ඔන්න එහෙනම් අදත් සුපුරුදු පරිදි සාදරයෙන් පිලිගන්නවා හැමදෙනාවම Scooby Doo and Guess Who කතාමාලාවෙ පලමු කතා මාලාවෙ නවවැනි කතාංගය සඳහා. අවන්හලක් වටේ තමා අද කතාව ගොඩනැගෙන්නෙ. මේ කතාව අනුව ඩොක් ටැලී කියන අවන්හල් ව්‍යාපාරය පරම්පාරාගානක් තිස්සෙ කරගෙන යන ව්‍යාපාරයක්. මේක කරගෙන යන්නෙ සහෝදරයන් දෙදෙනෙක්. මේ ද…

ඔන්න එහෙනම් අදත් සුපුරුදු පරිදි සාදරයෙන් පිලිගන්නවා හැමදෙනාවම Scooby Doo and Guess Who කතාමාලාවෙ පලමු කතා මාලාවෙ නවවැනි කතාංගය සඳහා. අවන්හලක් වටේ තමා අද කතාව ගොඩනැගෙන්නෙ.
මේ කතාව අනුව ඩොක් ටැලී කියන අවන්හල් ව්‍යාපාරය පරම්පාරාගානක් තිස්සෙ කරගෙන යන ව්‍යාපාරයක්. මේක කරගෙන යන්නෙ සහෝදරයන් දෙදෙනෙක්. මේ දවස්වල මේ අවන්හල දුවන්නෙ පාඩු පිට. කොටින්ම කියනවානම් මේ දවස් වල මෙයාලගෙ බිස්නස් බැහැලා තියෙන්නෙ. ඉතින් ඒ නිසා මේ අවන්හලේ හිමිකරුවන් තරඟයක් සංවිධානය කරනවා. ඒක එක්තරා ආකාරයක ධාවන තරඟයක්. මේක පෙර නොවූ විරූ ආකාරයේ අමුතු තරඟාවලියක්. මෙයාලගෙ ව්‍යාපාරයට අයත් ධාවන පථයේ මෝටර් රථය පදවලා ධාවන පථය අවසානයේ තියෙන අවන්‍හලේ එක් එක් තරඟකරුවාට තියෙන බර්ගර් ටික කාලා නැවතත් තරඟ ආරම්බ කරපු ස්ථානයට එන්න ඕනෙ. මුලින්ම ආපු කෙනා තමා දිනන්නෙ.මේ තරඟය බඩජාරියන්ටම වෙන් වුනු තරඟයක්. මම හිතන්නෙ දැන් මේ තරඟයට සහභාගි වෙන්නෙ කවුරු වෙන්න ඇතිද කියලා ඔයාලා හිතාගන්න ඇති. ඔයාලා හිතුවා හරි. ඒ ඩබල තමයි. මේ තරඟයට සහභාගී වෙන්න ජිම් ගැෆිගන් කියලා තැනැත්තෙක් එනවා. එයා තමා අද කතාවෙ ආගන්තුක චරිතය. එයාත අර දෙන්නට නොදෙවෙනි නොම්මර එකේ බඩජාරියෙක්. මම මෙච්චර කල් මේ කතාව බලනකන් හිතාගෙන හිටියෙ මේ දෙන්නට වැඩිය කෑම පෙරේතයො කොහෙවත් නැතුව ඇති කියලා. ඒත අද ඉන්න ආගන්තුක චරිතයත් මේ දෙන්නට නොදෙවෙනි නොම්මර එකේ බඩජාරියෙක්. එයාගෙ බඩජාරිකම එක්ක ස්කූබිටයි, ෂගීටයි හැරෙන්නවත් බෑ කියලා මට හිතෙනවා. ඉතින් මේ තරඟය කඩා කප්පල් කරන්න තමා අද අමුතු වාමනයෙක් වාගෙ යකෙක් පාත් වෙන්නෙ. එයා අවුරුදු ගානකට කලින් මේ තරඟාවලියට තරඟ කරලා එකෙදි සිදු වුණු අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණු තරඟකරුවෙක්. ඉතින් මම ඊට වඩා කතාව ගැන කියන්න යන්නෙ නෑ. එහෙනම් කතාවට යන්න කලින් අපි ටිකක් බල්මු කවුද මේ ජිම් ගැෆිගන් කියලා..
ජිම් ගැෆිගන්
මෙයාගෙ සම්පූර්ණ නම ඇවිල්ලා ජේම්ස් ක්‍රිස්ටෝපර් ගැෆිගන් (James Christopher Gaffigan). මෙයා වෘත්තීය රංගන ශිල්පියෙක්, රචකයෙක්, අධ්‍යක්ෂකවරයෙක්, හා නිෂ්පාදක වරයෙක් හා තවත් වෘත්තීන් ගනනාවක නියැලෙන කෙනෙක්. මෙයා ඇමෙරිකානු ජාතිකයෙක්. මෙයා ඇත්ත ජීවිතෙත් කෑමට රුසියෙක් කියලා තමා දැනගන්නට ලැබුනෙ. American Dreamer, Jim Gaffigan Show, Super Troopers වැනි දෘශ්‍ය නිරමාණ වලට මෙයා දායක් වෙලා තියෙනවා. මෙයා ගැන තව වැඩි විස්තර එයාගෙ පුද්ගලික වෙබ් අඩවියෙන් බලාගන්න පුලුවන්.
ඉතින් කතාව බලන්න ඔයාලට අවස්තාව සලසලා දීලා මම මෙතනින් නවතින්නම්. ඔයාලට තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,833 downloadsDownload Scooby.Doo_.and_.Guess_.Who_.S01E09.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
11 comments
Ishan Madusha
rockz2020
❤❤❤❤❤❤❤❤
බොහොම ස්කෝතුයි හොඳේ.❤
Scoob! (2020) ඔයාටම ජය!.✌❤
❤❤❤❤❤❤❤❤sacheee35
උපසිරැසි වලට ස්තූතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) ..
ජය වේවා.!Stranger
thanks
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Udara Damith Dissanayaka
ela kiri
D.Chamara
bohoma sthuthi sahooo jaya ..
Sandarunimsara
Sub ekata tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි සබ් එකට