Watch Trailer

Sausage Party: Foodtopia [S02 : E02] Sinhala Subtitles | නව නිවහනක් සොයා යන කටුක ගමන [සිංහල උපසිරසි සමඟ] (18+)

Sausage Party: Foodtopia Sinhala Subtitles පහුගිය එපිසෝඩ් එක පටන් ගත්තේ ෆ්‍රෑන්ක් ගොඩක් සතුටින් ඉන්න මොහොතකින්. නමුත් මේක හීනයක් වුණා. මේ හීනයෙදි හැමෝම මෙයාට ආදරෙයි, ගරු කරනවා, ගොඩක් ජනප්‍රියයි. මේ වෙලාවේ ෆ්‍රෑන්ක් නගරේ හැමෝටම වාහන දීලා තියෙනවා, ඒ වගේම ජෙට් එන්ජිම් පවා දීලා තියෙනවා පහසුවෙන් ගමන් බි…

Sausage Party: Foodtopia Sinhala Subtitles

පහුගිය එපිසෝඩ් එක පටන් ගත්තේ ෆ්‍රෑන්ක් ගොඩක් සතුටින් ඉන්න මොහොතකින්. නමුත් මේක හීනයක් වුණා. මේ හීනයෙදි හැමෝම මෙයාට ආදරෙයි, ගරු කරනවා, ගොඩක් ජනප්‍රියයි. මේ වෙලාවේ ෆ්‍රෑන්ක් නගරේ හැමෝටම වාහන දීලා තියෙනවා, ඒ වගේම ජෙට් එන්ජිම් පවා දීලා තියෙනවා පහසුවෙන් ගමන් බිමන් යන්න.

මේ හීනය ඉවර වුණාම පෙන්නුවා ෆ්‍රෑන්ක් තමන්ගේ ඒකාධිපති ආණ්ඩුව පාලනය කරගෙන යනවා ජැක් කියන මනුස්සයා සහ බැරිගේ උදව් ඇතුව. ෆ්‍රෑන්ක්ගේ පාලනයේ ප්‍රධාන අරමුණ තමයි හැම කෑම වර්ගයකටම සමාන අයිතිවාසිකම් ලබා දීම. විශේෂයෙන්ම එයා “Cool World” කියලා වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා, හැම කෙනෙක්ටම ශීතකරණ පහසුකම් ලබා දෙන්න. මොකද සමහර කෑම වර්ග වලට ශීතකරණය අත්‍යවශ්‍යයි.

කෑම කවුරුත් මිනිහගේ මේ පාලනයට නම් කැමති නෑ. මෙතන තිබුණ ප්‍රධානම ගැටලුව තමයි නැවතත් ශීතකරණ ප්‍රශ්නය. ඒ ආහාර ලන්තයේ තියන දැඩි හිරු රශ්මිය හැම කෑමකටම වගේ දරාගන්න හුඟක් අමාරු වීම. ෆ්‍රෑන්ක් උත්සාහ කරා හැමෝටම සාධාරණව ශීතකරණ පහසුකම් ලබා දෙන්න. ඒත් ඒක හරියට ක්‍රියාත්මක වුණේ නෑ. ශීතකරණ මදි නිසා තෝරාගත් කෑම වර්ග වලට පමණයි ඒවා පාවිච්චි කරන්න ලැබෙන්නේ. මේක නිසා අනිත් අය තුළ නොසන්සුන්තාවයක් ඇති වුණා.

ෆ්‍රෑන්ක්ගේ පෞද්ගලික ජීවිතේ ගත්තම, එයාගේ පෙම්වතිය බ්‍රෙන්ඩා මැරිලා ගිහින්. මේක ගැන ෆ්‍රෑන්ක් තාමත් දැඩි දුකකින් ඉන්නේ. එයාට නිතර හීන පේනවා බ්‍රෙන්ඩා ආපහු ඇවිල්ලා ඉන්න විදිහට. මේ අතරේ ඩන්කින් කියන ඩෝනට් එකයි, අල ගෙඩියකුයි, තවත් අයයි එකතු වෙලා කුමන්ත්‍රණයක් කරනවා ෆ්‍රෑන්ක්ව මරන්න. මෙයාලා බොහොම තදින්ම හිතනවා ෆ්‍රෑන්ක් කෑම වලට තිබුණ නිදහස නැති කරලා දැම්මා කියලා.

අන්තිමට මේ පාලනයට විරුද්ධව ඩන්කින් කියන ඩෝනට් එකයි තව පිරිසකුයි කුමන්ත්‍රණයක් කරනවා ෆ්‍රෑන්ක්ව මරන්න. ඒත් මේක බැරී දැනගන්නවා. ෆ්‍රෑන්ක්ව බේරගන්න බැරී උත්සාහ කරනවා සාමකාමීව විසඳුමක් හොයන්න. නමුත් අන්තිමට ෆ්‍රෑන්ක් වගේම බැරී වත් පිටුවහල් කරලා දානවා. ඩන්කින් එක සහ එයාගේ කල්ලිය නගරය පාලනය කරන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි මේ කොටස අවසන් වුනේ.

එහෙනම් ඉතින් අද එපිසෝඩ් එක බලන්න. හෙට ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බවෙමු.

Sausage Party: Foodtopia Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

464 downloadsDownload Sausage-Party-Foodtopia-S02E02.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sausage Party: Foodtopia Sinhala Subtitles

Next BT1All BT1Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

464 downloadsDownload Subtitles17 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.