Watch Trailer

Sense8 (2016) Christmas Special [S02 : E00] with Sinhala Subtitles | වසරකින් වසරකට. [සිංහල උපසිරසි සමඟ]

අවුරුදු දෙකකට පස්සේ තමා මේ කතාවෙන් හමුවෙන්නේ. මේ දින වල ගොඩක් දුරට සයිට් එක පැත්තේ එන්න වෙන්නෙත් බොහෝම කලාතුරකින් තමා. Christmas Special උපසිරැසිය එනකං ඉඳලා ගොඩක් දෙනෙකුට එපා වෙලාම දැන් කතාව බලලත් ඇති. ඒත් කතාව පටන් ගත්තොත් කොහොමහරි උපසිරැසිය දෙනවාම තමයි. ඊයේ තමයි දෙන්න හිටියේ. ඒත් දෙන්න බැරිවුනා.…

අවුරුදු දෙකකට පස්සේ තමා මේ කතාවෙන් හමුවෙන්නේ. මේ දින වල ගොඩක් දුරට සයිට් එක පැත්තේ එන්න වෙන්නෙත් බොහෝම කලාතුරකින් තමා. Christmas Special උපසිරැසිය එනකං ඉඳලා ගොඩක් දෙනෙකුට එපා වෙලාම දැන් කතාව බලලත් ඇති. ඒත් කතාව පටන් ගත්තොත් කොහොමහරි උපසිරැසිය දෙනවාම තමයි. ඊයේ තමයි දෙන්න හිටියේ. ඒත් දෙන්න බැරිවුනා. කොහොමහරි හේවයියගේ කටේ බලේට තමා මේකේ බාගෙට බාගයක්වත් උපසිරැසිය කෙරුනේ. කොහොම නමුත් කතාව බලපු ගොඩක් දෙනෙකුට කතාවේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා හරිහැටි අවබෝධ කරගන්න අමාරු බවක් නම් තියෙන බව තේරුණා. අවුරුද්දක්ම කතාව බලන්නේ නැතුව ඉඳලා දැන් සිදුවීම් මොනවද කියලා ගොඩක් අයට අමතකත් ඇති. ඒත් පසුගිය කතාවේ විස්තර ලොකුවට සඳහනක් කරන්නේ නම් නෑ. උපසිරැසිය නැතුවම බැරි අය ලිපි කියව කියවා ඉන්න එකක්යැ. 😉

පසුගිය සමයේදී කතාව අවසන් වුනේ සන් සිරගත වීමෙනුත්, සුපර් පවර් කල්ලිය සමග සටන් කරන්නට ගොස් කැෆියස්ගේ බස් එක විනාශ වීමෙනුත්, විල් මිල්ටන් (විස්පර්ස් / දොස්තර) ගේ ඇස් දෙක දිහා බලලා වුනු වින්නැහියෙනුත්, රයිලි මිල්ටන් ගෙන් අනූනවයෙන් බේරීමෙනුත්, කලා ඇයගේ කසාදෙනුත්, නෝමි අපරාධකාරයෙක් වීමෙනුත්, වුල්ෆ්ගැන්ග් තමුුන්ගේ මාමාව මැරීමෙනුත් සහ ලීටෝ ඩැනියෙලා සහ තමුන්ගේ පෙම්වතා වුනු හර්නාන්ඩෝ සමග එකට ජීවත් වීමෙනුත්.

