ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වන කතා සමයේ තුන්වන කොටස.. පොඩි ආරාධනාවක් කරනව මේ කතා සමය එක්ක රැඳිල හිටපු පරණ යාළුවන්ට.. මේ කතා සමය වෙනස් වගේම සෑහෙන ආස හිතෙන විදියට නිර්මාණය කරල තියෙනව.. ඒ නිසා පුළුවන් නම් ආයෙත් සෙවනැලි දඩයම පටන් ගන්න කියල ආරාධනා කරනව.. හරි පරණ කොටස පොඩ්…

ආයුබෝවන් යාළුවනේ…!
මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වන කතා සමයේ තුන්වන කොටස.. පොඩි ආරාධනාවක් කරනව මේ කතා සමය එක්ක රැඳිල හිටපු පරණ යාළුවන්ට.. මේ කතා සමය වෙනස් වගේම සෑහෙන ආස හිතෙන විදියට නිර්මාණය කරල තියෙනව.. ඒ නිසා පුළුවන් නම් ආයෙත් සෙවනැලි දඩයම පටන් ගන්න කියල ආරාධනා කරනව..
හරි පරණ කොටස පොඩ්ඩක් මතක් කරගමු එහෙනම්… ඔයාලට මතකනම් කලින් කොටසෙදි ඔයාල දැක්කනෙ මැග්න්ස්ගෙ උසස් මායාකාර තනතුර මාරු වෙනව ලොරෙන්සෝ රේ කියල කෙනෙකුට.. හැබැයි ඉතිං මැග්නස් වගේ නං නෙවෙයි මහ උද්දච්ච මනුස්සයෙක්.. ඒ වගේම එතනදි එල්ල වුණු යක්ෂ ප්‍රහාරය ගැන මැග්නස්, ඇලෙක් දෙන්න පොඩි ගේමක් ගහල හොයාගන්න විදිය දැක්කනෙ.. ඒ අතරෙ සිලී රැජිණ කරපු මොකද්දෝ හණ ගැහීමක් නිසා දැන් සයිමන්ට අමුතු බලයකුත් ලැබිල තියෙන්නෙ.. ඒක ටිකක් විනාශකාරී බලයක්.. තව පොඩ්ඩෙන් ග්ලෙන් කියන අර ලූක්ගෙ ගෝල හාදය මැරිල යනව ඒක නිසා..
අද කතාවෙන් නම් ඇස් අදාහාගන්න බැරි දෙයක් තමයි එළි වෙන්නෙ, ඇත්තටම කිව්වොත් නියම කතාව පටන් ගන්නෙ අද තමයි.. අද ඉඳල එන කතාව සෑහෙන ලොකු වෙනසක් කරාවි කියල මට හිතෙනව.. ඒ වගේම අද රෆායෙල්ට (“වැම්පයර් කොලුවට”) ගොඩාක් දුක හිතෙන සිදුවීමකට මූණ දෙන්නත් වෙනව… ඔයාලට මතකනෙ අර බකමූණු මූණක් තියෙන අමුතු යකා මිනිස්සු භූතාවේශ කරනව.. මේ කොටසෙදිත් ඔන්න මේ බකමූණු මූණ මෝර්ගන් කියල කෙල්ලෙක්ව භූතාවේශ කරන්න හදනව.. මුලදි මේ කෙල්ල කොහොම හරි ගම්මිරිස් ප්‍රහාරයක් දීල යකාගෙන් බේරිලා පැන ගන්නව.. මේ භූතාවේශ සීන් එක ලොකු අවුලක් වේගෙන එන නිසා මේ යකා කවුද කියල හොයන්න ජේස්, ක්ලැරී, ඉසී තුන්දෙනා යනව… මාර කේස් එක, බලන්නකො කවුද ඒ බකමූණු මූණ කියල.. ඒ කවුද කියල දැනගත්තම කට්ටියගෙ ඇස් උඩ යාවි.. එයා තමයි……….? එක්කො බලලම දැනගන්නකො.. එහෙනම් ඊලඟ කොටසින් මොනව වේවිද කියල බලමු… ගිහින් එන්නම්…
බයිස්කෝප්වාසීන්ට ජය වේවා….!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,314 downloadsDownload Shadowhunters-S03E03.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
12 comments
sachintha
sachintha
උපසිරැසිය බාගත කරන ගමන් අදහසක් දක්වලා යන්න පුලුවන් නම් ලොකු දෙයක්...
යලුවා මහන්සි වෙලා කරන දෙයනේ පොඩි හරි ඇගයීමක් කරලා යනවා නම් වටිනවා...geeganagamage
බොහොම ස්තුතියි කියන්න වචන නැහැ උපරිමයි
Udara Damith Dissanayaka
සිංහල උපසිරැසියට ස්තූතියි
එල
මේක වැඩිය බලන එකක් නෙමෙයි
එහෙම උනාට මන් නම් බලනවාsuranuwan
thanks bro......
Randi
ඔන්න දැන් තමයි කතාවේ සුපිරිම ටික පටන් ගන්නෙ. බොහොම ස්තූතියි උපසිරැසියට. මේකට සබ් එක දිගටම දෙන්න. නවත්තන්න එපා. ස්තූතියි.
lahiru sadaruvan
thank you so much aiye
Snake_Eye
තැන්කූ බ්‍රෝ.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
දිගටම දෙමු...MAALnath
Thanks .................good luck .................
Sandarunimsara
Sub ekata thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය