Watch Trailer

Sense8 (2017) [S02 : E10] with Sinhala Subtitles | යුධ ප්‍රකාශ කිරීම.. [සිංහල උපසිරසි සමඟ]

නවවෙනි කොටසේ දකින්න ඇති හොදම සිදුවීම් දෙකක්. එකක් ලීටෝට එයාගේ හොලිවුඩ් නිර්මාණයට දායක වෙන්න අවස්ථාවක් ලැබුනා එයා අර සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුන නිසා. එතන සම්මුඛ පරීක්ෂණයේ හිටිය ව්‍රැග්ලර් කියපු විදිහට වගේම එයා අර සාදයේ හැසිරුණු විදිහට ලිටෝට රගපාන්න ලැබෙන්නේ සමලිංගික චිත්‍රපටයක. මේ නිසාම ලිටෝ හුගක්…

නවවෙනි කොටසේ දකින්න ඇති හොදම සිදුවීම් දෙකක්. එකක් ලීටෝට එයාගේ හොලිවුඩ් නිර්මාණයට දායක වෙන්න අවස්ථාවක් ලැබුනා එයා අර සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුන නිසා. එතන සම්මුඛ පරීක්ෂණයේ හිටිය ව්‍රැග්ලර් කියපු විදිහට වගේම එයා අර සාදයේ හැසිරුණු විදිහට ලිටෝට රගපාන්න ලැබෙන්නේ සමලිංගික චිත්‍රපටයක. මේ නිසාම ලිටෝ හුගක් දෙගිඩියාවෙන් ඉන්නේ. එයා මෙච්චර කාලයක් මුළු ලෝකයාටම කලේ බොරුවක් කියලා. මොකද බොහෝ දෙනා තවමත් දන්නේ නැහැ එයා සමලිංගික නළුවෙක් හැටියට. වැඩේ කියන්නේ ලිටෝ එයාගේ සම්මුඛ පරීක්ෂණයේ ඉද්දීම තමයි එයාට සන්ටත් උදව් කරන්න වුනේ අර බාර් ටෙන්ඩර්ගේ වැඩේට. මේ අතරේ කැපියස් එයාගේ පළමු කතාව ලොකු සෙනගක් ඉස්සරහ කලා. ඒත් අන්තිම මොහොතෙදි ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇති වෙලා එයාව එයාගෙම ආරක්ෂාවට දාලා හිටිය කෙනෙක් මරන්න හැදුවා. ඒකෙන් බේරුවෙත් කැපියස්ගෙම හතුරෙක්. අන්තිමට දැකගන්න ලැබුනා සන් එයාගේ මෙහෙයුම දියත් කරන්න මූලාරම්භයක් අරගත්තා කියලා.

සන්ට දැන් නම් හොදටම ඕන කරලා තියෙන්නේ තමන්ගේ මල්ලිව මරලා පලිගන්න. ඒත් සැලසුම වුනේ එයාගෙන් ඇත්ත හෙළි කරගන්න එකයි. එයාගේ මල්ලි එතන උත්සවයේදි හුගක් ලොකු පම්පෝරි ගහද්දි නම් එයාට ඒ අදහස එපා වෙලා ගියාද මන්දා වුල්ෆ්ගැන්ගේ තීරණයත් අනුව සන් හැදුවේ එයාගේ මල්ලිව එතනදීම ඉවරයක් කරලා දාන්න. ඒත් වෙලාවටම එතනට පරීක්ෂක මුන් ඇවිත් බක්ව අත්අඩංගුවට ගන්න හදද්දීම ජොන්ග් කී කාරයා පරීක්ෂක මුන්ටත් වෙඩි තියලා අවුල් ජාලයක් කරනවා. මේ අතරම තමයි ජොන්ග් කී එයාගේ අක්කා සන්ව දකින්නේ. මරණ බයේ පැනලා යන්න තමයි උත්සහය වෙන්නේ. ඒත් මේ වෙද්දී එතන හිටිය හැම කෙනෙක්ගේම අවාධනය යන්නේ සන්ට. මොකද එයා හිරෙන් පැනලා ආපු කෙනෙක් නිසා. සන්ට පුලුවන් වේවිද එයාගෙම මල්ලිව මරලා දාලා යුක්තිය ඉෂ්ට කරගන්න? එහෙම නැත්තම් පාපොච්චාරණයක් කරගන්න? සැහෙන්න දෙනෙක් මේ වෙද්දී කතාව බලලා ඇති කියලා හිතලා ලිපිය මෙතනින් නවත්තන්නම් එහෙනම්.

