සීසන් 1හි අවසන් කොටසෙ කනෙකි ජේසන්ට හොඳ පාඩමක් උගන්නනවා. එතනින් ඒ කොටස ඉවර වෙනවා. එතන ඉඳන් වෙන දේවල් තමයි සීසන් 2න් පටන් ගන්නෙ. කලින් කොටසෙ බකමූණා එනවා මතක ඇතිනෙ. ඒත් එතන ඉන්න පරික්ෂක වරුන්ට එයාගෙ වෙනසක් දැනෙනවා. අවුරුදු ගාණකට කලින් එයාලට මුණ ගැහුනු කෙනාට වඩා මේ කෙනා ගොඩක් වෙනස්. සීසීජී අඔගිරි කොටු…

සීසන් 1හි අවසන් කොටසෙ කනෙකි ජේසන්ට හොඳ පාඩමක් උගන්නනවා. එතනින් ඒ කොටස ඉවර වෙනවා. එතන ඉඳන් වෙන දේවල් තමයි සීසන් 2න් පටන් ගන්නෙ. කලින් කොටසෙ බකමූණා එනවා මතක ඇතිනෙ. ඒත් එතන ඉන්න පරික්ෂක වරුන්ට එයාගෙ වෙනසක් දැනෙනවා. අවුරුදු ගාණකට කලින් එයාලට මුණ ගැහුනු කෙනාට වඩා මේ කෙනා ගොඩක් වෙනස්. සීසීජී අඔගිරි කොටු කරන මෙහෙයුම කරන අතරෙ අන්තේකු වල අය කනෙකිව බේරගන්න එතනට යනවා. එයාලා මුහුණ දෙන දේවලුයි කනෙකි ඊළඟට කරන්න යන දේවලුයි මේ කොටසින් බලන්න පුළුවන්. දැන් ඉන්න කනෙකි කලින් හිටපු කෙනා නෙවෙයි කියලා දැකගන්න පුළුවන් වුනානෙ. කනෙකි එයාගෙ ගූල් ස්වරූපය පිළිගන්නවා. කලින් මස් කන්න පැකිලුන කනෙකි ජේසන්වත් කනවා. දැන් එන්න එන්න දේවල් සංකීර්ණ වේගෙන එන්නෙ. ඒ නිසා සමහර මූලික කරුණු ගැන අවබෝධයක් තිබුනෙ නැත්තන් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. පහළින් ටෝකියෝ ගූල් වල දැකගන්න ලැබෙන දේවල් කිහිපයක් ගැන විස්තර කරලා තියෙනවා.
කකුහෝ, කගුනේ, ක්වින්කි, කකුජා සහා අරතා
කකුහෝ
කකුහෝ කියන්නෙ මිනිසුන්ට නැති ගූලයන්ට තියෙන අවයවයක්. මේක තමයි එයාළගෙ විශේෂම අවයවය. ගූලයො මිනිස්සු කන්නෙ ශක්තිය ලැබෙන්න. කලින් දකින්න ඇතිනෙ ටෝකා මිනී මස් කාපු නැති නිසා එයාට කගුනෙ එක ක්‍රියාත්මක කරන්න බැරි වුනා. මේකට හේතුවක් තියෙනවා. මිනිස්සුන්ගෙ ඇඟේ තියෙනවා RCසෛල කියලා වර්ගයක්. ගූලයො මිනී මස් කාලා මේ RCසෛල එකතු කරගන්නවා. ඒවා ශරීරයෙ එක තැනක තැන්පත් වෙනවා. මේ RCසෛල තැන්පත් වෙන මල්ලට තමයි කකුහෝ කියලා කියන්නෙ. මිනී මස් කන්න කන්න ඒ මල්ලෙ තියෙන සෛල ප්‍රමාණය වැඩි වෙනවා.

කගුනේ
කගුනෙ කියන්නෙ මේ කකුහෝ මල්ලෙ එකතු කරගන්න RCසෛල වලින් හදාගන්න ආයුධයට. කකුහෝ වල ඕන තරම් RCසෛල තියෙනවනම් තමන්ට ඕන වෙලාවක ඒ RCසෛල ඝණ කරලා ආයුධයක් හදාගන්න පුළුවන්. ඒක ගූලයාගෙ හැකියාව සහා නිර්මාණශීලීත්වය අනුව වෙනස් වෙනවා. කකුහෝ පිහිටලා තියෙන තැන අනුව කගුනේ වර්ගය වෙනස් වෙනවා. ඒ වගේ කගුනේ වර්ග 4ක් තියෙනවා.

