Watch Trailer

Şahsiyet AKA Persona [S01 : E12] Sinhala Subtitles | හැංගිමුත්තමක අවසානය.. [සිංහල උපසිරැසි]

ඉතින් දවස් 11ක් තිස්සේ නරඹපු අපූරු තුර්කි කතාමාලාවක අවසානය සනිටුහන් කරන්න තමයි මේ ඇවිත් ඉන්නේ. කොටස් 12කින් යුක්ත මේ කතාමාලාව ජාත්‍යන්තර සිනමා දර්ශකය අනූව 9.1ක රේටින් අගයක් ලබාගෙන Top Rated TV Shows 250 උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ රැඳිලා තියෙන තියෙනවා. Crime | Drama | Mystery ගණයට අයත් වෙන මේ ක…

ඉතින් දවස් 11ක් තිස්සේ නරඹපු අපූරු තුර්කි කතාමාලාවක අවසානය සනිටුහන් කරන්න තමයි මේ ඇවිත් ඉන්නේ. කොටස් 12කින් යුක්ත මේ කතාමාලාව ජාත්‍යන්තර සිනමා දර්ශකය අනූව 9.1ක රේටින් අගයක් ලබාගෙන Top Rated TV Shows 250 උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ රැඳිලා තියෙන තියෙනවා. Crime | Drama | Mystery ගණයට අයත් වෙන මේ කතාමාලාව මේ වෙද්දී බලාගෙන ආපු අය දන්නවා මේක මොන විදිහට ගලාගෙන යනවද කියලා. එහෙනම් අපි බලන්න ගමු අවසාන කොටසත්. පහුගිය කොටස ටිකක් මතක් කරලා ඉන්නම්කෝ.

තමන්ගේ අමතක අතීතය ටික ටික මතකයට එද්දි නෙව්රා මේ අබිරහසේ පොටක් පාදගෙනයි හිටියේ. රෙයිහාන්. එයාගේ පොඩිකාලේ යාළුවා. එතකොට මේ අබිරහසට, මේ මිනීමැරුම් 11ට හේතුව එයාගේ යාළුවා රෙයිහාන්ද? මේ ඔස්සේ නෙව්රා එයාගේ හෝදිසි මෙහෙයුම කරගෙන යන්න පටන් ගන්නවා ආටෙස් සහ සෙෆාගේ උදව්වත් එක්ක. ඔය අතරේ නෙව්රාගේ අම්මගෙනුත් විවිධ කරුණු එළිදරව් වෙන්න ගන්නවා. ආගා ගැන කතා කරොත් මිනිහා ලෑස්තිවෙලා හිටියේ නුඛෙත් එක්ක චාරිකාවක් යන්නයි. උඩින් බලද්දී චාරිකාවක් උනාට ඒකෙ යටි අරමුණක් ආගාට තිබුණා. ටොල්ගාගේ මාධ්‍ය සාකච්ඡාවත් එක්ක මිනිහා හිටියේ ටිකක් පීඩනයකින්. ඔය අතරේ ෆිරුස් වෙන පැත්තකින් ආගාට ලංවෙලා හිටි බවත් ආගා දැනගෙන හිටියේ නෑ.

එහෙනම් මේ අවසන් කොටසේ මොනවයින් මොනවා වෙයිද? මොන අතකට කතාව පෙරලෙයිද? කවුරු කවුරු තමන්ගේ ජීවිත ගමනට සමුදෙයිද කියලා දැනගන්න කතාමාලාව එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අවසන් වශයෙන් මේ කතාමාලාවට උපසිරැසි කරන්න එකතු වුණු අපේ සහෝදර මඩුල්ල නිලුපුල්, කවිනු, සොහාන්, ලහිරු, යුරාන්, රවිඳු, රොෂාන්, ඉසුරු ඇතුළු පිරිසව ආදරයෙන් මතක් කරන ගමන් චාමර, සිසිල ඇතුළු අපේ පරිපාලක මඩුල්ලවද ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉදිරියෙදිත් තව කතාමාලාවක උපසිරැසි අරගෙන එන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. හැමෝටම ජයවේවා. පරිස්සමට ඉන්න.

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,843 downloadsDownload Sahsiyet-AKA-Persona-S01-E12.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles by

PHOENIX

Subtitles

1,843 downloadsDownload Subtitles37 KB

15 comments

  1. MAALNATH

    Thanks.......good luck...

  2. Kanishka viraj

    thanks sub ekata...
    ---- y the last man ( 2021 ) Tv serious ------ ekatath sub eka dennako plz...

  3. madushab

    20 dakika [ 2013] turkish series ekata sub denna meka netflix series ekak

  4. Kushan

    Sub akta thanks

  5. Anonymous

    පට්ටම සීරීස් එක
    සබ් දීපු බයිස්කෝප් සෙට් එකටම තෑන්ක්ස්
    තව මේ වගේම crime,mystery එකක් දෙන්න බලන්න

    1. Anonymous

      බාසා කේස් නෑ ඕන එකක් දෙන්න

  6. Isuru

    Thanks broo mekata sub dunnata thawath me wage supiri TV series ekak denna

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Anonymous

    thanks for sub all

  10. Anonymous

    Thanks Guyz

    1. Anonymous

      මේක දැනුයි බලලා ඉවර උනේ.ඇත්තටම සුපිරිම කතාවක්.මේ වගේ සීරීස් එකකට සබ් දීපු එකට ස්‍තූතියි.තව මේ වගේ සීරීස් එකකට සබ් දෙන්න.

  11. රංග

    මේක නම් සුපිරිම සිරීස් එකක් ..බොහොම ස්තුතියි සබ් ගෙනාපු අය ඔක්කොටම ..තව තවත් මේ වගේ සිරීස් දෙනවනම් ආයි සුපිරි ..

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Ashan

    ඉදිරියටත් මෙවැනි ෆැන්ටසි කතාමාලා වලින් මිදුනු කතාමාලා ලබාදෙන්න

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.