ඔන්න එහෙනම් මේ අරගෙන හැමෝම වගේ මගබලාගෙන හිටිය කතාමාලාවක්. ඇත්තටම මුලින්ම මේක දෙද්දී මන් හිතුවේ නෑ පසුකාලීනව මෙච්චර ඉල්ලුමක් එයි කියල. ඉතින් කොහොමහරි හිතුවේ නැති විදිහට ජනප්‍රිය උන නිසාම මමත් ඇඟිලි ගැන ගැන හිටියේ රිලීස් වෙන දවස වෙනකන්. ලංකාවේ ප්‍රේක්ෂකයෝ සෑහෙන දෙනෙක් ට්‍රේලර් එක බලන්න ඇති කියල හිතනව…

ඔන්න එහෙනම් මේ අරගෙන හැමෝම වගේ මගබලාගෙන හිටිය කතාමාලාවක්. ඇත්තටම මුලින්ම මේක දෙද්දී මන් හිතුවේ නෑ පසුකාලීනව මෙච්චර ඉල්ලුමක් එයි කියල. ඉතින් කොහොමහරි හිතුවේ නැති විදිහට ජනප්‍රිය උන නිසාම මමත් ඇඟිලි ගැන ගැන හිටියේ රිලීස් වෙන දවස වෙනකන්. ලංකාවේ ප්‍රේක්ෂකයෝ සෑහෙන දෙනෙක් ට්‍රේලර් එක බලන්න ඇති කියල හිතනවා. හැමෝම දන්නවනේ මේක බ්‍රිතාන්‍ය කතාමාලාවක් කියල. IMDb හි 8.3 ක අගයක් ලබාගෙන තියෙනවා මම මේ ලිපිය ලියන අවස්තාව වෙද්දී. තුන්වෙනි සීසන් එක ඉවර වෙද්දීනම් කොහොම වෙනස් වෙයිද කියල කියන්න බෑ. ඒවගේම රුපවාහිනි සම්මාන 35කට නිර්දේශ වෙලා 11ක් ජයග්‍රහණය කරලා තියෙනවා.
තිබුණු ඉල්ලුම නිසාම අපි හය දෙනෙක් එකතුවෙලා තමයි මේ වතාවේ කතාමාලාව සම්පූර්ණ කරන්න සැලසුම් කරගෙන ඉන්නේ. මාත් එක්ක වැඩේට එකතුවෙන්නේ ගිය වතාවෙත් උදව්වට ආපු මගේ මිත්‍ර රවිඳු රුක්ෂාන්, හිරාන් එරන්ද, පසිඳු මදුමාල්, මලිත් වීරමුනි මෙන්ම මේ වතාවේ අපිට එකතුවෙන සචින්ත බෙනට් සහ ලහිරු මදුශානුයි. එයාලටත් මගේ විශේෂ ස්තුතිය පුදකරන ගමන් එහෙනම් මන් කතාමාලාව දෙසට යන්නම්.
හදිසි කෙනෙක් ඉන්නවනම් හරි කතාවේ මෙතෙක් සිදුවුණ දේවල් මතකයේ තියෙනවනම් කෙලින්ම උපසිරැසිය ලබාගන්න යන්න පුළුවන්. නැවත අතීත ආවර්ජනයක් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ලිපිය පොඩ්ඩක් කියවලා මතකය අලුත්කරගෙනම යන්න කියලා ඉල්ලනවා. එතකොට කෝකටත් හොඳයිනේ.
ඕටිස් ගේ අම්මා ජීන් ඉස්කෝලෙට ඇවිත් කරපු දේශනය නිසා හැමෝම ටිකක් කලබල උනානේ, ඒවගේම අලුත් අදහස් ගැන කුතුහලයක් ඇතිවුනා. ඊටපස්සේ පාසලේ තියෙන ලිංගික උපදේශන වැඩමුළුවට සහභාගී උන ඇඩම්ගේ අම්මා තමන්ගේ මනුස්සය ගැන කලකිරිලා, කසාද ජිවිතේ නීරස වෙලා දික්කසාද වෙන්න ඕනේ කියනවා. මේ හැමදේමත් එක්ක ජීන් ගැන තිබුණු අප්‍රසාදය ඉවසගන්න බැරුව විදුහල්පති ග්‍රොෆ් මහතා ප්‍රධාන උත්සවයක් වෙලාවේ ජීන් ට බැනවදිනවා. ඒක අවසන් වෙන්නේ ග්‍රොෆ්ට තාවකාලික නිවාඩුවක් ලබාදීමෙන්. ඒවගේම ඕලාහේ තාත්තත් එක්ක තිබුණු සම්බන්ධය නිසා ජීන් දැනගන්නවා එයා ගැබ්ගෙන කියලා.
