Watch Trailer

Sausage Party: Foodtopia [S02 : E03] Sinhala Subtitles | කෑම වලින් පිරුනු සුපිරි නවීන නගරයක් [සිංහල උපසිරසි සමඟ] (18+)

Sausage Party: Foodtopia Sinhala Subtitles පෙර කොටසින්… මුලින්ම අපිට පේනවා ෆ්‍රෑන්ක් තදින් කලකිරිලා ඉන්න හැටි. මොකද මෙයා මෙතෙක් කල් විශ්වාස කරපු “විප්ලවය” අසාර්ථක වෙලා, තමන්ගේ හොඳම යාළුවෝ දෙන්නා වන බැරී සහ සැමී මෙයාව පාවා දීලා, මුළු නගරයම තමන්ව ප්‍රතික්ෂේප කරලා. ඒ වගේම මෙයාගේ පෙම්වතිය වන බ්‍රෙන්ඩා…

Sausage Party: Foodtopia Sinhala Subtitles

පෙර කොටසින්…

මුලින්ම අපිට පේනවා ෆ්‍රෑන්ක් තදින් කලකිරිලා ඉන්න හැටි. මොකද මෙයා මෙතෙක් කල් විශ්වාස කරපු “විප්ලවය” අසාර්ථක වෙලා, තමන්ගේ හොඳම යාළුවෝ දෙන්නා වන බැරී සහ සැමී මෙයාව පාවා දීලා, මුළු නගරයම තමන්ව ප්‍රතික්ෂේප කරලා. ඒ වගේම මෙයාගේ පෙම්වතිය වන බ්‍රෙන්ඩා මැරිලා ගිහින්. ඉතින් මෙයා හිතනවා මේ හැමදේම නිකන් නිකරුණේ වුණේ කියලා.

මේ අතරේ ජැක් කියන මිනිහා උත්සාහ කරනවා ෆ්‍රෑන්ක්ව උනන්දු කරවන්න. මිනිහා කියනවා තවත් ගොඩක් නිදහස් වුණ ආහාර ඉන්නවා ලෝකේ පුරා, ඒ නිසා එයාලට ඕනෑම තැනක යන්න පුළුවන් කියලා. ජැක් යෝජනා කරනවා තමන්ගේ ගම්පළාතට යමු කියලා. එතැන විශාල සුපිරි වෙළඳසැල් සහ අවන්හල් තියෙනවා කියනවා.

ගමන අතරතුර සැමී තමන්ගේ රූපවාහිනි වැඩසටහන් ගැන කතා කරනවා. ඒත් කවුරුත් ඒකට උනන්දුවක් දක්වන්නේ නෑ. බැරී සහ ෆ්‍රෑන්ක් අතර ගැටුම් ඇති වෙනවා. බැරී චෝදනා කරනවා ෆ්‍රෑන්ක් නිසා තමයි තමන් පිටුවහල් වුණේ කියලා.මෙයාලා උමං මාර්ගයක් හරහා ජැක්ගේ ගමට යනවා. නමුත් එතනට ගියාම දකිනවා එතන හිස් කවුරුත් කෑම නැති බව. මැරිච්ච මිනිස්සු විතරයි හිටියේ. මේක ජැක්ට ලොකු කම්පනයක්. මිනිහා තමන්ගේ පරණ අසල්වැසියන්ගේ මළ සිරුරු මෙතනදි දකිනවා.

පස්සේ මෙයාලට වන බෙරී කියලා පලතුරු වර්ගයක් හමු වෙනවා. මුලින් ෆ්‍රෑන්ක් හිතනවා මේ කෑම අලුත් මිතුරන් කියලා. නමුත් ඒවා ඉතාම දරුණු, මිනිස්සුන්ට පහර දෙන ජීවීන් වර්ගයක්. මෙයාලා ජැක්ට පහර දෙනවා. බැරීගේ දක්ෂතාවය නිසා ජැක්වත් බේරගෙන හැමෝම මේ ජීවීන්ගෙන් පැනලා යන්න සමත් වෙනවා.

 


මේ අතරේ ෆ්‍රෑන්ක් සහ බැරී අතර තවත් ගැටුමක් ඇති වෙනවා. බැරී කියනවා තමන්ට දැන් මහන්සියි ෆ්‍රෑන්ක්ව ආරක්ෂා කරලම කියලා දෙන්නා රණ්ඩු වෙනවා. බැරී කියනවා ෆ්‍රෑන්ක් කවදාවත් තමන්ගේ වැරදි පිළිගන්නේ නෑ කියලා, ෆ්‍රෑන්ක් චෝදනා කරනවා බැරී හොඳ ආරක්ෂක ප්‍රධානියෙක් තමන්ගේ ආණ්ඩුවේ වුණේ නෑ කියලා, බැරී හෙළි කරනවා ෆ්‍රෑන්ක්ව මරනින් මුදවගත්තු බව. ෆ්‍රෑන්ක් තවම බ්‍රෙන්ඩා ගැන කතා කරන එක ගැන තමා බැරීට ගොඩක්ම කේන්ති යන්නේ.

ඇත්තටම මේ බැරී සහ ෆ්‍රෑන්ක් එකම පැකට් එකේ හිටපු හොට්ඩොග්ස්ලා, ඒත් දැන් මෙයාලගේ මිත්‍රත්වය බිඳෙන තැනටම ඇවිත් තියෙන්නේ. ජැක්ගේ ගම හිස් වෙලා තිබුණේ ඇයි කියන එක තවම අභිරහසක්. වන බෙරී වලින් පෙන්නුම් කරනවා නිදහස් වුණු ආහාර හැමෝම හොඳ නෑ කියලා.

අන්තිමට මෙයාලට රෑ දුරින් ආලෝකයක් පේනවා. ඒක ඇත්තටම නගරයක්. සමහරවිට මේක තමයි මෙයාලා හොයපු මේ මහා “පොරොන්දු වූ දේශය”. කොටස අවසානයේ ෆ්‍රෑන්ක් නැවතත් බලාපොරොත්තු සහගත වුණා.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

Sausage Party: Foodtopia Sinhala Subtitles


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

363 downloadsDownload Sausage-Party-Foodtopia-S02E03.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sausage Party: Foodtopia Sinhala Subtitles

Next BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

363 downloadsDownload Subtitles14 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට