ක්ලැරී අපේ කතාවෙ කතා නායිකාව නැත්නම් ප්‍රධාන චරිතය. ක්ලැරී කියන්නෙ එයාගෙ අම්මාත් එක්ක යාළුවො එක්ක සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන කෙනෙක්. මෙයා චිත්‍ර වලට හරි දක්ෂයි. මෙයාටත් නොදැනිම මෙයාගෙ අතින් ඇදෙන රූප තියෙනවා. ඒත් මෙයා ඒව ගනන් ගන්නෙ නැ. නමුත් මෙයාගෙ 18 වෙනි උපන්දිනේ දවසෙදි මෙයාගෙ අම්මා මෙයාට දෙයක් කියන…

ක්ලැරී අපේ කතාවෙ කතා නායිකාව නැත්නම් ප්‍රධාන චරිතය. ක්ලැරී කියන්නෙ එයාගෙ අම්මාත් එක්ක යාළුවො එක්ක සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන කෙනෙක්. මෙයා චිත්‍ර වලට හරි දක්ෂයි. මෙයාටත් නොදැනිම මෙයාගෙ අතින් ඇදෙන රූප තියෙනවා. ඒත් මෙයා ඒව ගනන් ගන්නෙ නැ. නමුත් මෙයාගෙ 18 වෙනි උපන්දිනේ දවසෙදි මෙයාගෙ අම්මා මෙයාට දෙයක් කියන්න ලෑස්ති වුනත් මෙයාගෙ උපන්දිනේ නිසා මෙයා ඒව අහන්නෙ නැතුව මෙයාගෙ හොදම යාළුව සයිමන් එක්ක විනෝද වෙන්න යනවා. එතනදි තමයි ක්ලැරීට වෙන කිසි කෙනෙකුට නොපෙනෙන ඝාතන රාශියක් දකින්න ලැබෙන්නෙ. මේව එසෙ මෙසේ ඝාතන නෙවෙයි. මේ සිද්දියෙන් පස්සෙ මෙයා ගෙදර ගිහින් අම්මට මේ ගැන කියනවා. මෙයාගෙ අම්මට හැබැයි ඒව පැහැදිලි කරන්න අවස්ථාවක් හම්බවෙන්නෙ නැ. මොකද ක්ලැරීගෙ අම්මා කවය කියන සංවිධානයේ හිටපු කෙනෙක්. මෙයා ඒකෙන් පැනල ඇවිත් හැංගිල හිටියත් අවසානයේ ඔවුන් ඇයව හොයා ගන්නවා. ඔවුන් ඇය පස්සෙන් එන්නෙ මරණීය කුසලානය නමින් හදුන්වන බදුන හොයා ගෙන. ඒ නිසා ක්ලැරීගෙ අම්මා ඇයව ද්වාරයක් හරහා ලූක් ඉන්න තැනට යවනවා. කවයේ සාමාජිකයින් ක්ලැරීගෙ අම්මව හොයාගන්න කලින් ඇය වස පානය කරනව. ඒනිසා ඔවුන්ට ඇගෙන් මරණීය කුසලානය ගන්න බැරි වෙනවා. ඒ වුනත් ඔවුන් එයව අරගෙන යනවා. ක්ලැරී ලූක් ලගට ගියත් එතනදි මෙයාට ඇහෙන දේවල් එක්ක මෙයාට ලූක්ව විශ්වාස නැතිවෙනවා. එතනින් එලියට ගියාට පස්සෙ ක්ලැරීට මුලදි වුන ඝාතන කල කොල්ලෙක් මුන ගැහෙනවා. ඇත්තම කිව්වොත් ඔහු ඇයව හොයා ගන්නවා. පස්සෙ ඔහු ක්ලැරීව ඔවුන්ගෙ මූලස්තානයට එක්කගෙන ගිහින් ඔවුන් කව්ද, ඔවුන්ගෙ රාජකාරිය මොකක්ද, එතකොට ක්ලැරී කියන්නෙ කව්ද, කියන හැම දෙයක්ම කියල දෙනවා. ඉන් පස්සෙ මෙයාට ඉසී, ඇලෙක්, මෙයාව හොයාගත්ත තරුණයා ජේස්, යන අය මෙයාගෙ යාළුවො වෙනව.
