Watch Trailer

Shadowhunters (2016– ) [S01 : E02] with Sinhala Subtitles | සැඟවුනු මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]

ක්ලැරී ෆ්‍රේ ඇයගේ 18 වෙනි උපන්දින දවසේ තමුන්ගේ ජීවිතේ සිහිනයක් වෙලා තිබුණු චිත්‍ර පාසලට ඇතුලු වෙන්න වාසනාව ලැබුනා. ඒ වගේම තමයි තමුන්ගේ හොඳම යාලුවා වුනු සයිමන් සහ ඔහුගේ යෙහෙලියක් එක්ක උපන්දින සැඳෑව ගත කලේ ඒ උපන්දිනයේ ඉඳන් මතුවට ඇයගෛ් ජීවිතේ කොහොම වෙනස් වේවිද කියලා නොදැන. තමුන්ගේ මිතුරන් සමග උපන්දින…


ක්ලැරී ෆ්‍රේ ඇයගේ 18 වෙනි උපන්දින දවසේ තමුන්ගේ ජීවිතේ සිහිනයක් වෙලා තිබුණු චිත්‍ර පාසලට ඇතුලු වෙන්න වාසනාව ලැබුනා. ඒ වගේම තමයි තමුන්ගේ හොඳම යාලුවා වුනු සයිමන් සහ ඔහුගේ යෙහෙලියක් එක්ක උපන්දින සැඳෑව ගත කලේ ඒ උපන්දිනයේ ඉඳන් මතුවට ඇයගෛ් ජීවිතේ කොහොම වෙනස් වේවිද කියලා නොදැන. තමුන්ගේ මිතුරන් සමග උපන්දින සැඳෑව ගත කරන්නට ප්‍රථම ඇය නිවසට ගියේ සුබ ආරංචිය තමුන්ගේ මවට පවසන්න. ඒ පණිවුඩයෙන් සතුටෙන් පත්ව සිටි ඇය කුඩා පෙට්ටියක් ක්ලැරී‘ගේ අතට දුන්නේ ඇයගේ උපන්දින තෑග්ග බව අඟවමින්. ඇයට ඒ ඇසුරුම තුල තිබී හමුවුනේ අමුතු ආකාරයේ පෑනක හැඩයකින් යුතු කුඩා ලෝහ යශ්ඨියක්. මේත් සමගම ක්ලැරීගේ මව ඇයට ලොකු කතාවක් පවසන්නට යනවා. ඒ ඇයට දැනගතයුතු විශේෂ දෙයක් තිබෙන බව අඟවමින්. නමුත් ඇය එය නොසලකා හැරියේ තමුන්ගේ මව හැමදාම මෙන් දැනමුතුකමක්, උපදේශයක් යන්න හදනවා ඇති යන අදහසින්. එමෙන්ම ඇය තමුන්ගේ සැඳෑව තමුන්ගේ යහලුවන් සමග ගත කරන්නට ඇති නොඉවසිල්ලද එයට හේතු විය.

මින් පසුව ඇය හැඳ පැලඳ තමුන්ගේ හොඳම යහලුවා වුනු සයිමන් සහ ඔහුගේ යෙහෙලිය වුනු මුරීන් සමග උපන්දින සැඳෑව ගත කරන්නට යෙදුනා. සිනාවෙන් සහ කතාබහින් ගතවුනු කාලයෙන් පසු, ඇය තමුන්ගේ යහලුවන් දෙදෙනා සමග එකතු වී සයිමන්ගේ වෑන් රථය පින්තාරු කරන්නට යෙදුනා. පින්තාරු කොට අවසානයේ ඇය වෑන් රථයෙන් අඩි කිහිපයක් පිටුපසට ගත්තේ පින්තාරු කල චිත්‍රය හොඳින් දැකබලා ගැනීමටයි. මේ අවස්ථාවේදී නොදන්නා ආගන්තුකයෙක් ඇයගේ ඇඟේ හැප්පෙනවා. නමුත් ඔහු එය ගානකටවත් නොගෙන ඉදිරියට ගමන් කරනවා. මේ අවස්ථාවේදී ක්ලැරී තරමක් තරහින් ඔහුට කතා කරනවා. මෙතැනදී මේ ආගන්තුකයා පුදුමයෙන් මෙන් ක්ලැරීගේ මුහුණ දිහා බලනවා. මේ අනුව දෙදෙනා අතර කෙටි කතාබහක් ඇති වෙනවා. ඔහු ඇයගෙන් “ඔයාට මාව පේනවද“ යනුවෙන් අසනවා. එවිට ක්ලැරී විසින් ප්‍රතිචාර දක්වන්නේ “ඒක නිසාම තමයි මම ඔයාට කතා කලේ“ යනුවෙන්. එවිට ඔහු පවසන්නේ ඇයට දර්ශණය තිබෙන බවයි. මෙය ඇයට ලොකු ගැටලුවක් බවට පත්වෙනවා. මේ අතරේ ක්ලැරී ඔහුත් සමග  මුහුණට මුහුණ කතාබහ කලත්, ක්ලැරීගේ යාලුවෝ දෙදෙනාට එය පෙනුනේ ඇය හිස් අවකාශයක් එක්ක කතා කරනවා වගේ. මේ ගැන සයිමන් ක්ලැරීගෙන් විමසන මොහොතේදී ඇය සිතුවේ තමුන්ගේ යහලුවන් විහිලු කරනවා යනුවෙන්. නමුත් සයිමන් දිගටම ක්ලැරීගෙන් මේ ගැන විමසද්දී යහලුවන් දෙදෙනාට සැබෑවටම ඔහුව නොපෙනෙන කෙනෙක් බව පසක් වෙනවා. ඒ මොහොත අනුව ඇයට දැනුනේ තමන්ට පිස්සු හැදීගෙන එනවා වත්ද කියලා. මේකට හේතුව වුනේ දිනයේ දහවල පටන් ඇය නිදහසේ ඉන්න වෙලාවට අමුතු අමුතු විදියේ සංකේත කුරුටුබලි ගානවා. ඒ ඇයටවත් නොදැනෙන්න. ඇය කන්න ගත්තු විස්කෝතුව කොලයක් උඩින් තියලා අනෙක් අතට කන්න බලද්දී විස්කෝතුව චිත්‍රයක් බවට පත්වෙලා.