මේ අට දෙනා අට තැනක ජීවත් වුනත් එකම මනසක් ඇති අය වශයෙනුයි ජීවත් වන්නේ. කතාවේ බොහෝමයක් යෙදුම් කතාවටම ගොඩක් වෙලාවට ආවේණික ගතියක් ඇති නිසා ඒ පිලිබඳවක් පැහැදිලි කිරීමක් එක්කම ලිපිය ලියන්නම්. මේ හැම කෙනෙක්ම ලෝකයේ අට තැනක මව්වරු අට දෙනෙක් ලඟ උත්පත්තිය ලැබුවත්, ඔවුන් අට දෙනාම එකම දිනයේ එකම වේලාවක තමයි උත්පත්තිය ලබන්නේ. ඒ වගේම මේ අට දෙනා විතරක් නෙමෙයි මේ ලෝකේ ජිවත් වෙන්නේ. මේ විදියට 8 දෙනෙකුගේ උපත් ලෝකය පුරා තවත් ඕනේ තරම් සිදු වෙනවා. පසුගිය කතාවේදී ඒ විදියට මානසික හැකියාවන් ඇති කිහිප දෙනෙක් ප්‍රධාන චරිත 8ට අමතරව මෙයාලට මුණ ගැහෙන්නට අවස්ථාව ලැබෙනවා. ජෝනාස් මලීකි තමයි එහි ආරම්භය වුනේ. මෙතනදී මුලින්ම මේ විදියේ 8 දෙනෙකුගේ එකතුවකට ක්ලස්ටර් (Cluster) එකක් කියන නම භාවිතා කරනවා. ඒ වගේම තනි තනි වශයෙන් හැඳින්වුවොත් එයින් එක් පුද්ගලයෙකු සෙන්සේට් කෙනෙක් (Sensate) වශයෙන් හඳුන්වනවා. මේ කතාව ප්‍රධාන වශයෙන් ගෙතී යන්නේ එවැනි සෙන්සේට් 8 දෙනෙකු වටායි. ඒ වගේම මේ අයගේ මේ මානසික සම්බන්ධතාවයට ප්සයිසිලියම් (Psycilium) යන නම භාවිතා කරනවා.

ක්ලස්ටර් එකක් ගැන කතා කලොත්, ක්ලස්ටර් එකක් තුල කිසිවෙකුත් එකට ශාරීරිකව සමීපව හමු නොවුනත්, කාලයත් එක්ක මොලයේ වර්ධනයත් සමග මොවුන්ගේ හැකියාවන් වර්ධනය වන්නට පටන් ගන්නවා. ඒ වර්ධනයත් සමග මොවුන් අතරේ ක්ලස්ටර් එකක් ඇතුලත මානසික සම්බන්ධතාවයන් ආරම්භ වන්නට පටන් ගන්නවා. කතාව ආරම්භයේ නොසිතූ විරූ දේවල් අත්දැකීමට සිදු වෙන්නේ මෙන්න මේ නිසා. ඒ වගේම ප්සයිසිලියම් සම්බන්ධතාවය ශක්තිමත්ව ස්ථාපනය වීමත් සමග එකම මනසක් විදියට එකතු වීමෙන් එකිනෙකාගේ හැඟීම්, දැනීම්, දැනුම, හැකියාවන්, සියල්ලක්ම පාහේ එකිනෙකා අතරේ බෙදී යනවා. උදාහරණයක් විදියට ගත්තොත් කවදාවත් ගහගන්න බැරිව හිටපු කෆියස් මිනිස්සු රොත්තක් එක්ක තනියම සටන් කලේ සන්ගේ ආත්මාරක්ශක සටන් කලා දැනුම උපයෝගී කරගෙන. ඒ වගේම තමයි ක්ලස්ටර් එකක් තුලදී ක්ලස්ටර් එකේ සිටින එක අයෙක් සමග ඉතිරි 7 දෙනාටම එකවර එකිනෙකාට සම්බන්ධ වන්නට පුළුවන්.

දැන් ක්ලස්ටර් එකෙන් පිට කතා කරමු. ක්ලස්ටර් එකෙන් පිට සිටින කෙනෙකුට තමුන්ගේ ක්ලස්ටර් එක නොවෙන කෙනෙකු සමග සන්නිවේදනය කරන්නට නම් ක්ලස්ටර් එකේ පිට සිටින පුද්ගලයාට අදාල ක්ලස්ටර් එකේ කෙනෙකුගේ ඇස් දිහා බලන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි පරණ ක්ලස්ටර් එකක හිටපු දොස්තර විල්ගේ ඇස් දෙක දිහා බලපු ගමන් එයාත් එක්ක ප්සයිසිලියම් හරහා කතා කරන්නට හැකියාවක් ලැබුනේ. නමුත් විල් හරහා වෙන අයත් සමග සම්බන්ධතාවය පවත්වන්නට එයාට හැකියාවක් නෑ. එක් වරක් ශාරීරිකව සමීප සම්බන්ධතාවයක් ඇති වුනොත් පමණයි ක්ලස්ටර් එකේ පිට තවත් කෙනෙකු සමග ඒ තැනැත්තා සමග නැවතත් සම්බන්ධ වෙන්නට පුළුවන් වෙන්නේ. ඒක නිසාම තමයි කෆියස්, සන් එක්ක මලීකිට කතා කරන්න හැකියාවක් නැත්තේ.

