Sausage Party: Foodtopia Sinhala Subtitles ඔන්න ඉතින් මම බලාපොරොත්තු වුණ විදියටම සොසේජ් පාටි 2 වෙනි සීසන් එකත් 2025 ආවා. කවුරුත් පුදුමයට පත්වෙලා තියනවා ඇමසන් එකෙන් මේකේ 2 සීසන් එක හදන්න හිතපු එක ගැන. ගොඩක් දෙනා හිතුවේ අර වෙල්ම සීරිස් එක වගේ මේකත් කැන්සල් වෙයි කියලා. කොහොමහරි මම නම් සතුටින් 🙂 මේ සීර…
Sausage Party: Foodtopia Sinhala Subtitles
ඔන්න ඉතින් මම බලාපොරොත්තු වුණ විදියටම සොසේජ් පාටි 2 වෙනි සීසන් එකත් 2025 ආවා. කවුරුත් පුදුමයට පත්වෙලා තියනවා ඇමසන් එකෙන් මේකේ 2 සීසන් එක හදන්න හිතපු එක ගැන. ගොඩක් දෙනා හිතුවේ අර වෙල්ම සීරිස් එක වගේ මේකත් කැන්සල් වෙයි කියලා. කොහොමහරි මම නම් සතුටින් 🙂 මේ සීරිස් එකට ආස කළ ඔයාලටත් එහෙම ඇති කියලා මම හිතනවා.
ඉතින් පහුගිය සීසන් එකේ අවසාන 8 වැනි කොටසෙදි ආහාර ලන්තයේ වැසියන් බ්‍රෙන්ඩාගේ මරණය ගැන දුක් වුණා. ෆ්‍රෑන්කුත් මේ වෙනකොට හිරේ හිටියේ. බ්‍රෙන්ඩාගේ මරණය සැමීටත් දැඩි ශෝකයක් ගෙනාවා. ඒ එක්කම මිනිහා ලවාෂ්ගේ මරණය ගැනත් හිත හදාගත්තා. ජුලියස් සැමීගෙන් ඉල්ලුවා ෆ්‍රෑන්ක්ව වරදකරු කරන්න උදව් කරන්න කියලා. හැබැයි සැමී බැහැ කිව්වා. ඒ නිසා මිනිහා වෙනුවට “ඩන්කින් ඩෝනට්” තමයි මේකට ආවේ.

සැමී සහ බැරී ගිහින් ෆ්‍රෑන්ක්ව හම්බ වුණා. ෆ්‍රෑන්ක් කිව්වා තමන් බ්‍රෙන්ඩාව මැරුවේ නැහැ කියලා. ඊට පස්සේ මෙයාලා වයසක සොසේජ් එක හම්බවෙද්දි, මිනිහා පෙන්නුවා බ්‍රෙන්ඩා මැරුණු දවසේ ජුලියස් එක්ක රණ්ඩු වෙච්ච හැටි. හැබෑ වරදකරු වුණු සහල් ඇටයත් මේ වීඩියෝ එකේ වැදිලා තිබුණා. මෙතනදි බැරීට සහ සැමීට වුණා ඒ වීඩියෝ එක අනිත් අයට පෙන්නන්න ෆ්‍රෑන්ක්ව බාබිකියු එකේ දාලා පුච්චලා මරන්න කලින්.

බැරී සහ සැමී ගිහින් කැලේ ඉන්න මනුස්සයව හම්බවුණා. මිනිහා කැලේ ඉඳන් තමන්ගේ මිනිස් යාළුවාගේ මිනී මස් කමින් හිටියේ. මෙයාලා මිනිහාව ෆ්‍රෑන්ක්ට උදව් කරන්න කැමති කරවගත්තා. මිනිහා කවපෙත්තකින් බැරී සහ සැමීව විකාශන මධ්‍යස්ථානයට වීසි කළා. මෙතනදි බොහොම තදින් සටන් කරලා සැමී වීඩියෝ එක අනිත් කෑමවලට පෙන්නුවා, ෆ්‍රෑන්ක් අහිංසකයෙක් කියලා.
බැරී සහ අනිත් කෑම ටික ෆ්‍රෑන්ක්ව බේරගත්තා, ජුලියස් පැනලා යන්න ගියා. පස්සේ ජැක් කියන මනුස්සයා බැරීට උදව් කරලා ජුලියස්ව අල්ලගත්තා. මේ ජුලියස් නම් දොඩම් ගෙඩියේ පස්ස පැත්තේ හිටපු සහල් ඇටයත් එළියට ගත්තා. බැරි සහල් ඇටය කඩන්න ගිය වෙලාවේ ෆ්‍රෑන්ක් නැවැත්තුවා, එයාට සමාව දෙනවා කියලා. ෆ්‍රෑන්ක් අනිත් අයටත් කිව්වා එකිනෙකාට සමාව දීලා අලුත් සමාජයක් හදමු කියලා. මේකෙන් සහල් ඇටය සතුටු කඳුළු හෙළුවා, හැබැයි එකපාරටම කපුටෙක් ඇවිල්ලා සහල් ඇටය ගිල දැම්මා.

ෆ්‍රෑන්ක්ගේ හදවතින්ම කරපු කතාවෙන් පස්සෙත් මිනිස්සු වෙනස් වෙන්න කැමති වුණේ නැහැ. ඒ වෙනුවට අලුත් කෑම නායකයෝ වෙන්න ඉදිරිපත් වුණා, බලවත්තු දුර්වලයන්ව පාලනය කළා. ෆ්‍රෑන්ක් ආපහු තමන්ගේ ගස් ගෙදරට ගියා දුකින්. ෆ්‍රෑන්ක්ට බ්‍රෙන්ඩා කියපු දෙයක් මතක් වුණා, “මේ කෑම ටික තමයි අපේ දරුවෝ, අපි ආහාර ලන්තය හදන්න ඕනේ” කියලා. මේ නිසා ෆ්‍රෑන්ක් ජැක් එක්ක ඇවිල්ලා කිව්වා තමන් තමයි නායකයා, හැමෝම තමන්ට විතරක් අවනත වෙන්න ඕනේ කියලා. කොටස අවසානයේ අපිට දකින්න ලැබුණා අභිරහස් ඩ්‍රෝන යානයක් මෙයාලා උඩින් පාවෙනවා.

ඉතින් එදා අවසාන කොටස බලපු ඔයාලා තාම හිතනවා ඇති මොකක්ද මේ ඩ්‍රෝන යානයේ හුටපටේ කියලා.
මේකට උත්තරේ බොහෝ දුරට අද ඔයාලට දැනගන්න පුළුවන් වෙයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
440 downloadsDownload Sausage-Party-Foodtopia-S02E01.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Sausage Party: Foodtopia Sinhala Subtitles
Subtitles by
UD Shehan
Subtitles
- #Edward Norton
- #Grey Griffin
- #Kristen Wiig
- #Michael Cera
- #Sam Richardson
- #Sausage Party
- #Sausage Party: Foodtopia
- #Seth Rogen
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #UD Shehan
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහෝම ස්තූතියි ශෙහාන් සහෝ මේ සීරිස්එකටත් සබ් දෙන්න පටං ගත්තට