මේ සීරිස් එක මං බලන්න ගත්තේ ගිය සතියේ. ඒකෙන් ඇතිවෙච්ච ආසාවට තමයි නතර වෙලා තියෙන සෙන්ස් 8 වලට සබ් ටික කරලා දාන්න මට හිතුනේ. ඉතින් අන්තිම කොටස් දෙකේ හරි සබ් දෙක කරලා මේක ඉවරයක් කරගන්න ලැබුණු එක සතුටක්. මට මේක බාරදුන්න ආසිරි අයියට හුගක් ස්තුතිවන්ත වෙන්න ඕන. ඒවගේම කියන්න ඕන මේ කතාමාලාව දෙවැනි කතාසමයෙන් නවත්වනවා කියන එක තමයි Netflix ලා ඒ දවස්වල ඉදන්ම කිව්වේ. ඒත් ඉතින් මේක බලන ඕන කෙනෙක්ට තේරෙනවා මේකේ අවසානය කිසිම තේරුමක් නෑ කියලා. මොකද අනිවාරයෙන්ම තවත් කතා සමයක් ඕන කියන එකයි ප්‍රධාන කාරණය වෙලා තියෙන්නේ කතාමාලාව සදහා දරන්න වෙලා තියෙන පිරිවැය අධික වීම. මොකද දැනටම ප්‍රධාන රටවල් නවයක කතාව රූගත කරලා තියෙනවා. කොහොම වුනත් ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඉල්ලීම නිසාවෙන් xhamster කියන අසභ්‍ය චිත්‍රපටි නිකුත් කරන වෙබ් අඩවිය කියලා තියෙනවා ඊලග කතාමලාවක් කරනවානම් ඒකෙ පිරිවැය ඒ අය දරන්න ලෑස්තියි කියලා. ඔය කිව්වට ඉතින් කොහොම වෙයිද කියන්න දන්නේ නෑ. ඒත් ඉතින් ආයේ අර නත්තල් විශේෂිත කතාංගය වගේ පැය දෙකකට සිමා වුනු කොටසක් එනවා කියලා නම් ආරංචියි. හරියටම තහවුරු කරලා කියන්න නම් දන්නේ නැහැ. බලමුකෝ මොකද වෙන්නේ කියලා.

“බොහෝ දෙනෙක් පොදුවේ අහන ප්‍රශ්ණයකට මං පිළිතුරක් දෙන්නම්. ඒ තමයි මේකේ පලවෙන චිත්‍රපට වගේම කතාමාලා වලදී වගේම, සමාජ ජාලවල පණිවිඩ හරහාද හුග දෙනෙක් ඉල්ලීම් කරනවා අලුත් අලුත් සීරිස් වලට උපසිරැසි දෙන්න, ඇයි මේ අලුත් කිසිම එකකට දෙන්නේ නැත්තෙ? අහවල් සීරිස් එකේ අලුත් සීසන් එක ආවා ඒකට තවත් ප්‍රමාද නොකර දෙන්න. මේකයි අලුතෙන් එන හැම සීරිස් එකකටම අපේ දැන් උපසිරැසි ගැන්වීමක් කරන්නේ නැහැ බොහෝ දෙනෙක් ඉල්ලුවේ නැති නම්. මොකද සුළු පිරිසක් වෙනුවෙන් උපසිරැසි කරන්න ගියාම උපසිරැසි ගන්වන කෙනාට පවා එපා වෙනවා. මොකද බලන පිරිස අඩුවෙන්න අඩුවෙන්න තමන්ට ඉන්න කට්ටිය අඩු වෙන නිසා. උපසිරැසි කරන කෙනාගේ කාලයත් අපරාදේ. අනික් හේතුව තමයි මේ කතාමාලා රිනිව් එහෙමත් නැත්තම් අලුත් වෙන්න ගත්තම උපසිරැසි කරන කෙනාට එපා වීමක් වෙනවා. මොකද හැම කෙනෙක්ටම හැමදේම හැමදාමත් එකම විදිහට කරන්න බැහැ. වැඩ වැටෙනවා. නිකන් හිතලා බලන්නකෝ මග නැවතුනු එකකට මිනිස්සු අරහෙම බනිනවනම් අලුත් එකක ඊලග කතා සමයක් ආවම උපසිරැසි නොදී හිටියොත් කොහොම මොනා කියාවිද කියලා. මේ නිසාමයි දැන් දැන් අලුතින් පටන් ගත්ත කතාමාලා පවා නැවතීමක් කරලා තියෙන්නේ. ඒකට ඉතින් අපි කවුරුත් වගකියන්න ඕනත් නැහැ කියන එකයි මගේ මතය නම්. “

එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!

Sense8 (2015– ) on IMDb

 

 

Due to copyright issues we do not provide any torrent links

Sense8.S02E10.WEBRip.x264-SKGTV

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාල වේ

 

3,065 downloadsDownload Sense8-S02E10.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

3,065 downloadsDownload Subtitles26 KB

27 comments

  1. මිතුල් ලක්ශිත

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    පැය 2කේ සීරීස් ෆිනාලේ එක ආවොත් ඒකටත් සබ් කරලා දාන්න
    එලම

  2. මලිත් සංදීප

    සබ් එකට තුති සහෝ
    කොටස් 10 ක් පුරා සබ් දුන්න ප්‍රනීත් සහෝටත්,චාමර සහෝටත් ගොඩාක් ස්තූතියි...

  3. Chamith Mihiranga

    Thank you very much saho..!

  4. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  5. lahiru

    pattai mchoooo supiri

  6. Sudheera Kasun

    Thanks Yaluuuu

  7. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    මචං කවුරුහරි ස්කෝපියන් එකේ සබ් එක දානවද.. ගොඩක් දෙනෙක් බලන කතාවක්..පුලුවන් කෙනෙක් ඉන්නවම් ගොඩක් වටිනවා!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රයන් ද සිල්වා

    සබ් එකට තුති චාමර සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය වේවා

    1. රයන් ද සිල්වා

      ඊලග කොටසෙයි කියන්නේ
      සීසන් 3 එක හොද්...

  10. උදාර දිල්ශාන්

    නියමයි සහෝ
    කෝමහරි අන්තිම කොටසටත් සබ් එක ඉක්මනට දුන්න නේ..
    එලම

  11. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    බලපු සුපිරිම කතාවක්...

  12. mahesh

    Elama thanks

  13. කවීන් ලහිරු

    මැක්සා බ්‍රෝ සබට තෑන්ක්ස්
    එලම

  14. කනිශ්ක ලක්මාල්

    සබ් එකට ස්තූතියි චාමර සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  15. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා.....

  16. Jeewantha

    adee exorcist season 2 sub 1th krhnkooo

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  19. MAALnath

    Thanks ....................good luck .......................

  20. tharinduM

    thnks subs good

  21. thilin2

    Sub ekt thanks broh.! Epi 11,12 ikmnta denwda??

  22. dragonhero

    thanks

  23. Nisal Malintha

    Mindhunter tv series akth sub karnkoo

  24. chinthaka.max4

    thankx machan

  25. Kasun Jeewantha

    බොහොම ස්තූතියි සිංහල උපසිරස සහ පේජ් එකට එක සිතින් සුභ පතමි මේ වගේ පිලිවෙලට නිමාවකට අවසානයකට තවත් කතා මාලාවක් ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  26. ashen

    epi 11,12 oni ikmanata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.