ඉතින් කොහොමද හැමෝටම? මේ අරගෙන එන්නේ Secret Invasion කතා මාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකේ උපසිරසි. කලින් එපිසෝඩ් දෙක බලන්න ඇති කියලා හිතනවා. එහෙම නම් තුන්වෙනි එපිසෝඩ් එක බලන්න කලින් දෙවෙනි එකේ සිද්ධ වුණු වැදගත් සිදුවීම් ටික මතක් කරගෙන ඉමු. දෙවෙනි එපිසෝඩ් එක පටන් ගත්තේ ෆියුරිගේ අතීත කතාවකින්. ඒකෙදී අපට පෙ…

ඉතින් කොහොමද හැමෝටම? මේ අරගෙන එන්නේ Secret Invasion කතා මාලාවේ තුන්වෙනි එපිසෝඩ් එකේ උපසිරසි. කලින් එපිසෝඩ් දෙක බලන්න ඇති කියලා හිතනවා. එහෙම නම් තුන්වෙනි එපිසෝඩ් එක බලන්න කලින් දෙවෙනි එකේ සිද්ධ වුණු වැදගත් සිදුවීම් ටික මතක් කරගෙන ඉමු.
දෙවෙනි එපිසෝඩ් එක පටන් ගත්තේ ෆියුරිගේ අතීත කතාවකින්. ඒකෙදී අපට පෙන්නුවනේ කොහොමද ෆියුරි ස්ක්‍රල්වරුන්ට අලුත් ගෙදරක් හොයලා දෙන පොරොන්දුව පිට ස්ක්‍රල්වරු 20 දෙනෙක්ව රහස් ඔත්තුකරුවන් විදියට බඳවා ගත්තේ කියලා. ඉතින් ග්‍රැවික් කියන්නෙත් එතන හිටපු ස්ක්‍රල් කෙනෙක්. ඒ අතට බැලුවාම ෆියුරිම තමයි රහස් ආක්‍රමණයකට මඟ පාදගෙන තියෙන්නේ. ඊටපස්සේ අපි දැක්කා මරියා හිල්ගේ අවමංගල්‍යය. Marvel එක එයාව ඇත්තටම මැරුවා, නේද? කොහොමහරි, එයාගේ අවමංගල්‍යට යන අතරෙදී අපි දැක්කනේ ෆියුරි සහ ටේලෝස් අතර වාදයක් ඇති වෙලා එයාලා දෙන්නා දෙපැත්තකට යනවා. ඒකට හේතුව වුණේ ස්ක්‍රල්වරු මිලියන ගාණක් මිනිස්සු අතරේ ඉන්නවා කියලා ටේලෝස්, ෆියුරිට පාපොච්චාරණය කිරීමයි. ඊළඟට අපි දැක්කා කොහොමද ස්ක්‍රල්වරු බලවත් රටවල ලොකු තනතුරු අල්ලගෙන ඉන්නේ කියලා. UK වල අගමැතිණිය, NATO එකේ මහලේකම් ආදී ගොඩක් අය ඇත්තටම ස්ක්‍රල්වරු. ඒවගේම එයාලා එකතුවෙලා ස්ක්‍රල් ජෙනරල්ගේ තනතුරට ග්‍රැවික්ව පත් කළානේ. දැන් සියලුම ස්ක්‍රල්වරු පාලනය කිරීමේ බලය තියෙන්නේ ග්‍රැවික්ගේ අතේ.
තවත් වැදගත් සිදුවීමක් තමයි රෝඩි ෆියුරිව එයාගේ S.H.I.E.L.D. අධ්‍යක්ෂක තනතුරෙන් අස් කිරීම. ඒත් තියෙන ප්‍රශ්නේ නම් මේක කළේ අපි දන්න රෝඩිද, නැත්නම් ස්ක්‍රල් කෙනෙක්ද කියලා අපටවත් හිතාගන්න බැරි වීමයි. කතාවේ කියන විදියටම, අපට මේකෙදී කාවවත් විශ්වාස කරන්න බෑ.
ඒත් එපිසෝඩ් එකේ තිබුණු වැදගත්ම සිදුවීම තමයි සුපිරි ස්ක්‍රල්වරු හෙවත් Super Skrulls අපට හඳුන්වා දීම. එපිසෝඩ් එකේදි හෙළි වුණා Groot, Frost Beast සහ Cull Obsidian ගේ DNAවලින් දැනටමත් සුපිරි ස්ක්‍රල්වරු හදන්න පටන් අරන් තියෙන බව. මේ සුපිරි ස්ක්‍රල්වරු ගැන විස්තරයක් Secret Invasion comic run එක පැහැදිලි කරපු ලිපියේ තියෙනවා. ඒක බයිස්කෝප් මංසලෙන් කියවලා බලන්න. ඒත් සරලවම කියනවා නම් සාමාන්‍ය ස්ක්‍රල්වරුන්ට වෙනස් කරන්න පුළුවන් එයාලගේ රූපය විතරයිනේ. සුපිරි ස්ක්‍රල්වරුන්ට පුළුවන් එයාලගේ බලයන් පවා මාරු කරගන්න. උදාහරණයක් විදියට Groot ගේ DNA අනුව හදපු සුපිරි ස්ක්‍රල් කෙනෙක්ට පුළුවන් Groot ගේ බලයන් පාවිච්චි කරන්න. මේක තුන්වෙනි එපිසෝඩ් එකේදී වඩාත් හොඳට බලාගන්න පුළුවන්.


එපිසෝඩ් එක ඉවර වුණේ ෆියුරිට ස්ක්‍රල් බිරිඳක් ඉන්නවා කියලා එළි කරමින්. 🤯 ඒත් එයා නික් ෆියුරිගේ පැත්තෙද? නැත්නම් ග්‍රැවික්ගේ පැත්තෙද? තුන්වෙනි එපිසෝඩ් එක බලලම ඒක හොයාගන්න කියලා ඉල්ලමින් අදට සමුගන්නවා.
පීස් ✌️
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
10,566 downloadsDownload Secret.Invasion.S01E03.Betrayed.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Secret Invasion S01 Sinhala sub
- #Secret Invasion Season 1 Sinhala sub
- #Secret Invasion Sinhala sub
- #Secret Invasion Sinhala subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #subtitle
- #TV
- #සනුප රන්මෙත්
- #සබ්ටයිටල්ස්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
15 comments
කෝසල
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
විමා
සබට බොහොම ස්තුතියි මල්ලි, ජය!
එල්. සී. දමැල්
මේ කතාව මේ තරම් සෙට් වේවි කියලා හිතුවෙ නෑ. ප්ලොට් එක ගැම්මට යනවා කියුරියස් පිට. මේ ගතිය අවසානෙ දක්වා තියාගනී කියලා හිතමු.
මේ වේගේන්ම සහ වැදගත්ම දේ නිර්වද්‍යතාවයෙන් ඉතිරි සබ් ටිකත් කරමු.
මේ සබටත් බොහොම ස්තුතියි මල්ලි!
ජය!Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සනුප සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥viraj
thanks.........
Udara Damith
ෆියුරි කරයගෙ ප්ලැන් එකක් වෙන්න ඇති
Ravindra
Thanks
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Sahan Gayantha
thanks a lot brother sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Secret Invasion [S01 : E03] Sinhala Subtitles | පාවාදීම… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Secret-Invasion-2023-B.jpg)



සබ් එකට තෑම්ස් බොම්ක්ක ❤