පස්සෙ මෙයා ගන්නවා වැලන්ටයින් කියන කෙනා තමයි මෙයාගේ අම්මව පැහැර ගත්තෙ කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි ක්ලැරීගෙම තාත්තා. හැබැයි මෙ කාටවත් කුසලානය නම් හොයා ගන්න බැරි වෙනවා.ඒත් ක්ලැරී කුසලානය හොයන එක නවත්වන්නෙ නැ. මොකද කුසලානය තමයි මෙයාගෙ අම්මව බේර ගන්න තියෙන එකම විදිහ. කුසලානය හොයන්න ගිහින් මෙයාල ලොකු කරදර වල පැටලෙනවා. වතාවක් සයිමන්ට මැරෙන්න පවා සිද්ද වෙනවා. ඒ වැම්පයර් කෙනෙකුගෙ පහර දීමක් නිසා. ඒත් ඉතින් ක්ලැරී තමන්ගෙ හොදම යාළුවාව ආපහු ගේන්න තීරණය කරනවා. ඒත් ඔහු කලින් හිටපු සයිමන් නම් වෙන්නෙනැ. ඔහුත් පැම්පයර් කෙනෙක් බවට පත් වෙනවා. අහ් ලූක් ගැන කියන්න අමතක වුනා, ලූක් කියන්නෙ ක්ලැරීගෙ අම්මා ඒ කියන්නෙ ජොසලින්ගෙ හොදම යාළුවා. මෙයා හැම වෙලේම ක්ලැරි ගැන සෙවිල්ලෙන් ඉන්න කෙනෙක්. ක්ලැරීයි සයිමනුයි ඇලෙක් තුන්දෙනා කුසලානය හොයන්න ගිය වෙලාවක වෘකයෝ සයිමන්වයි ක්ලැරීවයි පැහැර ගන්නවා. මෙයාලය බේර ගන්න එන්නෙ ලූක්. එතනදි තමා ලූක් වෘකයෙක් කියල දැනගන් නෙ.මෙයා ඇල්ෆාව මරල කට්ටියව බේර ගන්නවා. එතනදි ලූක්ට ගොඩක් තුවාල වෙනවා ජේස් සහ ක්ලැරී ලූක්ව මැග්නස් කියන මායාකාරය ලගට අරන් යනවා. කොහොමහරි කස්ටිය මෙයාව හොද කරගන්නවා. කවුරුත් දන්නවනේ වෘකයන්ගෙ ඇල්ෆව මරපු කෙනා රැලේ ඇල්ෆා වෙනව කියල.ඊට පස්සෙ ලූක් රැලේ නායකය වෙනවා. කොහොම හරි මෙයාල මරණීය කුසලානය හොයා ගන්නවා. ඒකට මෙලිඔර්න් කියන කෙනා උදව් කරනවා. ආයෙ ඉතින් මෙලිඔර්න් ගැන කියන්න ඕන නෑනෙ. කට්ටියම දන්නව. මෙයත් නිකන් උදව් කරනනෙ නැ. මෙයා උදව් කරන්නෙ මෙයාව බේරගත්ත නිසයි. ඒක කරන්න ගිහින් ඉසීට නඩුවකුත් වැටෙනවා. කොහොමහරි මෙලිඔර්න්ගෙ උදව්වෙන් වැලන්ටයින් ඉන්න තැනට ගියත් ඒ වෙනුවට හම්බවෙන්නෙ ජේස්ගෙ තාත්තා. ඒ කියන්නෙ මයිකල් වේලන්ඩ්. හැබැයි මෙයා ගැන ක්ලැරීට සැක හිතුනත් කාටවත් කියන්නෙ නැ. කොහොමහරි හරි අවසානයෙ දැන ගන්නවා මයිකල් විදිහටත් ඉදල තියෙන්නෙ වැලන්ටයින්ම තමා කියල. ඒකියන්නෙ ජේස්ගෙ තාත්තත් වැලන්ටයින්. ඒ කියන්නෙ ක්ලැරී ජේස්ගෙ නංගි. ඒකටනම් මූට හෙන අවුල්. මොකද ජේස් ක්ලැරීට ආඅදරය කරන නිසා. කොහොමහරි මෙයාල ජොසලින්වත් හොයාගන්නවා .ඒත් ඇය මුලදි වස පානය කරපු හින්දා ඇයව ඇහැරවන්න ලේසි නැ. ඒකට ශ්වේත ග්‍රන්තය කියන පොත ඕන වෙනවා. ඒක හොයා ගන්න මැග්නස්ගෙ හොදම යාළුවෙක්වෙන රැග්නර් ලගට යනවා.ඒත් ඔහු ලගත් මේ පොත නැ. එතනදි යක්ෂයෙක්ගෙ පහර දීමක් නිසා රැග්නර්ව මැරෙනවා. කොහොමහරි මෙයාගෙ දේවල් පාවිච්චි කරලා පොත අයිති කෙනාව හොයා ගන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි කැමිල්. මෙයා තමා සයිමන්ව මැරුවෙ. ඒ වැරැද්දට මෙයාව හිර කරලයි තියෙන්නෙ.ඔහොම තමා කලින් කොටස් ටිකේ සිද්ද වුන දේවල් වල සාරාංශය. මේ කතාව පුරාවටම ක්ලේව් කියන නම කියවුනත් එහෙම කෙනෙක් චරිතයක් විදිහට නම් පේන හිටියෙ නැ. අවසන් කොටස ගැන මොකුත් කියන්න යන්නෙ නැ. බලලම ඉන්න.
