වෙලාවකට මට හිතෙනවා, අපේ කට්ටියට මේ කතා මාළාව එපා වෙලා වත්ද කියලා… මුලදී තිබ්බ උනන්දුව, උද්යෝගය, පහුගිය ටිකේදි දකින්න ලැබුනේ නැද්ද කියලත්, නොහිතෙනවා නෙමෙයි. වාහනයක් දුවන්න නම් ඉන්ධන ඕනේ! ඒ වගේම… යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න නම් ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ වගේම… උපසිරැසිකරුවෙක් ක්‍රියාත්මක කරන්න නම්, ප්…

වෙලාවකට මට හිතෙනවා,
අපේ කට්ටියට මේ කතා මාළාව එපා වෙලා වත්ද කියලා…
මුලදී තිබ්බ උනන්දුව, උද්යෝගය,
පහුගිය ටිකේදි දකින්න ලැබුනේ නැද්ද කියලත්,
නොහිතෙනවා නෙමෙයි.
වාහනයක් දුවන්න නම් ඉන්ධන ඕනේ!
ඒ වගේම…
යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න නම් ශක්තියක් අවශ්‍ය වෙනවා.
ඒ වගේම…
උපසිරැසිකරුවෙක් ක්‍රියාත්මක කරන්න නම්,
ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව, උද්යෝගය, දිරිගැන්වීම අවශ්‍ය වෙනවා!
මේ හතරවෙනි කොටසත් එක්ක කතා මාලාවෙන් හරියටම බාගයක් ඉවර වෙනවා. තව කොටස් හතරයි ඉතුරු වෙන්නේ. නිකමට මං මෙහෙම අහන්නම්. පුළුවන් නම් උත්තර දෙන්න. මොකද, උපසිරැසිගන්වන මට වත් මේ ප්‍රශ්න වලට කිසිම විදියක උත්තර හම්බෙලා නැහැ.
- දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ අතුරුදහන් වෙලා ඉඳපු, සටකපට, අතිශය දරුණු ගයිතොන්ඩේ එක සැරේටම ආපහු මතු වුනේ ඇයි?
- මෙහෙම මතුවෙච්ච ගයිතොන්ඩේ, සර්ටාජ් කියන පොලිස් නිලධාරියට කතා කරලා අනාගත තර්ජනයක් ගැන කියන්නේ ඇයි?
- ගයිතොන්ඩේ සහ සර්ටාජ් එකිනෙකා සම්බන්ධ වෙන්නේ කොහොමද?
- ගයිතොන්ඩේ සහ සර්ටාජ්ගේ පියා එකිනෙකා සම්බන්ධ වෙන්නේ කොහොමද?
- ගයිතොන්ඩේ කියන විදියට දවස් 25කින් මුම්බායි නගරයට සිද්ධවෙන මේ මහා ව්‍යසනය මොකක්ද?
- මේ ව්‍යසනයෙන් ත්‍රිවේදි කියන පුද්ගලයා ඇරෙන්න අනිත් හැම කෙනෙක්ටම මැරෙන්න සිද්ධවෙන්නේ ඇයි?
මේ තමයි දැනට තියෙන ප්‍රධානම ප්‍රශ්න කීපය. මේ ඇරෙන්නේ මීට සම්බන්ධ අතුරු ප්‍රශ්න මහ ගොඩක් තියෙනවා. කතාව බලන අය දන්නවා ඇති, කතා මාලාව ඉදිරියට ඇදෙන්න ඇදෙන්න ප්‍රශ්න එකිනෙක වැඩිවෙනවා මිසක්, මේ තාක් එක ප්‍රශ්නයකට වත් පිළිතුරු හම්බුනේ නම් නැහැ. අතිශය ප්‍රථම ආරම්භක කතාවේදීම, කතා මාලාවේ ප්‍රධාන දුෂ්ඨ චරිතය ඝාතනය කරමින්, ප්‍රේක්ෂකයා හට අතිශය තියුණු තිගැස්මක් ඇති කරමින්, සියලු දෙනාගේම අවදානය දිනාගන්න මේ කතාමාලාවට හැකියාව ලැබුණා.
කොනක් පටක් සොයාගත නොහැකි, පැටලුනු නූල් බෝලයක් බඳු වූ අභිරහසක් විසඳමින් ඉදිරියට ඇදෙන්නා වූ සර්ටාජ් සහ රෝ නිලධාරිවරිය, අවසානයේ ගයිතොන්ඩේගේ අපරාධ ජාලයේ දැවැන්තයෙකු වන බන්ටි අල්ලාගැනීමට උපක්‍රමයක් යොදනවා. ඔබ හිතන්නේ මොකද? බන්ටි වගේ කෛරාටිකයෙක් මේ වගේ උපක්‍රමයකින් අල්ලගන්න පුළුවන් වේවිද? ඒ වගේම, අනිත් පැත්තෙන් ගයිතොන්ඩේ තමන්ගේ කතාව බොහොම ලස්සනට කියාගෙන එනවා. පේන විදියට නම්, මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධ වෙලා, අපේ හිත් කුතුහලයෙන් අවුස්සන්න සමත්වෙලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්නේ අවසාන කොටසෙදි වගෙයි. සමහර විට වෙන්න පුළුවන් මෙන්න මේක තමයි කියලා ඔබ අනුමාන කරගෙන ඉන්න පුළුවන්. ඒත්, මතක තියාගන්න, “සිතු දේ නොම වෙයි… නොසිතූ දෙයක්ම සිදුවෙයි…” කියලා.
