පිලිගන්නවා හැම දෙනාවම Scooby-Doo and Guess Who කතාමාලාවේ හත්වැනි දිගහැරුමට. මම හිතන්නෙ මේ කතාවෙ මාතෘකාවත් එක්ක බලනකොට ඔයාලට හිතාගන්න පුලුවන් ඇති අද කතාව කොහොමද යන්නෙ කියලා. ඔව් ඔයාලා හිතන විදිහටම තමා.අද කතාව තනිකරම දුවන්නෙ මැජික් වලින්. මොකද අද කතාවෙ ආගන්තුක චරිතය වෙන්නෙ සුප්‍රසිද්ධ මැජික් ශිල්පියෝ…

පිලිගන්නවා හැම දෙනාවම Scooby-Doo and Guess Who කතාමාලාවේ හත්වැනි දිගහැරුමට. මම හිතන්නෙ මේ කතාවෙ මාතෘකාවත් එක්ක බලනකොට ඔයාලට හිතාගන්න පුලුවන් ඇති අද කතාව කොහොමද යන්නෙ කියලා. ඔව් ඔයාලා හිතන විදිහටම තමා.අද කතාව තනිකරම දුවන්නෙ මැජික් වලින්. මොකද අද කතාවෙ ආගන්තුක චරිතය වෙන්නෙ සුප්‍රසිද්ධ මැජික් ශිල්පියෝ දෙනනෙක්. මම චරිතය කියලා කලින් සඳහන් කලාට ඇත්තටම අද ආගන්තුක චරිත දෙකක් ඉන්නවා. ඒ තමයි පෙන් සහ ටෙලර් කියන මැජික් ශිල්පියො දෙන්නා. මේ දෙන්න ගැන පොඩ්ඩක් සඳහන් කලොත් මෙයාලා ඇමරිකානු ජාතික මැජික් ශිල්පියෝ දෙන්නෙක්. මෙයාලා ඉන්නෙ ඇමරිකාවෙ ලාස් වේගාස් වල. මෙයාල දෙන්නා අඹ යාලුවො දෙන්නෙක් තමා. බාහිර පෙනුම ගත්තොත් හැබැයි හතරරියන්නුයි දෙරියන්නුයි වගේ. එක්කෙනෙක් හරිම උසයි. අනිත් එක්කෙනා ටිකක් මිටී. උස එක්කෙනාගෙ නම පෙන් ජිලට්.අනිත් කෙනා ටෙලර්. මේ දෙන්නම දක්ෂ මැජික් ශිල්පියො. මේ දෙන්නා එකට සංදර්ශන පවත්වන්නෙ 1970 විතර ඉඳලා.
හරි දැන් ඔයාලා පෙන් සහ ටෙලර් ගැන දැනුවත් උනානෙ. දැන් අපි කතාවට බහිමු.අද කතාව සම්පූර්ණයෙන්නම් වගේ වෙනස් මුහුනුවරක් තමා ගන්නෙ. අද කතාව යන්නෙ හොල්මන් පිරුණු හෝටලයක. ඒ හෝටලය තියෙන්නෙ ලාස් වේගාස් වල. ස්කූබි-ඩූ සහ යාලුවො කට්ටිය එහෙට යන්නෙ කෙනෙක්ගෙ අභියෝගයක් බාරගෙන. එයා මෙයාලට කියලා තියෙනවා මේ හෝටලයේ එක රැයක් ගතකලොත් ඩොලර් මිලියනයක් දෙනවා කියලා. ඉතිං ඒ නිසා තමා මෙයාලා මේ හෝටලයට යන්නෙ. මට කලින් කියන්න අමතක උනා .මේ හෝටලය අතෑරලා දාපු එකක්. කොහොමහරි මේකෙ හොල්මන් කරනවාය කියන්නෙත් වසර ගනනාවකට පෙර හිටපු මැජික් ශිල්පියෙක්. ඉතින් මේ හෝටලය අබියසදි තමයි පෙන් සහ ටෙලර්ව ස්කූබි සහ යාලුවන්ට හමුවෙන්නෙ. කොහොමහරි මෙයාලා ඇවිත් තියෙන්නෙත් අර අභියෝගය භාරගෙනම තමා. මෙයාල කිව්වෙ පෙන් සහ ටෙලර් දෙන්නා. මැජික් ශිල්පියෙක් කොටු කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයිනෙ. ඉතින් ඔයාලා මොකද හිතන්නෙ. ෆ්‍රෙඩ්ගෙ උගුලකට මැජික් ශිල්පියාගෙ හොල්මන අල්ලගන්න පුලුවන් වෙයිද? මෙයාලට අර ඩොලර් මිලියනය ලැබෙයිද?…… ..
ඔයාලට ඒ කුතුහලය ඉතුරු කරලා මම නවතින්නම්. ඊලඟ කොටසින් නැවත හමුවෙමු. තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,971 downloadsDownload Scooby.Doo_.and_.Guess_.Who_.S01E07.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
9 comments
Isira janith
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) ..
ජය වේවා.!Stranger
thanks
rockz2020
ගොඩක් ස්තූතියි සහෝ✌ ජයවේවා!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Baiskopelkhttps
නියම වැඩක්. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!
Sandarunimsara
Sub ekata tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks