Watch Trailer

Sense8 (2017) [S02 : E03] with Sinhala Subtitles | කලබල මැද්දෙන්. [සිංහල උපසිරසි සමඟ]

අදත් උපසිරැසිය දීලා විජහට යන්න තමයි කල්පනාව. කොහොමත් පහුගිය කතාව ගැන විස්තර කරන එකේ බලපු අයට අමුතුවෙන් විස්තර කරලා කියන්න ඕනේ වෙන්නේ නෑනේ. ඒක නිසා පොඩ්ඩක් විතර පිටුව පිරෙන්න ලියලා යන්න තමා කල්පනාව. කතාව බලපු අය නම් දන්නවා පටන්ගත්තු වෙලේ ඉඳන් පලමු සීසන් එකේ වගේ මුල් ටික කම්මැලි නෑ කියලා. එක කතාවක් ග…

අදත් උපසිරැසිය දීලා විජහට යන්න තමයි කල්පනාව. කොහොමත් පහුගිය කතාව ගැන විස්තර කරන එකේ බලපු අයට අමුතුවෙන් විස්තර කරලා කියන්න ඕනේ වෙන්නේ නෑනේ. ඒක නිසා පොඩ්ඩක් විතර පිටුව පිරෙන්න ලියලා යන්න තමා කල්පනාව.

කතාව බලපු අය නම් දන්නවා පටන්ගත්තු වෙලේ ඉඳන් පලමු සීසන් එකේ වගේ මුල් ටික කම්මැලි නෑ කියලා. එක කතාවක් ගත්තොත් පහුගිය සීසන් එකටම වඩා සුපිරියට තියෙනවා. කොහොම වුනත් කතාවේ ඉන්න චරිත වලට නම් පහුගිය සමයට වඩා ගොඩක් කරදර වලට වගේම අභියෝග වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

පසුගිය කතාවේදී කෘම් එකඟ වුනා විල් එක්ක හමුවෙලා මූණට මූණ කතා කරන්න. ඒකට එයාට කතා කලේ නම් කෞතුකාගාරයකට. බයෙන් බයෙන් වුනත් මොන යටිකූට්ටු වැඩකට BPO සූදානම් වුනත් 8 දෙනාම ඒකට සූදානම් වෙලා තමයි හිටියේ. කට්ටිය හිතුවේ නම් තවදුරටත් දොස්තරයගෙන් මෙයාලට කරදරයක් වෙන එකක් නෑ කියලා. ඒකට හේතුව කෘම් දොස්තරයව එලියට ඇදලා දාපු නිසා. ඒත් කතාව අවසානයේදී නම් ඩොක්ටර්ගේ සොම්බි කෙනෙක් ඇවිල්ලා විල් එක්ක කතා කර කර ඉන්න අතරතුර කෘම්ව මරලා දානවා. ඒ එක්කම විල්ව මරන්න උත්සාහා කලත් විල් පොරබදලා එතනින් බේරෙනවා.

මේ අතරේ සන්ව මරන්න මල්ලි කට්ටියක්ව එවනවා. සන්ට වෙන කරදර අතරේ, අනිත් අයටත් හුස්ම හිරවෙනවා. අන්තිමේදී හිරගෙදරම යාලුවෙක් ආරක්ශකයෙක්ව මරලා සන්ව බේරගන්නවා. එතනින් එහාට නෝමිගේ, එයාගේ පෙම්වතියගේ, බග් ගේ උදව්වෙන් එයාලා එලියට පැනගන්නවා. එලියට යන්න වාහනය හොරකම් කරගෙන පදින්න කෆියස්ගේ උදව්වත්, ගහගන්න වුල්ෆ්ගැන්ග්, විල් දෙන්නගේ උදව්වත් ඇතුවයි හැම දෙයක්ම සිද්ද වෙන්නේ. පොලිසියට අහු නොවී යන්න කරන්න ඕනේ හැම දෙයක් ගැනම විල් එතනදී සන්ට කියලා දෙනවා.