දැන් මේ විශේෂ එපිසෝඩ් එක ගැන පොඩ්ඩක් කියන්නම්. වසරක කාලයක් ඇතුලත කතාව ගැන කිසිම වගක් තුගක් නැතිවුනු නිසා නත්තල වෙනුවෙන්ම කල්තියාම කතාංගයක් සැලසුම් කරලා අට දෙනාගේම වසරක කාලය තනි කතාවකට එකතු කරලා තමයි මේ කොටස හදලා තියෙන්නේ. ඒ කියන්නේ හැමෝගේම අවුරුද්දක වැඩ කිඩ එක කතාවකට එකතු කරලා තියෙන්නේ. වසරක කාලයක් ඇතුලත එයාලට මුහුණ දෙන්න සිදුවෙන දේවල් එක්කම.

එහෙනං බොහෝම ඉක්මනට දෙවැනි කතාවෙනුත් හම්බෙමු කියාගෙනම මම අදට සමුගන්නම්. අද ලිපියේ  අඩුපාඩුවක් තිබුනොත් කියලා හෙට ලිපියෙන්ම ඒ අඩුව පුරවන්නම්. ඒ වගේම කතාව ගැන ප්‍රශ්ණ තියෙනවනං “මේක මෙහෙම නම්, ඒක කොහොමද වෙන්නේ ?” ජාතියේ ප්‍රශ්ණ තියෙනවනං ඒවත් කමෙන්ට් කරගෙන යන්න. තර්ක විතර්ක තියෙනවනං එව්වත් ලියන්න. කතාවේ ගැටලු සහගත තැන් තියෙනවනං විශේෂයෙන්ම එව්වත් ලියන්න. ඉදිරි ලිපි වලින් විස්තරයක් කරලා දාන්නම්.

එහෙනං ඔන්න අපි ගියා. හෙට අනිත් කොටසින් හම්බෙමු.

☀ ආයු – බෝ – වේවා !!! ☀

Sense8 (2015– ) on IMDb

 

 

Due to copyright issues we do not provide any torrent links

Sense8.2016.Christmas.Special.720p.NF.WEBRip.x264.AC3-EVO

Sense8.2016.Christmas.Special.480p.NF.WEBRip.x264.AC3-EVO

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාල වේ

 

245 downloadsDownload Sense8.2016.S02E01.baiscopelk.zip103 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

245 downloadsDownload Subtitles103 KB

18 comments

  1. විමා

    නියමයි ප්‍රනී
    වැඩේ සුපිර්යටම කරමු එහෙනම් :D

  2. John Net

    Patta digatama demu

  3. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy upasiresiyat sahoo darauaa

  4. Kulanjana Maduranga

    thanks saho..sub ekata.
    .digatama sub demu.jaya wewa……

  5. Rajitha

    Thanks machan…..ela …..jayawewa……!

  6. Kasun Widusha

    Tnx mchooo

  7. madushan

    thanks ….bro.

  8. sudeera

    hamme ati yanthan dunna anith tikath gindara wage ewpan machn.. ube suba tha mekata hari ynne… elama aa

  9. සුපුන් බුද්ධික

    ගොඩක් හොඳ ලිපියක් සහෝ.
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  11. සාෂා ස්වර්ණලතා

    ගොඩාක් ස්තුති සබ් එකට,December වල ඉදලාම බලන් හිටියා,

  12. Viraj

    sub ekata thanks saho..

  13. Ravindu Rukshan

    ස්තූතියි

  14. Ravindu Rukshan

    thx

  15. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  16. MAALnath

    Thanks .........good luck ..................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  17. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  18. chinthaka.max4

    thankx machan