ආයුබෝවන් යාළුවනේ…! ඔන්න අරගෙන ආව සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වෙනි කතා සමයේ හතරවෙනි කොටස… දැන්නම් කතාව ගොඩාක් උණුසුම් මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ.. මම කෙටියෙන් කියන්නම් දැන් එක එක චරිතෙ පත්වෙලා තියෙන තත්වය.. එතකොට බලාගෙන යන අයට ඒක පහසුවක් වෙනවනෙ.. ක්ලැරී – ක්ලැරීට නම් විශේෂ මොකුත් දෙයක් වෙලා නෑ.. හැබැයි ක…

ආයුබෝවන් යාළුවනේ…! ඔන්න අරගෙන ආව සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වෙනි කතා සමයේ හතරවෙනි කොටස… දැන්නම් කතාව ගොඩාක් උණුසුම් මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ.. මම කෙටියෙන් කියන්නම් දැන් එක එක චරිතෙ පත්වෙලා තියෙන තත්වය.. එතකොට බලාගෙන යන අයට ඒක පහසුවක් වෙනවනෙ..
ක්ලැරී – ක්ලැරීට නම් විශේෂ මොකුත් දෙයක් වෙලා නෑ.. හැබැයි ක්ලැරී මේ කතා සමයෙදි එයාගෙ සුරදූත රූනය අරගත්ත වගේම එයාගෙ අනන්‍ය ආයුධය තෝර ගත්ත.. ඒ සිරියන් (කෙටි කඩු) දෙකක්.. එකක් එයාගෙ තාත්ත වැලන්ටයින්ගෙ, අනික අම්ම ජොස්ලින්ගෙ.. ලූක්ට අනුව නම් ඒකෙන් අදහස් වෙන්නෙ ක්ලැරීගේ ආත්මයේ තැන්පත් වෙලා තියෙන සමබර “ආලෝකය සහ අන්ධකාරය..”
ජේස් – ජේස් තමයි මෙතන ලොකුම ප්‍රශ්නෙට මූණ පාල ඉන්නෙ.. මතකයිනෙ.. දෙවනි කතා සමයෙ අවසානෙ වැලන්ටයින් ජේස්ව මැරුව.. ඒකට තරහ ගියපු ක්ලැරී වැලන්ටයින්ව මරල දැම්ම.. ඒ වගේම රසීයෙල් කියන සුරදූතයගෙන් ලැබුණු එකම වරය භාවිතා කරල ජේස්ව මරණෙන් නැගිට්ටෙව්ව.. ඊට පස්සෙ අර යක්ෂ අම්මණ්ඩිගෙ බලපෑම නිසා දැන් ජේස් “බකමූණු මූණ” වෙලා ඉන්නෙ.. එයා යක්ෂ අම්මණ්ඩිගෙ ඕන එපාකම් ඉෂ්ට කර කර මිනිස්සු භූතාවේශ කරනව.. ඒ මදිවට දැන් ජේස්ට තමන් කියන කරන දේවල් ගැන මතකයකුත් නෑ…
සයිමන් – සයිමන් දෙවනි කතා සමයෙදි දවල් කාලෙ ඇවිදින්න පුළුවන් බලයකුත් ලබාගෙන හොඳට හිටපු කොල්ල, මායගෙ ජීවිතේ බේර ගන්න ඕන නිසා සිලී රැජිණ එක්ක ගිවිසුමක් ගහනව.. දැන් සිලී රැජිණ කැඳෙව්වොත් සයිමන් එයාව හමු වෙන්න යන්න ඕනෙ.. ඒ වගේම සිලී රැජිණ සයිමන්ගෙ නළලෙ මොකද්දෝ පච්චයක් කෙටුව දැක්කනෙ.. සිලී රැජිණට අනුව නම් ඒ කරපු පූජාකර්මය කළාට පස්සෙ බේරෙන්න පුළුවන් දිවාචරයන්ට විතරයි.. ඔන්න ඒ පූජාකර්මයෙන් පස්සෙ සයිමන්ට අමුතු බලයකුත් ලැබිල තියෙනව.. ඒ නිසා මිනිස් වෘකයො සයිමන් එක්ක හැප්පෙන්න ඇවිත් ඇටකටු, අස්ථි කඩාගන්නව.. මේ හේතුව නිසා ලූක්ගෙ ඉල්ලීමකට අනුව සයිමන් හිටපු තැනින් අයින් වෙලා අලුත් තැනක් හොයාගෙන යනව..
ඉසී සහ ඇලෙක් – මේ දෙන්න නම් දෙන්නගෙ වගකීම් අකුරටම කරගෙන ඉන්නව.. ඇලෙක්ට ඇලිකන්ටේ වල අලුත් තනතුරක් ලැබුණත් මැග්නස්ව දාල යන්න බැරි නිසා වැඩේ අතෑරල දානව.. ඉසී සාමාන්‍ය විදියට අකුරට වැඩ.. දැන් ඉසී සම්පූර්ණයෙන්ම යින්-ෆින් වලින් මිදිල ඉන්නෙ..
මැග්නස් – මැග්නස් එයාගෙ උසස් මායාකාර තනතුර “රේ” කියල කෙනෙකුට පවරල දැන් නිදහසේ ඉන්නෙ.. හැබැයි ඉතින් අර යක්ෂ අම්මණ්ඩිගෙ ප්‍රහාර ගැන හැම දේම හොයාගන්න කට්ටියට ඕන කරන මායාකාරී උදව් ලැබෙන්නෙ මැග්නස්ගෙන් තමයි..
