Watch Trailer

Scooby-Doo and Guess Who? [S01 : E08] Sinhala Subtitles | ස්කූබි-ඩූ චිකාගෝ නුවරට.. [සිංහල උපසිරැසි සමග]

අපෙ ස්කූබි-ඩූ රසික රසිකාවියන්ට අද මම අරගෙන ආවෙ Scooby Doo and Guess Who පළමු කතාමාලාවෙ අටවැනි දිගහැරුම. මේක ගෙන්න ටික දවසක් පමා උනා. මොකද ඉංග්‍රීසි Subtitles එකක් හොයාගන්න සෑහෙන්න වෙහෙසෙන්න උනා. හොයලා හොයලා අනිතිමට කොහොමහරි මට මතක් උනා මම බාපු mkv වීඩියෝ කොපියෙ English සබ් එකක් මර්ජ් කරලා තියෙනවා න…

අපෙ ස්කූබි-ඩූ රසික රසිකාවියන්ට අද මම අරගෙන ආවෙ Scooby Doo and Guess Who පළමු කතාමාලාවෙ අටවැනි දිගහැරුම. මේක ගෙන්න ටික දවසක් පමා උනා. මොකද ඉංග්‍රීසි Subtitles එකක් හොයාගන්න සෑහෙන්න වෙහෙසෙන්න උනා. හොයලා හොයලා අනිතිමට කොහොමහරි මට මතක් උනා මම බාපු mkv වීඩියෝ කොපියෙ English සබ් එකක් මර්ජ් කරලා තියෙනවා නේද කියලා. අන්තිමට ඒ සබ් එක import කරගෙන තමා අද මේ සිංහල උපසිරැසිය ඔයාලට ගෙනාවෙ..

හරි.. අද කතාව ගත්තොත්. කතාව ගොඩනැගෙන්නෙ චිකාගෝ වලින් තමා. හැබැයි වැඩේ කියන්නෙ මෙයාල චිකාගෝ වලට එනකොට මෙයාලව පාරෙදිම පිලිගන්නවා අද කතාවෙ අපරාධකරයා. කොටින්ම කියනවානම් මෙයාලා නගරයට ඇතුල් වුනා විතරයි. අනූනමයෙන් තමා කට්ටිය බේරෙන්නෙ කතාව පටන්ගන්න කොටම. ඒ අස්සෙ තමා මේ කතාමාලාවට ආවේණික ආගන්තුක චරිතය පෙනී සිටින්නෙ.අදත් ටිකක් විනෝදෙට බර කතාවක් තියෙන්නෙ.

අද කතාවෙ ආගන්තුක චරිතය වෙන්නෙ ස්ටීව් ක්වෙන්සි අර්කල් (Steve Quincy Urkel) මෙයා ගැන මෙතන ඉන්න සමහරු අහලත් ඇති. ස්ටීව් අර්කල් කියන්නෙ ප්‍රබන්ධ චරිතයක්. මේ චරිතය නිර්මාණය වෙන්නෙ ABC/CBS Sitcom Family Matters (1989-1998) කියන රූපවාහිනී කතාමාලාවෙන්. මේකේ මේ චරිතයට පණ පොවන්නෙ Jaleel White කියන අයියා. මෙයා නිකන් අපලයක් වගේ පොරක් (මේ කතාවෙදි). මොකද කියනවනම් මෙයා අත තියන තියන එක කැඩෙනවා. අන්න ඒහෙම ඩෑල් එකක්. අද කතාවෙ මෙයා හින්දා ගාලගෝට්ටි ගොඩක් වෙනවා. ඒකයි මම කලින් කිව්වෙ අද කතාව ටිකක් විනොදෙට බරයි කියලා.

වැඩිය කතාකරන්න බලාපොරොත්තුවක් නෑ. එහෙනම් කතාව බලලා රසවිඳින්න. ඊළඟ කතාවත් අරගෙන ඉකමනටම එන්නම්. ඔයාලට තෙරුවන් සරණයි!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,782 downloadsDownload Scooby.Doo_.and_.Guess_.Who_.S01E08.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

විහඟ පියුමාල්

Subtitles

1,782 downloadsDownload Subtitles64 KB

13 comments

  1. Stranger

    thnaks

    1. sacheee35

      උපසිරැසි වලට ස්තූතියි ..සුපිරි

  2. rockz2020

    පමා උනාට මොකූ. මේවගේ sub දෙන එකම මදෑ.✌❤
    බොහොම ස්තූතියි! සියලු යහපත සඵල වේවා!

  3. Fluck

    thanxs for sub

  4. Ishan Madusha

    ස්තූතියි

  5. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  6. D.Chamara

    bohoma sthuthi sahooo jaya degatam karagena yamu ...

  7. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) ..
    ඉතුරු එපිසෝඩ්වලටත් ඉක්මනට සබ් එක ගේමු ;)

  8. Damru Ravihara

    Thanks for subs

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Udara Damith Dissanayaka

    elaaaaaa

  11. Sandarunimsara

    Sub ekata tnx bro

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P