ඔව්, ඔව්, මං තමයි අද ස්කෝපියන් අරගෙන ආවේ. නොහිතූ විදියට නිවාඩුවක් ලැබුනනේ, ඉතින් නොහිතූ විදියට ස්කෝපියන් දහ අට වෙනි කොටස මට භාර වුනා. කලින් කතාව බලලා තිබුනෙත් නෑ ඉතින්, කොහොමහරි ඔන්න උපසිරැසිය අරගෙන ආවා. ඒ කතා පොඩ්ඩක් පැත්තකින් තියලා අද කතාවේ මොකද වෙන්නෙ කියලා බලමු නේද? දැක්කනේ, ” බබෙක් හදනවද? හොරු…

ඔව්, ඔව්, මං තමයි අද ස්කෝපියන් අරගෙන ආවේ. නොහිතූ විදියට නිවාඩුවක් ලැබුනනේ, ඉතින් නොහිතූ විදියට ස්කෝපියන් දහ අට වෙනි කොටස මට භාර වුනා. කලින් කතාව බලලා තිබුනෙත් නෑ ඉතින්, කොහොමහරි ඔන්න උපසිරැසිය අරගෙන ආවා.
ඒ කතා පොඩ්ඩක් පැත්තකින් තියලා අද කතාවේ මොකද වෙන්නෙ කියලා බලමු නේද? දැක්කනේ, ” බබෙක් හදනවද? හොරු අල්ලනවද? ” මේක එසේ මෙසේ මෙහෙයුමක් නෙවේ. මේ මෙහෙයුම සාර්ථක වුනොත් ක්වින්ටිස් දෙන්නා දෙමහල්ලෝ, තුන්දෙනා වෙලයි නතර වෙන්නේ! මොකක්ද දන්නවද මේ කියන මහ ලොකු මෙහෙයුම? හැපී වැඩ කිඩ දාලා හදලා. ටෝබි ගේ අතට දුන්න steampunk blimp එක ප්‍රවේශමට, කලට වෙලාවට සාපල්‍යතා මධ්‍යස්ථානෙට ගෙනියන එක! ඕකත් මහ දෙයක්ද මේ ස්කෝපියන් මොළකාරයොන්ට? ඇරත් ටෝබිව එතනට ඇරලවන වැඩේ පැවරෙන්නේ මහ මොළකාරයා වෝල්ටර් ට. වැඩේ කියන්නේ වෝල්ටර් මෙදා පාර කරන පණ්ඩිත වැඩක් නිසා ටෝබිගෙන් නොසෑහෙන්න අපවාද අසා දැන ගන්න වෙනවා. මොකද බබෙක් හදන වැඩේ පැත්තක තියලා, හොරු අල්ලන්න වෙනවනේ! කතාව බලන්නකෝ, steampunk blimp කියන්නේ මොකක්ද, වෝල්ටර් නටන්නෙ මොන වගේ පිස්සුවක් ද, කොටින්ම බබෙක් හදනවද, හොරු අල්ලනවද කියන ප්‍රශ්න වලට එතකොට උත්තර ලැබෙයි.
විශේෂයෙන්ම දෙයක් මතක් කරන්න ඕනේ. මේ උපසිරැසිය වෙනුවෙන් ඇඩ්මින් මණ්ඩලේ සෑහෙන පිරිසකගේ අවවාද අනුශාසනා කියලා කියන්න පුලුවන්. ඒ වෙනුවෙන් රොයිලි අයියා, හසන්ත අයියා, ලෝගන් අයියා, ප්‍රනීත් සහෝ, විමා සහෝ කියන මේ හැමෝටම ස්තූතියි!
රොයිලි අයියයි, ප්‍රනීත් සහෝ යි ගෙනාපු උපසිරැසි තරම් ඉස්තරම් නැති වුනත් මේ කොටස ඔයාලා රස විඳී කියලා මම බලාපොරොත්තු වෙනවා.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,872 downloadsDownload Scorpion-S04E18.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
47 comments
nkrtharinda95
M.R.Insaf
Thanks a lot..
Ravindu Rukshan
Thx
Udara Damith Dissanayaka
ඇඩ් මින් අයියලත් කරන වැඩ අප්පා
මේවගේ කොටසක් දෙනවද ඔහොම නංගිලට මන් අහන්නේ .....................
************************************************
වෝල්ටර් කාරයා කොහොමත් ඔය වගේ weda නේ කරන්නේ ඉතින්
මටනම් හිතෙන්නේ ටෝබි කෙසේ වෙතත්
වෝල්ටර් karayaයි pegiyi නම් මේක ඉවරවෙනකොට තුන් දෙනෙක් (නෑනේ හතරක්නේ පොඩි එකෙක් ඉන්නවනේ )
වෙයි වගේ
****************************************************
මේක දුන්නට ස්තුතියි
(මුලින් කියපුව ගණන් ගන් ඩ එපා විහිලුවට කිව්වුවේ )
මන් ගියෝHirunaprabodha
ගොඩාක් ස්තූතියි අක්කෙ... ඔබට ජය
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හෙළිලි අක්කේ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාajith00129
Thanks for sub
Kanchaka
Thanks sis
tm@madu
Wish u all the best akki...
