදෙන බව. නමුත් ගා යුන් මෙනවිය වගේම රජතුමාගේ අම්මත් ඔහු මාළිගාවේ තවදුරටත් සිටිනවාට කැමති නැහැ. ඇය කොපමණ පැහැදිලි කළත් රජු ඇයට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඔහුට උවමනා ගා යුන්ව විවාහ කරගැනීම. මේ අතර ගා යුන් පාලිකාවක් ලෙස හැඳගෙන හරිතාගාරයට යනවා කුමරුට අයත් භාජනය එහි තිබෙනවාදැයි බැලීමට. නමුත් ඇය කොපමණ සෙව්වත් එය සොයාගැනීමට හැකි වෙන්නේ නැහැ. ඇය හරිතාගාරයට යන බව දැනගත් රජතුමාත් එහි යනවා. ඔහු විමසනවා ඇය එසේ එහි යාමට හේතුව. නමුත් ඇය යළිත් දැඩි ලෙස ඔහුට පවසන්නේ ඔහුට අයත් නැති දේ අත්හරින ලෙසයි. නමුත් රජුට එය අත්හරින්න කිසිම අදහසක් නැහැ.

ඒ ආකාරයෙන් මේ කොටස ආරම්භ වෙනවා. එහෙනම් මේ කොටසත් නරඹන්න. ඊළඟ කොටසින් හමුවෙමු

 

 

Ruler: Master of the Mask on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,411 downloadsDownload Ruler-Master-of-the-Mask-E35E36.zip127 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

3,411 downloadsDownload Subtitles127 KB

11 comments

  1. Silent$

    Thnxxxxxxxxxxxx

  2. දිලිප්

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  3. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  4. Shashika Erandi

    Thanks Sis.. Godak asawen hitiye me kotasa enakal.. dannam marama lassanayi kathawa

  5. C. R. ජයලත්

    Niyamai Sonali Akki Jaya Wewa!!!!!

  6. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Chanuda Dimantha

    Sub ekata Tnx
    ilagata While You Were Sleeping drama eke sub eka denna poluwanda

  9. Chamith Mihiranga

    Thanks Sis...!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..