මේ සිදුවීම් වලින් ආරම්භවුනු රාත්‍රිය තවදුරටත් ඇයට සාමාන්‍ය රාත්‍රියක් බවට පත්වුනේ නැහැ. තමුන්ට පෙනුනු, තමුන්ගේ යාලුවෝ දෙන්නට නොපෙනුනු මේ අරුම පුදුම තරුණයා පිටුපසින් ගිහින් ක්ලැරී ඇතුල්වුනේ සමාජ ශාලාවක් ඇතුලට. සමාජ ශාලාවේ එක් කොටසකදී ඇයට දකින්නට ලැබුණේ මිනිස්සු එකිනෙකාව අමුතු ආයුධ වලින් කපා කොටා මරාගන් ආකාරය. මේ සටන අතර ඇයගේ ඇඟේ හැප්පුනු තරුණයාද සිටිනු දකින්න ලැබුනා. මේ අතරේ මිනිස් ස්වරූපයෙන් සිටි පුද්ගලයෙකුගේ මුහුණ විරූපි අයුරින් වෙනස්වෙනු දකින්නට ලැබුණු ක්ලැරී කපාකොට ගැනීම් දැකීමෙන් ඇතිවුනු බිය තීව්ර වුනා. ඇය ඒ සමාජ ශාලාවෙන් එලියට දිවගෙන ගියේ මහා ත්‍රාසයකුත්, දහසකුත් එකක් ප්‍රශ්ණත් හිත තුල කැකෑරෙමින්.

සෘජුවම නිවසට දිවගිය ඇය මේ පිලිබඳව තම මවගෙන් විමසනවා. එමෙන්ම ඇයට විතරක් පෙනෙන මිනිසුන්, තමුන්ගේ ඇඟේ හැපුණූ තරුණයා, පිලිබඳ සෑම විස්තරයක්ම ඇය තමුන්ගේ මවට පවසනවා. නමුත් මේ විස්තර වලින් ඇය කිසිසේත්ම විමතියට පත්වූ බවක් දකින්න ලැබුනේ නෑ. මේ බව දුටු ක්ලැරීට තවත් ඉවසුම් නැතිව යනවා. ඇයව සන්සුන් කල ක්ලැරීගේ මව වූ ජොස්ලින් ඇයට මේ පිලිබඳ පැහැදිලි කරන්න සූදානම් වුවත්, එතැනට මිනිසුන් වගයක් කඩා පනිනවා. මේ සිදුවීම අතරතුර ක්ලැරී‘ගේ මවගේ සහායිකාව වුනු ඩොට් විසින් ගෙදර උලුවස්සේ දම්පාටට දිදුලන දොරටුවක් නිර්මාණය කරනවා. මේ හැම දේකින්ම ක්ලැරී තවත් වික්ශිප්ත බවට පත්වෙනවා. මේ දොරටුව අතරින් ගිය ඇය තමුන්ගේ මවතේ පෙම්වතා වුනු ලූක් වැඩ කරන ස්ථානයට, එනම් පොලිස් ස්ථානයෙන් මතුවෙනවා. මෙතැනදී ඇය නැවතත් නිවසට ගොස් තම මව සොයන අතරතුර ඩොට්‘ගේ වේශය ගත් විරූපි සතෙකුගේ ප්‍රහාරයට ලක් වෙනවා. මෙතැනදී ඇයට පාරේදී හමුවුනු තරුණයා (ජේස්) පැමිණ ඒ සතාව මරා දමා ඇයව බේරාගන්නවා. මෙතැනදී ඇයට දැනගන්නට ලැබෙන්නේ තමාට පහරදුන්නේ වේශය මාරු කරන රැව්නර් යක්ශයෙක් බවයි. මේ අතරතුරේදී යක්ශ විශ නිසාවෙන් ඇයට සිහිය නැතිවෙනවා.