දහ අටදහස ඉක්මවූ මනාප ප්‍රමාණයකින් Imdb දර්ශකය 9.3ක් වැනි අති දැවන්ත අගයක් කරා කරකවමින්, Top Rated TV ලැයිස්තුවේ 25 වන ස්ථානය තම නමට වෙන්කරගෙන සිටින, වසරේ පෙරලිකාරම කතා මාලාව! ඔබ තවමත් අපත් සමගින් එකතු වී නැද්ද? හිත හිතා සිටින්න කාලයක් නෙමෙයි මේ… නුදුරු අනාගතයේදීම මුම්බායි නගරය සහමුලින්ම විනාශ වී යෑමට නියමිතයි. එකතු වන්න අපත් සමගින්, ඉමක් කොනක් නොපෙනෙන අභිරහස් සමුදායක් විසඳමින්, මේ බිහිසුණු ගැටලුවේ පතුලටම ගමන් කිරීමට!
ඉවසලා ඉන්න…
අවසානය ළඟ ළඟ එනවා!
හැබැයි, තව දුර යා යුතුයි!
දින එකිනෙක ගතවී යනවා!
විනාශය ළඟ ළඟ එනවා!
නමුත්, අපි කොතනද?
ඒත් මතක තියාගන්න,
ඊළඟ කෑල්ල අතිශයින් රසවත් 😀
ඇඟිලි ගණින්න…
ඔබ පුන පුනා බලාසිටි විනාශය ළඟ ළඟ එනවා!
ප. ලි. – කලින්ම අනතුරු අඟවපු නිසා, කලින් කොටස බලන්න ගිහිං කාටවත් ගෙදරින් යන්න වුනේ නැහැ නේද? 😀
(මේ කතා මාලාවට නිකුත් වෙච්ච ඉංග්‍රීසි උපසිරැසියේ වැරදි නොසෑහෙන්න තියෙනවා. සමහර තැන් වල දෙබස් වල අඩුතරමේ ආසන්න තේරුමක් වත් නැහැ ඉංග්‍රීසි උපසිරසියේ. ඒ වගේම, ඉංග්‍රීසියෙන් කතා කරන දෙබස් වලට උපසිරසියේ කිසිම දෙබසක් අන්තර්ගත කරලා නැහැ. ඉතිං, හින්දි වල වැරදි හදාගෙන කරන ගමන්, ඉංග්‍රීසි දෙබස් පවා කාල රාමු නිර්මාණය කරගෙන, අසා ලියන්න තමයි වෙලා තියෙන්නෙ. කතාව බලන අය ගොඩක් කුතුහලයෙන්, ඉවසිල්ලක් නැතුව ඉන්නේ කියලා දන්නවා. ඒ නිසාම තමයි, රෑට නිදිමරාගෙන හරි ඒ අය වෙනුවෙන් දවසක් ඇර දවසක් විදියට හරි මේ කතාව අරගෙන එන්නේ. ගොඩක් අය දවසට එකක් ඉල්ලලා තිබුණා. ඉතිං, කට්ටිය පොඩ්ඩක් ඉවසීමෙන් කතාව බලන්න කියලත් විශේෂ ඉල්ලීමක් කරනවා.)

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
12,273 downloadsDownload Sacred-Games-S01E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
135 comments
Buddika Premarathna
4devinda
denakaN balan hitiye…
bohoma sthuthi..Pulasthi Sameera Ariyarathne
බොහොම ස්තූතී සහො....දෙනකල් හිටියෙ...ජයවීවා...!!!!
RAngaprabath071
naveendya
sub ekata thkz mchan..ilaga ekkath ikmanin demu..
kevinpetersen
Thanks yaluwa! Jayama wewa.
Bobby
ඇත්තටම මම බලන්න හිතුවේ නැති කතාවක් . නමුත් සිසිලගේ වර්ණනාව නිසා බාගෙන බැලුවා. හොද ටෙලි සිරියස් එකක්. බොහෝම ස්තුතියි සිසිල උප සිර්ෂ යෙදුවාට.