මේ කතාවෙ මුල් කොටස් 4 ට ප්‍රණීත් රණසිංහ සහෝ තමා උපසිරැසි දාල තියෙන්නෙ. ඒ කියන්නෙ ඒ සහෝ නිසා තමයි මේ කතාව ඔයාලට බලන්න පුළුවන් වුනේ. ප්‍රණීත් සහෝට ස්තුති කරන ගමන් Shadowhunters the mortal instruments පළමු කතා මාලාව තුල මගේ වැඩ කොටස ඉවර කරනව. එහෙනම් දිගටම බයිස්කෝප් එක්ක රැදිල ඉන්න.
මේ කතා මාලාවෙ 2 වනි සීසන් එකක් එනවා කියල ප්‍රකාශ කරල තියෙනවා. ඒත් දිනයක් නම් මම දන්නෙ නැ.
ජය වේවා!
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
Shadowhunters S01E13 WEBRip x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,098 downloadsDownload Shadowhunters.S01E13Baiscopelk.com_.rar25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
27 comments
Isuru
Harsha Dananjaya
great job. patta. good story. digatama sub denna. obata jaya
Gathsara Umesh Kumara
sab ekata bohooma sthuuthiy sahoo..meke comment adu unaat eka digata meka karagena giyaatan ouuata bohooma pio ayya..2th awoth oyaama denna
Lakhishitha Mathngadeera
thanx saho :D
Udara Damith B\K
ගොඩක් ස්තුතියි.දෙන්නටම මුල් කොටස් ටික බලලා ගොඩාක් කල් හිටියා අනිත් කොටස් ටික බලන්ඩ ..
කොහොම උනත් පලවෙනි සමය ඉවර වෙනකන් සිංහල උපසිරස දුන්නට ස්තුතියි.Pradeep M Gamlath
එල එල මචං තැන්කු..!!!
Kalum Ekanayaka
තෑක්ස් සහෝ මේක ඉවර වෙනකම් කරාට,. එල එලම. ඊලග එකෙන් ආපහු හම්බෙමු,. ජය
Tharindu
Mr robot s02 sub danawada
kavinda
පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
devinda
Elama tama bro.math horenma bagena giya sub tika.Romba thx mcn.keep it up.
කවීන් ලහිරු
…………………
සිංහල උපසිරැසියට ස්තූතියි
………………..මග නැවතිලා හුග දවසක් මේ කතාමාලාව අවසානයක් දක්වා අරගෙන ආවට ගෝඩාක් ස්තූතියි සහෝ
තවත් උපසිරැසකින් ඉක්මනටම හමු වෙමු
෴ජය වේවා෴රයන් ද සිල්වා
බොහොම ස්තූතියි බ්‍රෝ,. එළම සබ් එකට...
නැවත අලුත් කතාමාලාවකින් හමු වෙමු
මලිත් සංදීප
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
මේකේ 2 වන කාතා මාලාවටත් ආපු ගමන් සබ් දාමු කොල්ලෝ
sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
උදාර දිල්ශාන්
කිසිම ලාභ ප්‍රයෝජනයක් නොබලා අපි වෙනුවෙන් දරන මහන්සිය අගය කරනවා.
මේකෙන් නොනැවතී සබ් කරමු සහෝ
බොහොම ස්තූතියි....
ජය වේවාMr. Robot සීසන් 2 කට සබ් කරන්න කවුරුවත් නැද්දෝ.....
Malindu
thanks broooo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සජීවි
මේ කතාවට සබ් දුන්නට දෙන්නටම ගොඩක් ස්තූතියි.
දැන් ඉතින් බලන්න ඉතිරිවෙලා තිබුණ ලැයිස්තුවෙන් මේක අයින් කරන්න පුළුවන්.Hima Bene
මුලින් හිතුවෙ නෑ මේක මෙච්චර ලස්සන ඇති කියල. බලන්න එකක් නැති වුණ නිසයි බැලුවෙ. දැන් හිතෙනව බැලුවෙ නැත්නම් අපරාදෙ කියල.
ලස්සනට සබ් කරල තිබ්බා. ගොඩක් ස්තූතියි. දිගටම සබ් කරන්න සුභ පතනවා.Himaru
thanks machooo
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pasindu Malshan
thanks bro.... :) (y)
Nala
Thanks bro..
Deshani
series akema subtitles download kala aka parinma.
thank youdamruwan
TNx 4 @ll sub bro
tharindulk95
thank u mcho
Dilshan
මෙකෙ සබ් එක සෙට්වෙන් නැනෙ..... SRT file එකක් නැද්ද... නැත්තම් PSA webrip එකට සබ් එකක් දෙන්නකො
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks meka iwara karata puluwanam quntico series eke ithuru kotas tikath denna