හමුදා පුහුණුවකට යැව්ව ඇඩම් ආපහු ආවට පස්සේ එයා දකිනවා එරික් රහීම් එක්ක සම්බන්ධයක් ඇතිකරගෙන ඉන්න බව. නමුත් අවසානෙදි උත්සවය දවසේ ඇඩම් මුළු පාසලම ඉදිරියේ එරික්ට තමන්ගේ හිතේ තියෙන ආදරේ ප්‍රකාශ කරනවා. ඔය අතරේ අපි හැමෝම බලාගෙන හිටියේ ඕටිස් සහ මේව් අතර ආදර සම්බන්ධය ආරම්භ වෙයි කියල. නමුත් මේව් කියනවා එයාට කිසිම තරහක් නෑ, තියෙන්නේ කලකිරීමක් විතරයි කියල. කොහොම උනත් තමන්ගේ පෙර වැරදි වලට සමාව ඉල්ලලා සහ ආදරය ප්‍රකාශ කරලා ඕටිස් වොයිස්මේල් එකක් යවනවා මේව්ගේ ෆෝන් එකට. නමුත් අපි හැමෝගෙම බලාපොරොත්තු බිඳදමමින් රෝද පුටුවේ ඉන්න අයිසැක් ඒ මැසේජ් එක මකලා දානවා. බොහොම කෙටියෙන් කියනවනම් ඔය ටික තමයි කතාවේ මෙතෙක් දුරට සිදුවුනේ. එහෙනම් ඉක්මනට අලුත් සීසන් එකේ ආරම්භය ගැන පොඩි හැඳින්වීමක් දීලම ලිපිය ඉවරයක් කරන්නම්.
විදුහල්පති ග්‍රොෆ් ගියාට පස්සේ අලුතෙන් පත්වෙලා ඇවිත් තියෙන්නේ විදුහල්පතිනියක්. එයා මේ වතාවේ ඇවිත් තියෙන්නේ හැමෝවම බ්‍රේන් වොෂ් කරලා ගන්න අදහසින් වගේ. හතරවටේට ලිංගිකව එකතුවෙන පාසල් දරුවන් නිසා මේ ඉස්කෝලේ දැන් අමුතුම තැනක් වීගෙනයි එන්නේ. ඒනිසා හැමෝටම නිල ඇඳුමක් ලබාදීලා, මේ මොර්ඩේල් පාසල ආයෙත් සුපුරුදු රිද්මයට ගන්නයි ඇයට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒවගේම අර අයිසැක් මේව්ගෙන් වෙන්කරන එක අමාරු වේගෙනයි එන්නේ. මොකද තවමත් ඕටිස් ගැන මේව්ගේ හිතේ තියෙන්නේ අප්‍රසාදයක්. ඉතින් අපි බලමු අවුරුද්දක් ඉවසගෙන ඉඳලා අපි බලාපොරොත්තු උන අවසානයක් කරා කතාමාලාව ගලාගෙන යයිද කියල.
ඒවගේම ඉක්මනින් කරපු නිසා පොඩි පොඩි වැරදීම්, අකුරු එහෙමෙහෙ වීම් තියෙන්න පුළුවන්. මම පුළුවන් තරම් බලල තමයි මේ එව්වේ. එහෙම තියෙනවනම් කරුණාකරලා පහලින් කමෙන්ට් කරන්න කියල ඉල්ලනවා. එහෙම උනොත් ආයේ වැරදි නිවැරදි කරලා අප්ලෝඩ් කරන්න පුළුවන්.
එහෙනම් ලිපියත් ටිකක් දිගු උන නිසා මං මෙතනින් නවතිනවා, අපේ සහෝදරවරු ඉදිරි කොටස් ටික ඉක්මනට අරගෙන එයි. ඔයාලගේ අදහසුත් ලබාදීලා අපිව තවත් දිරිමත් කරන්න කියල ඉල්ලන ගමන් මන් සමුගන්නවා.
බයිස්කෝප් අඩවියට ජය!
“අප, පෙරට වඩා පරිණත වෙමු,
පෙරට වඩා ශක්තිමත් වෙමු,
පෙර සිටියාටත් වඩා හදවතින් එක්වෙමු! “

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
39,104 downloadsDownload Sex-Education-S03-E01.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
72 comments
Indeesa Nisalithe
Anjana
අයියෙ ඉතුරු එපිසොඩ් ටිකෙත් උපසිරැසි ඉක්මනට ඔනෙ ව්නාඩි 5න් 5ට ඇවිල්ලා බැලුවා සබ් දාලාද දාලද කියලා තැක්න්ස් ඉක්මන්ට දුන්නට ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න ❤️❤️
Anonymous
Thanx
Sham
ඉතුරු ටිකත් ඕනෙ
Anonymous
Thanks sub ekata ♥️♥️♥️♥️♥️
lahiru
ikmanatama ithuru tkath ooni komlo
Anonymous
Thank you
Lahiru Bandara
අම්මේ අම්මේ දාල දාල ඇති යන්තම් යකෝ අද උදේ ඉදන් දාලද දාලද කියල බල බල හිටියේ. දැන් නම් මේක බලලම තමා නිදා ගන්නේ. සුපිරිබන් ඉතුරු ටිකත් පුළුවන් නම් හෙටම දියන්කෝ
Sujith
අම්මේ ඇගිලි ගැන ගැන හිටියෙ දානකම්.. එලම තමා....
Gihan
සබට තුති සහෝ.....
ජය වේවා...Isuru
අම්බෝ එනකං ආසාවෙං බලං හිටියේ තැන්කු ආහ් ❤
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️❤️
Sham
ඉතුරු ටිකත් ඕනෙෙ.sub එකට thnx
BCB
Elma bn. Ithuru tikth ikmntma damu. Jaya wewa
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Naveed
ඉතුරු ටිකත් ඉක්මණට දාන්ඩ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයmada
gammac kollo danakan hitiye
Suranjan
Thanks....jayawewa....!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Dileepa Nuwan
Thanks brother
Anonymous
Thanks bro♥️
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
THISARU PEERIS
Thanks bn
Kavindu
ස්තුති ...❤️
Achi
බොහොම ස්තුතියි සබ් එකට...
පුලුවන් නම් ෆයිල් එකට english sub එකත් ඇඩ් කරන්න...
English හදා ගන්නRakitha Poornima Ranathunga
Netflix කොපි වල සබ් තියෙනවා.
Anonymous
අනිත් ටිකත් ඉක්මනට දෙන්න.
Thanx sub එකට.
සච්ත්‍ර නිර්මාණ
ඇත්තටම මේකේ season3 එනකන් ඇගිලි ගැන ගැන හිටියේ
M_oking
plzzz anith episode tikath ikmnt dennooooo
Anonymous
anith ewayth sub satgala denoooooooooooo
Manuja
Thank u brother ✌️
Ithuru epi 7th dnna ✌️
Mth iye idan bln htye sub dnkmAnonymous
anith tika
Anonymous
Thanks
Sana
Thank you සහෝ. ඉතුරු සබ් ටිකත් ඉක්මනටම දෙමු. ජයවේවා... ❤️
Anonymous
ඉතුරු ටිකත් ඉක්මණට දෙන්න. Sub එකට thanx
Prabhath Anjula
අනිත් එපිසෝඩ් ටිකෙත් සබ් ඉකමනටම ඕන.
Prabhath Anjula
Tnx for a sub
Nadeesh
Ithuru tika one ikamanatama
Nimthaka kumara
Thanks for sub enakan heteya
Lakshan
Budu ayye ikmanata anith episode tikath danna,..
Vihanga
Adeeeeeeee ikmanataa oneeeeee ❤❤❤❤❤❤❤❤❤
Davsakata ekaida denneMenath
Ade ithuru epi tiketh sub one ikmanata
sub ekata thanx ❤Dilan
Na bn eka epiyay thinne
dilan
ithuru epi 7 tika kawad wage labeida brother
Pamitha Uthpala
okkoma dala ne thiyanne?
Anonymous
තැන්ක්ස් මචන් සබ් එනකන් ඩවුන්ලෝඩ් කරගෙන බ්ලාගෙන හිටියෙ
Pamitha Uthpala
jaya wewa saho.... thanks bokka... subak enna parakku wei kiyala baye hitiye
Anonymous
2020 ඉඳන මග බලන් හිටපු එක
Ashan
අඩ්ඩෙහ්..දැන්නේ දැක්කෙ..එල එල දිගටම දෙන්න ජය වේවා
sanjula dilshan
Thanks❤️❤️❤️❤️
Godk kl bln hitiye......
Ithuru 4th ikmnt denw neh..
Thank youu❤️❤️❤️Anonymous
Ep5 හෙ එකත් දාපන්කො ඉක්මන්ට
Akila Dilhara
Thank you very much Brother...
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...
Asa
thank you machan..
shadow walker
matgaka kenek kiyandako mew otisui seasson dekedi taraha wenna hethuwa mata mathaka na season 2 awasanedi drnna taraha wenda hethuwa
chinthaka.max4
thankx machan
Thusitha
Thanks brother
Dewadithya
Thanks for Sub!
Anonymous
thanks for sub
Nipun
Bohoma esthuthii mcnlaa ikmanatama sub tika aran awarataaa.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ambooo thanks bn කොල්ලෝ, විනාඩි 5න් 5හට ඇවිල්ල බලනවා දාලද කියලා, ඉතුරු ටිකත් ඕනෙ පුලුවන් තරම් ඉක්මනට, ආදරෙයි.