ක්වින්කි
ක්වින්කි කියන්නෙ කපෝතයො එහෙම නැත්තන් සීසීජී පරික්ෂකයො මරණ ගූලයන්ගෙන් ලබාගන්න කකුහෝ යොදාගෙන හදන ආයුධයට. තේරෙන විදියට කිව්වොත් ගූලයන්ගෙ කකුහෝ මල්ල අරගෙන තාක්ෂණයත් යොදාගෙන හදන කෘතිම කගුනෙ එකක්.
කකුජා
කකුජා කියන්නෙ බකමූණා වගේ ගූලයන්ට. දන්නවනෙ ගූලයො මිනිස්සු කනවා කියලා. මේකෙදි වෙන්නෙ ගූලයො තමන්ගෙ වර්ගයවම කනවා. ඒ කියන්නෙ ගූලයො තවත් ගූලයන්ව කනවා. ඒ ආහාර පුරුද්ද දිගටම තිබුනොත් ඒ ගූලයා කකුජා කෙනෙක් වෙනවා. එයාලා අනිත් අයට වඩා ප්‍රබලයි. මුළු ඇඟම වැහෙන්න ආවරණයක් හදාගන්න පුළුවන් වගේම ප්‍රබල ආපසු සැකසීමේ හැකියාවත් වැඩියි.
අරතා
අරතා කියන්නෙ කකුජා ගූලයන්ගෙ කකුහෝ යොදාගෙන හදන ක්වින්කියට. ඒක තමයි යොෂිමුරයි කුරොඉවයි කලින් අවසන් කොටසෙ ඇඳන් ඉන්නෙ. ඒක ක්වින්කියට වඩා දියුණුයි. මේ වෙනකොට තාම ඒක පර්යේෂණ මට්ටමේ තියෙන්නෙ.
ගූලයන්ගෙ ලක්ෂණ ගැන පොඩි අවබෝධයක් එන්න ඇති කියලා හිතනවා. භාගන්න ලින්ක් එකක් හොයාගන්න බැරිවුනොත් කමෙන්ට් වල මේල් එක දාන්න. එහෙනම් සීසන් 2 රසවිඳින්න ආරාධනා කරනවා. 03යි 04යි කොටස් වලින් මුණ ගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
4,328 downloadsDownload Tokyo-Ghoul-Root-A-01-02-2015.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
15 comments
Ishan Madusha
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Vidura
Thanks sis meka denakan hitiye :)
podda
niyamaiiiii
Samitha gayan
Dhanakan asawen balan hitiya. Godaaaak sthuuthi, digatama sub denna meke
asala
Ela bro
4devinda
Asawen denakaN balan hitiye..... .
bohoma sthuthi... .Spynowa
Season 1 ganna link ekak denn puluwnd
Bhagyasingh
asawen balan hitiye sis sub denakam...mulinma thnks karnna oni root A ekata sub denna theeranya karpu ekata..sub ekata thanks sister..ithiri sub tikath hambenkal iwasillak na....
Chanu mikhail
thanx sub ekata :) lipiyath niyamai godak wadagath eka , jaya...!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
තැන්ක්ස් සබ් එකට
Ruchira197
Root a sub ekta thanks. hariyta link ekak hoya gnna ba. [email protected] pluwan nm link eka danwada? thanks.
සචින්ත කල්හාර බෙනට්
thanks
Pavith Wijesooriya
සබ් එකට ගොඩක් ස්තූතියි!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tokyo Ghoul Root A 01 & 02 (2015) Sinhala Subtitles | ආදරේ වෙනුවෙන් ගොඩක් දේවල් අත්හරින්න සිද්ධ වෙනවා! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/07/Tokyo-Ghoul-√A-Season-2.jpg)




නියමයි.root a සබ් දෙනකම් බලාගෙන හිටියෙ
බොහොම ස්තූතියි කරන කැපවීමට
ජය වේවා!