රෆායෙල් – රෆායෙල් මේ දවස්වල එකම ගාණට දිවාචරයෙක් වෙන්නෙ කොහොමද කියල පරීක්ෂණ කරනව.. ඒකට මෙයා කෙල්ලෙක්ව වැම්පයර් කෙනෙක් කරගෙන පරීක්ෂණ කරනකොට මේ කෙල්ල කොහොම හරි ඩූමෝර්ට් (වැම්පයර් ගුහාව) වලින් පැනගෙන රෆායෙල්ට මාර වද දීමක් දෙනව.. ඒක වෙන්නෙ අද කොටසෙ.. ක්ලැරී, ඉසී දෙන්න නිසා රෆායෙල් යන්තමට ජීවිතේ බේර ගන්නව… ඒ අතරෙ රෆායෙල්ට ඉතුරු වෙලා හිටපු එකම නෑදෑය “රෝසා” පහුගිය කොටසෙ මැරුණ කියල මතකයිනෙ..
කයිල් – මේ තමයි අද කතාවෙන් එළි බහින අලුත්ම චරිතෙ.. ලූක්ගෙ ඉල්ලීමට අනුව සයිමන් හිටපු තැනින් අයින් වෙලා ගිහින් සෙට් වෙන්නෙ මේ හාදයට.. ඒක අහඹුවක්ම නෙවෙයි කියලත් මට නම් හිතෙනව.. ඒ වගේම මේ චරිතෙ, සයිමන්ගෙ චරිතෙ එක්ක ගැටෙමින් ඉස්සරහට යාවි වගේ.. කයිල්ගෙ චරිතෙට පණ පොවන්නෙ අපි හැමෝම දන්න චරිතයක්.. “The 100” කතා මාලාව බලපු අය මෙයාව දන්නව.. ඒකෙ තුන්වෙනි සහ හතරවෙනි කතා සමයන් වලදි හමු වෙන “ඔක්ටේවියා” එක්ක පෑහෙන හාදය “ඉලියන්” තමයි මේකෙ “කයිල්” විදියට ඉන්නෙ.. බලමු ඉස්සරහට මෙයාගෙන් මොන වගේ බලපෑමක් කතාවට වේවිද කියල..
හරි දැන් කලින් සතියෙ වුණු දේවල් ගැන සහ මේ සතියෙ වෙන දේවල් ගැන පොඩ්ඩක් බලමු.. ගිය සතියෙ අපිට දැනගන්න පුළුවන් වුණා මිනිස්සු භූතාවේශ කර කර ඇවිදින්නෙ වෙන කවුරුවත් නෙවෙයි ඒ ජේස් කියල.. හැබැයි ජේස් ඇත්තටම දන්නෙ නෑ තමන් තමයි “බකමූණ” කියල.. යක්ෂ අම්මණ්ඩිට ජේස්ව පාලනය කරන්න පුළුවන් වෙන්නෙ ජේස් නින්දෙන් ඉන්න අතරෙ විතරයි.. අවදියෙන් ඉන්නකොට යක්ෂ අම්මණ්ඩිට ජේස්ව පාලනය කරන්න බැරි ඇයි කියල අද කොටසින් දැනගන්න පුළුවන්.. මේ අතරෙ රෆායෙල් අර හිර කරගෙන හිටපු කෙල්ල එළියට පැනගෙන ලොකූ ජෝගියක් නටනව.. තව පොඩ්ඩෙක් රෆායෙල්ට වෙන්නෙ අමුවෙන් පිච්චිලා මැරෙන්න.. මේ එළියට පැනල ජෝගි නටන වැම්පයර් කවුද කියල හොයාගෙන අද ක්ලැරී, ඉසී දෙන්න මෙහෙයුමකට යනව.. ඒ වගේම දැන් ජේස්ට තමන් කරන කියන දේවල් මතක නෑ.. ජේස් ඇලෙක්ගෙන් දැනගන්නව ජේස්ගෙ අම්ම සෙලීන්ට මානසික රෝගයක් තිබුණ කියල.. ඇලෙක් ඒ ගැන එළි කලාට පස්සෙ ජේස් ලූක්ව හමු වෙලා එයාගෙ අම්මගෙ අතීත විස්තර දැනගන්නව.. මේ ඔක්කොම හේතු නිසා ජේස්ගෙ තත්වෙ නම් අන්තෙටම නරක් වෙලා තියෙන්නෙ.. බලමුකෙ ඉස්සරහට මොනව වේවිද කියල.. එහෙනම් ඉතිං ඊලඟ කොටසින් හමු වෙන්න බලාපොරොත්තුවෙන් සමුගෙන යන්නම්..
බයිස්කෝප්වාසීන්ට ජය වේවා….!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,315 downloadsDownload Shadowhunters-S03E04.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
12 comments
Rasindu Perera
dsdkavishka
Thenks bro sub ekata
geeganagamage
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි……………..ජය වේවා
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයlahiru sadaruvan
thank you so much brother...
Randi
සිංහල උපසිරැසියට ස්තූතියි. ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....
suranuwan
thanks bro....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Snake_Eye
තැන්කු බ්‍රෝ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ..................good luck ..................
Sandarunimsara
Sub ekata thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....