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි ......
harshana deshan
THANK YOU....
thank you >>> {කලින්ම අනතුරු අඟවපු නිසා}dsdkavishka
Thenks aiya, fatta, meka denakan hemadama noiwasillen inne
isuru sandaruwan
Ammo tnx bro...
demon
Thnkz bro
Mohomed_Ismath
අම්මෝ කතාව නම්..
sadeepaT
sub ekata thanks
Kavishal Rasintha
වාහනයක් දුවන්න නම් ඉන්ධන ඕනේ!
"ඒ වගේම…
යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න නම් ශක්තියක් අවශ්‍ය වෙනවා.
ඒ වගේම…
උපසිරැසිකරුවෙක් ක්‍රියාත්මක කරන්න නම්,
ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව, උද්යෝගය, දිරිගැන්වීම අවශ්‍ය වෙනවා!" කතාව නම් ඇත්ත අයියේ... දැන් එන්න එන්න ප්‍රෙක්ෂක ප්‍රතිචාර අඩු වෙනවා. එහෙම වෙනකොට සබ් කරන එක කොහොමත් එපා වෙනව.. කොහොමහරි ස්තූතියි අයියේ සබ් එකට. මරුම වැඩක් මේක නම්. Gd luck and keep continue..... tnxs...hasalaka
mekanam fatta saho
Ravi28
Thanks bro
Darshanamk
සුපිරි කතාව අර වැල ටික නැත්නම
ඒවා එලවටත් නැ මෙලොවටත් නැ
තැන්ක්ස් සබ් එකටbaiscopepodda
supiri ayye..apinm asawen balanawa. supiri story ekak thiyenne
csjayawickrama
අඩෝ උඹට පිං මචා !!
Sajiya99
Thanks bro sub ekata
Galen gahala maranne thaththawa wenna athiWaruna_Rathnayaka
ela mcn thnks sub ekata ithuru tikath ikmanatama oni :D
isuruchamara
thanks
prasadmalaka
ela ela niyamay....supiri.....mechchara ikmanata dunna ekanam kiyala wadak na...ikmanatama ithiri tikath denna...plz...
guddaputha
thankz machan sub ekata ..
jaya wewa.Krishan NiShalya
බොහොම ස්තූති ...
අපෙන් හුඟක් දෙනා කතාව කලින් සබ් දුන්න ඒවාත් එක්කම එක දිගට ඉතුරු කොටස් ටිකත් කඩ්ඩෙන්ම බලලා ඉවරකරලා කුතුහලය වැඩි නිසා.. ඒ නිසා වෙන්නත් පුළුවන් උනනදුවක් නෑ වගේ පේන්නේ....
කොහොමෙන් හරි ඉතුරු ටිකත් ඉක්මනට දෙන්ඩෝ...
Good Luck bro..
Charinda
thanx patta story eka.....
BlackRed
Thanku bro... Ela.. Ohoma yan...
Chami77712
Supiri kathawak
Denis Maneesha
Thanks for the sub
raacmgt
Thank you wewa... dawasak ara dawask hari sub eke denakan balan innewa....
Jaya wewa!!Niranga.lakshitha
thanks macho...…….
whitewolf
macho niyamai........
anith ewath ikmanata demu........ajith00129
එලම බ්‍රෝ , ඉතුරු ටිකක් දෙමු ආ
Tharindu.deshan.lakpriya
thanks :D
Nirosh C
ස්තුතියි සිසිල සහෝ.ජයවේවා. හෙට හැන්දෑ වෙනකොට අනික දාලා තියන්න හොඳේ !
lakmal16304
Elz
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
buddhi
tnks aiye sub ekata
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..ගොඩක් අය කතාව බලන්න ගන්නේ ඔක්කොම සබ් ටික දුන්නට පස්සේ සහෝ සහෝ. ඒකයි ටිකක් ප්‍රතිචාර අඩු.
pradeep hashan
sub walata tnks asawen balanne
digatama sub demuAyesh Prashan
Thank You.elaga epiyata sub denakan iwasillak nathuwa inne
Jehank
thanks bro
Chamil Karunarathna
ela bro. thank u so much. :-)
Gihan Lakmal
Supiri machooo...
shehandilshan
ela ela
thnxxxxxxxxxxxSithdu
මට නම් හිතෙන්නෙ සර්ටාජ් ගෙ තාත්තා අර පොඩි කොල්ලෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා හොස්පිටල් ගෙනිච්චා කිව්වනේ..අන්න ඒ පොඩි එකා තමයි ගයිතොන්ඩෙ..
buddikakb
උපසිරැසියට ස්තූතී....
Chirathvinura
Ft elama keep going bro
Maduranka Wijesena
niyamai kollo alamathama machan.......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Sacred Games S01E04 Sinhala Subtitles | රෑ මැදියමේ මාරාන්තික මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/07/Sacred-Games-2018-3.jpg)




Refresh kara karal bala bala hitiye ban enakan... thanks wewaaa. jayin jayama wea...