shehan nuwan
thanks
SANRIDER
thanks akke
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ප්‍රණීත් චින්තක
(දයාබරද කියලා හරියට නොදන්නවා වුනත්,)
දයාබර හෙලිලි අක්කා වෙතටයි...ඔය තියෙන්නේ යස අපූරුවට. දිගටම මේ විදියට මේ කතාව කරගෙන යන්ඩෝන. රොයිලි අයියයි මායි අම්බානකට බිසී නෙව. ;) :P රසික ජනතාව වෙනුවෙන් සීසන් 5ත් මේ විදියට ගොඩ දාන්න. හාද? ශෙරින් අක්කා පටන් ගත්තු එකේ, කාන්තා පාර්ශවයම මේ වගේ සීරිසය් වලට අතහිත දීලා උරුමය ඉදිරියට පවත්වාගෙන යන්ඩෝන. එහෙමයි උරුමය කියන දේ රැකෙන්නේ. රොයිලි අයියයි මායි හරි ආසාවෙන් මේක කරගෙන ගියේ. හිත දුන්නේම නෑ වෙන කාටවත් දෙන්න. දෙන්නගෙන් කවුරු බෙදාගන්නවද කියලා බේරුමක් නැතිකම නිසාමයි හසා අයියා රොයිලි අයියටයි මටයි මේක දෙකට කඩලා "මාරුවෙන් මාරුවට හදාපල්ලා දෙන්නා මරාගන්නේ නැතුව" කියලා සීරියස් එක බාරදුන්නේ.
ඒ කාලේ බොහෝම අමාරුවෙන් තමයි ශෙරින් අක්කගෙනුත් මේක උදුරගෙන මම කරන්න පටන් ගත්තේ. අපේ දේවක අයියට පොඩ්ඩකට කතාව කරන්න කියලා ඉස්සර දුන්නා තමයි. ඒත් මිනිහට මේකේ තියෙන ලව් සීන් දැකලා, ඒවා දාලා පොත් ලියන්න ඕනේ කිව්වනේ. ඒ ඉතිං ඉතිහාසේ. දැන් ඉතිං සීරියස් එකේ අනාගතේ ඔයා අතේ. ඔයා ගත්තු එකේ වෙන කාටවත් මේ සීරියස් එක උදුරගන්න දෙනවා එහෙම නෙමෙයි. (සිරාවට කියන්නේ) අතාරින්න එපා මේ සීරියස් එක. (බලනවකෝ ඕයි කීයක්ම මේක ඩවුන්ලෝඩ් කරනවද කියලා.) අනික ස්කෝපියන් බලන්න රැස්වෙලා ඉන්න තරම් ඉවසිලිවන්ත රසික පිරිසක් බයිස්කෝප් එකේ වෙන කිසිම සීරියස් එකකට නෑ.මීට ලයාන්විත මහසෝනා !!!
P.S මේ කියපු දේවල් හිතට අරං තමුනුත් හැදිලා සබ් එකත් හදන්ඩ බලන්න. නැතිනං ඉස්සරහට හැමෝටම හැපීට බබා හම්බෙනවා බලන්න වෙන්නේ සබ්ටයිටල් නැතුව.
Udara Damith Dissanayaka
ඔව් ඔව් හෙන ඉවසිලි වන්ත සෙට් එකක් තමයි බලන්නේ නේ ද...
D.Chamara
bohoma sthutho sub ekata degatama karagena yamuo jaya...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතිය අක්කේ උපසිරසට.. මේ කතාවට අලුත් උනාට උපසිරැසි වලට අලුත් කෙනෙක් නෙමේනේ. අනික මේ වගේ හිර වෙලා තියන කොටසකට උපසිරැසි කරනවා කියන්නේ ගොඩක්ම වටිනවා අක්කේ.. සයිට් එකේ අවදානය අඩු උනත් ගොඩක් දෙනෙක් බලන කතාවක්. තවත් සැරයක් ස්තුතියි!
KasunRe
බොහොම ස්තූතියි......
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේක එනකම් හිටියේ....thanula D
තෑන්ක්ස් සබ් එකට.ජයවේවා.....
කෞශල්‍ය දුෂ්‍යාන්
bohoma thuthi sinhala upasirasata.sadha jaya
Damith Priyankara
thankzz sub ekata !!!
Chalana
thank you bro sub ekata......
maithree
HOW TO DOWNLOAD SUB
maithree
PAGE NOT FOUND.....????????????????
shan AC
elaa broo,,,,
neelanethra
ස්තූතියි....
iDinesh
Thanks!
Kushan Dananjaya
Thanks !
suranuwan
thank you...
රොයිලි
ප්‍රණිත් මළයා සමඟ සම්පූර්ණයෙන්ම එකඟ වෙමි. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
macrocomlk
Thankyou sis......!!!
#MaduDinuka Dilshan
Thank You.. !
IreshSampath
thanks
thusitha Premarathna
thank you
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)lucifer ekta ep11 idn sub ne. jan idla. plz eka poddk blanwda?
podda
thanks sis!!! mekath ehenam adagena yannai hadanne neda... niyamaiiii
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
Akash Wimalasena
Thankz sis
Masss
19 කවදද දෙන්නේඒඒඒ???
Pasindu Dixon
page not found???
Mahesh ruwan
bohoma sthuthi
ShashikaD
Thank you...
aksuranjaya
ඉස්සර හැපී ගත්ත තැන දැන් ෆ්ලෝරන්ස් අරන්ද මන්දා අපේ හිත් වල...
nuwangunawardana
Tnx
nilupul0221
thank you
Dushan Tharuka
Niyamai....Thanks....Jaya wewa !!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thankyou For Sub