Watch Trailer

The End of the F***ing World [S02 : E03-E04] Sinhala Subtitles | අපි බැඳලා නැහැ යකෝ… [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් මේ අරගෙන එන්නෙ ”The End Of F***ing World” කතාමාලාවේ තෙවන හා සිව්වන කොටස් රැගෙනයි. අමුතු මාතෘකාවක් වගේ නේද? ඔව්, ඕක බලනකොට තේරෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජේම්ස් නුලෙන් බේරෙනවා. ඒවගේම තමයි අපි හැමෝම හිතාගෙන හිටියෙ ජේම්ස් කරපු වැඩේට හිරේ යයි කියලා. හැබැ…

හරි එහෙනම් මේ අරගෙන එන්නෙ ”The End Of F***ing World” කතාමාලාවේ තෙවන හා සිව්වන කොටස් රැගෙනයි. අමුතු මාතෘකාවක් වගේ නේද? ඔව්, ඕක බලනකොට තේරෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො..

කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජේම්ස් නුලෙන් බේරෙනවා. ඒවගේම තමයි අපි හැමෝම හිතාගෙන හිටියෙ ජේම්ස් කරපු වැඩේට හිරේ යයි කියලා. හැබැයි වෙන්නෙ වෙන දෙයක්. එයා ඒ වගේ දෙයක් කරේ තව කෙනෙක්ව බේරාගන්න. අනික තමයි ක්ලයිව් කරපු වැඩ ටික ඔක්කොම වගේ වීඩියෝ ටේප් එකක තියෙනවා. ඒකත් නඩුවට ලොකු උදව්වක් වෙනවා. ඒවගේම තමයි ජේම්ස්ට ගොඩක් අවුල් යන්නෙ තමන්ගෙ ළඟින්ම හිටපු තාත්තා නැතිවීම නිසා. එයාට අඩුමතරමේ ගේ ඇතුළටවත් යන්න හිතන්නෙ නැහැ. අන්තිමේදී ඇලීසාට වගේම ජේම්ස්ටයි උණ්ඩයක් තැපෑලෙන් ලැබෙනවා. ඒත් එක්කම එයාගෙ ජීවිතයත් වෙනස් වෙනවා. මොකද ආයෙ ඇලීසාව බලන්න යන්න බලපොරොත්තුවක් ඇතිවෙනවා. කොහොමහරි කරන්න ගියපු වැඩේ හරියන්නෙ නැහැ. ජේම්ස් උත්සහ කරේ ඇලීසාටත් නොපෙනී එයා ගැන විපරමින් ඉන්න. හැබැයි අහුවෙනවා. ඔන්න අද කොටසේදී එතන ඉඳල වෙන දේවල් බලාගන්න පුළුවන්. ඒවගේම කියන්න ඕන මෙයාලා හම්බ උනාට පස්සෙ ආයෙත් පරණ දේවල්ම වෙනවා.

ඇලීසා කසාඳ බඳින්න හැමදෙයක්ම සුදානම් කරල තියෙද්දී එතනින් පිටවෙලා යනවා. මොකද ඇත්තටම මෙයාගෙ හිතේ ජේම්ස් ගැන පොඩි අදහසක් තියෙනවා. හැබැයි ඇලීසා ඒ ගැන හඟවන්නෙ නැහැ. කොහොමහරි මෙයාලා කලින් වගේම මේ පාරත් චාරිකාවක නියැලෙනවා. ඒකෙන් මේකෙන් මෙයාලගෙ වාහනෙ පවා උස්සන් යනවා. ඉතිං මෙයාලා වාහනෙ අතහැරලා යන්නෙ නැහැ. කලින් කළා වගේම හෙනම ජංජාලයක් කරලයි නවත්තන්නෙ. අන්තිමේදී දකින්න ඇතිනෙ බොනී එයාලගෙ කාර් එකට නගිනවා. ඔන්න අද පටන්ගන්නේ එතන ඉඳලා. බොනී උත්සහ කරන්නෙම මෙයාලව මේ පාලු පාරේ මරල දාන්න. හැබැයි වැඩේ හරියටම කරගන්න වෙන්නෙ නැහැ. ඒවගේම තමයි බොනී කාර් ඒකෙ ටයර් එහෙක හුලන් අරිනවා. ඒකෙන් වෙන්නෙ මෙයාලා නවාතැන්පොලක නවතින එක. කොහොමහරි බොනී සැළසුම් කරපු විදියටම සිද්ධ වෙනවා. බොනී මෙය තමන්ගෙ අවස්ථාවක් කරගන්නවා ඇයගෙ පෙම්වතාව මරපු දෙන්නගෙන් පලිය අරගන්න. ඒත් මෙයාට පුළුවන් වෙයිද ඒක කරගන්න? මේ නවාතැන්පොළේ අයිතිකාරයාත් ඉන්දැද්දී? එහෙනම් බලමම දැනගන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.

6,724 downloadsDownload The-End-of-the-Fucking-World-S02-E03-E04.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

6,724 downloadsDownload Subtitles21 KB

13 comments

  1. Soori

    බොහෝම ස්තුතියි රවිඳු සහෝ උපසිරැසියට....
    ජය ‌. . . !!!

  2. Achi

    Thank bokka

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...

  8. Suranjan

    Thanks machan.....jayawewa.....!

  9. Dewadithya

    Thanks for Sub!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Bruce___Wayne

    බොහොම ස්තූති
    ජය ✌️✌️✌️

  12. Bruce___Wayne

    බොහෝ ම් ස්තූති යාලුවා
    ජය ✌️✌️✌️

  13. Anonymous

    El kiri