ඇය නැවතත් ප්‍රකෘති සිහිය ලබන්නේ ඇය නොදන්නා තැනක නොදන්නා තරුණියක් අබියසයි. ඇය විසින් තමුන් ඉසබෙල් යනුවෙන් ක්ලැරීට හඳුන්වා දෙනවා. ක්ලැරී නැවතත් සිහිය ලැබුවත් ඇයගේ උපන්දිනය දවසේ අත්දකින්නට ලැබුණු කිසිම දෙයක් තවමත් ඇයට පැහැදිලි නෑ. මේ පිලිබඳව ජේස් විසින් ක්ලැරීට පැහැදිලි කර දෙනවා. ඔහු කෙටියෙන්ම මේ පිලිබඳව ක්ලැරීට පැහැදිලි කලේ, අපි දන්නා යක්ශයින්, පිසාචයින්, මායාකාරයින්, මේ හැම දෙයක්ම සත්‍යක් බවත්, උන් ජීවත් වන්නේ සෙවනැලි ලෝකය තුල බවත්, එමෙන්ම ඔවුන් විසින් යක්ශලෝකයෙන් මනුශ්‍ය ලෝකය ආරක්ශා කරන අය යනුවෙන්. එමෙන්ම ඔවුන් ශැඩෝහන්ටර් වරු නොහොත් සෙවනැලි දඩයක්කරුවන් නමින් හඳුන්වන බවත් ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම ශැඩෝහන්ටර් වරු වන ඔවුන් මනුශ්‍යයින් නොවන බවත් සඳහන් කරනවා. එමෙන්ම ක්ලැරීගේ යහලුවන්ට නොපෙනන නමුත් ක්ලැරීට පමණක් ඔවුන්ව පෙනෙන්න හේතුව වූයේ, ඇය නොදැන සිටියත් ඇය මනුශ්‍ය ලෝකයේ ජීවත් වන ශැඩෝහන්ටර් කෙනෙක් වූ නිසාවෙන්.

ජොස්ලින් විසින් මේ විස්තර ක්ලැරීට පවසන්නට ගියත් ඇයට මේ සඳහා වෙලාවක් නොමැති වූයේ, නිවසේදී ඔවුන්ට කවුදෝ පහරදුන් නිසාවෙනි. එමෙන්ම ක්ලැරීගේ මව(ජොස්ලින්) පැහැරගෙන ඇති නිසා ක්ලැරීට තම මව සොයාගැනීමට අවශ්‍ය වනවා. එමෙන්ම තමුන්ගේ මව පැහැරගත් කෙනා වැලන්ටයින් නම් කෙනෙක් බව හඳුනා ගන්නට ලැබෙනවා. ඔහු පෙර කල ශැඩෝ හන්ටර් කෙනෙක් බවත්, වර්ථමානයේදී ශැඩෝහන්ටර් වරු එකතු කොට කැරැල්ලක් ගසා මනුශ්‍ය ලෝකය විනාශ කරන්නට සැරසුණු බවත් දැනගන්නට ලැබෙනවා.

මොහු විසින් ජොස්ලින්ව පැහැරගෙන තිබෙන්නේ ඔහුට ඔහුගේ අරමුණ ඉශ්ඨ කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය වුනු මරණීය කුසලානය(Mortal Cup) නම් බලසම්පන්න බඳුනක් අවශ්‍ය නිසාවෙන්. නමුත් ජොස්ලින්ව පැහැරගැනීමට ප්‍රථම ඇය විසින් මායා නිද්‍රාජනක ඹෟශධයක් පානය කරනවා. මේ හේතුවෙන් වැලන්ටයින් හට මරණීය කුසලානය තිබෙන තැන ඇයගෙන් අසා දැනගන්නට ලැබෙන්නේ නෑ. නමුත් අවසානයේදී ජොස්ලින් හට ක්ලැරී නමින් දුවෙක් සිටින බව දැනගන්නා වැලන්ටයින් විසින් තමුන්ගේ කවයේ සහචරියින්ට ඇයව අල්ලාගෙන එන ලෙස අණ කරනුයේ ඇය මේ කුසලානය තිබෙන තැන දැනගෙන සිටිනවා යන බලාපොරොත්තුව ඇතිවයි.