මේ අතරේ වුල්ෆ්ගැන්ග්ට ලීලා ෆකීනි කියලා තවත් ක්ලස්ටර් එකක සෙන්සේට් කෙනෙක් හමුවෙනවා. ඒ වගේම ෆුක්ස් කියලා කෙනෙක් ගණුදෙනුවක් විදියට ෆීලික්ස්ට නයිට් ක්ලබ් එකකුත් ලියලා දෙනවා. ඒත් ලීලා කියන්නේ හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා තාම අපි දන්නේ නෑ.

මේ අතරේ ලීටෝ හර්නාන්ඩෝ සහ ඩැනියෙලා දෙන්නා එක්ක එකතු වෙලා අලුතෙන් ගෙයක් බලන්න යනවා. ඒත් සල්ලි ප්‍රශ්ණය තමයි එයාලට තියෙන ලොකුම ගැටලුව. අන්තිමේදී තුන්දෙනාම එකතු වෙලා එකට සල්ලි දාලා ගේ ගන්න තීරනය කරනවා. ඉතිං තුන් දෙනාම එකම ගෙදර ජීවත් වෙන්න තීරණය කරනවා. ගේ කොල්ලෝ දෙන්නයි එක කෙල්ලයි. ඒකෙත් අමුතු ගතියක් නැත්තෙමත් නෑ. 😉

අද කතාවෙත් ලොකු ලොකු සීන් ටිකක් වෙනවා. ඉතිං බලමු නේ මොනවායින් මොනවා වේවිද කියලා. අදට මම මෙතනින් නතර වෙන්නං. කතාව බලලා කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

 

☀ ආයු – බෝ – වේවා !!! ☀

Sense8 (2015– ) on IMDb

 

 

Due to copyright issues we do not provide any torrent links

Sense8.S02E03.WEBRip.x264-SKGTV

Sense8.S02E03.WEBRip.x264-FS

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාල වේ

 

243 downloadsDownload Sense8.2016.S02E03.baiscopelk.zip99 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

243 downloadsDownload Subtitles99 KB

19 comments

  1. sankha sandaruwan

    උපසිරසට බොහොම ස්තුතියි

  2. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  3. Rajitha

    Thank you bro…….jayawewa……!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  5. විමා

    සුපුරුදු පරිදි සබට තුති පැණි
    සිරාවටම ඈ
    සබ් මැසිම ඔහොමම වැඩ කරවමු ආයේ

  6. Thusitha

    බොහොම ස්තුතියි ….

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…

  8. hashan

    jayen jaya

  9. Gathsara Umesh Kumara

    Thnks for sub…keep continue

  10. Praneeth Chinthaka Ranasinghe

    හදන්නෙත් දවසට එකයි.

  11. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    මචං වෙලාවක් තියේනම් scorpion එකේ සබ කරලා දියන්කෝ..එපි දෙකයි තියෙනේ සබ් නැති.
    ~~බුදුසරණයි..ජය වේවා~~

  12. Sudheera Kasun

    Ela machoo… thanks..!

  13. T!nK3R

    wow…!! very soon Thank u dr.! keep it up.

  14. SH

    Okkoma tika eka para denna bane :3 ?

  15. Krishan NiShalya

    elama
    දිගටම ඉක්මනට සබ් එක දෙන්න
    නියමයි…
    බොහොම ස්තුතියි ….

  16. සුපුන් බුද්ධික

    මේක බලන කට්ටිය අඩු වෙලා වගේ..
    සුපිරිම කතාවක් ඉතින්.ඒ අස්සේ පිස්සු හැදිලා වගේ සබ් එකත් දෙනවා..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  17. Ravindu Rukshan

    thx

  18. Dilshan Madhushanka

    Sub eka.match wen naane

  19. chinthaka.max4

    thankx machan