ආයු -බෝ -වේවා !!!

Shadowhunters (2016– ) on IMDb

 

 

176 MB (WEBRip.720p.HEVC) කොපිය මෙතනින් බාගන්න

7DCB27068A0B625F78702F7D69D166D76343272A

260 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

5EB13F8C4BB6D7D760DC06937ED08657AE0A8B41 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,748 downloadsDownload Shadowhunters.S01E02.baiscopelk.zip880 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                     All Episodes                      Next Episode >>

Subtitles

3,748 downloadsDownload Subtitles880 KB

32 comments

  1. Roshan m madu

    thnxxxxxxxx bro.meka pattai

  2. charuka

    menna mama first

  3. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.

  4. Yashiru Shehan

    එලම සහෝ.... තැන්කූ සබ් එකට. දිගටම දෙමු. :D :D :D

  5. Sanjaya

    ස්තුතියි සහෝ.

  6. Dilan Hasitha

    thanksss

  7. රයන් ද සිල්වා

    සබ් එකට තුති...
    ජය වෙවා....

  8. sachintha

    sub ekata tnx
    epi3 n hamu wemu
    elzz

  9. Manoj

    tnx bro sub ekata

  10. කවීන් ලහිරු

    සබ් එකට තැන්ක්ස් බන්
    ඊලග එපියෙන් හමු වෙමු

  11. Himaru

    Thaankss Bro

  12. Kavindu

    ෴එලම සහෝ෴
    ෴තැන්කූ සබ් එකට෴
    ෴දිගටම දෙමු෴
    ෴ජය වෙවා෴

  13. Kavisha

    නියමයි සහෝ...
    ඔන්න සබ බෑවා...
    ඔබට තුති...
    ඔබට ජය...
    ***Good Luck***

  14. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Sajeevi

    Thanks

  16. Jagath

    thanks

  17. kavinda

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා අයියා!

    බාලා ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  18. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්.....

  19. asantha

    sub eakata thanks bro

  20. kalana rajapaksha

    බොහොම ස්තුතියි සහෝ.............

  21. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaaaa

  22. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Rajitha Supun Rs

    Thaankss Bro

  24. Jude Neranjala

    සහෝදරයා බොහොම අගේ කරනවා මම නම් තාම මේක බලන්න පටන් ගත්තෙ නෑ
    ඒත මෙතන අදහස් දක්වන්න හිතුවෙ ඔය‍ා බලයි කියලා හිතලා
    දැනට ඔයා සබ් දීපු The Mentalist කතා මාලාව බලමින් ඉන්නෙ මම ඔයාට හුගාක් ස්තූතියි කියන්න වචන නෑ කරන සේවය ගැන
    ඔයාට ජයෙන් ජයම වේව‍‍ා !

    1. ප්‍රණීත් චින්තක

      අනිවාර්යෙන්ම මම හැම කමෙන්ට් එකක්ම බලනවා. අලුත් පරණ කියලා වෙනසක් නෑ. හැම කතාවකම එපියක් ගානේ ගිහිල්ලා කමෙන්ට් කියවනවා. :)

  25. vhoola

    pranith මචෝ ... scropian e14 ඇවිල්ල.... අනේ කොල්ලෝ සබ එක දීපන්කො.. පින් අතේ වැඩක් :p

    1. ප්‍රණීත් චින්තක

      දැන් මම නෙමෙයි, සමාධි අක්කා තමයි සබ් එක දෙන්නේ.

    2. srkpoorna

      macho scorpion ekata sub denne nadda ? eelaga epiya awith godak kal den.....

  26. ලතික දිල්ශාන්

    මචෝ scropian e14 ඇවිල්ල.. අනේ පින් සිද්ද වෙයි මචෝ.. සබ් එක ඉක්මනට දීපංකො ... plz bro

  27. ලතික දිල්ශාන්

    මචෝ scropian 14 ඇවිල්ල.. අනේ පින් සිද්ද වෙයි මචෝ.. සබ් එක ඉක්මනට දීපංකො ... plz bro

  28. yasas nethsara

    new ep eka enne kawadad bun?

  29. Dinesh Priyadarshana

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.. එත් මේ සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බෑනේ සොයා ගත නොහැක කියල වැටෙනවනෙ

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.